කෝටි ගණනක මැණිකට විදලා රට පැනලා: දැන් ‘ජාති ආලේ’

කෝටි ගණනක මැණිකට විදලා රට පැනලා: දැන් ‘ජාති ආලේ’

මීට වසර ගණනාවකට ඉහතදී පොදු රාජ්‍ය මණ්ඩලයීය සංස්කෘතික ප්‍රදර්ශනයකට ගෙන ගිය රු. කෝටි ගණනක් වටිනා මැණිකක් සමඟ අතුරුදන් වූ බව කියන පුද්ගලයකු විදේශ රටවල සිංහල සංවිධාන හා එක්ව සමාජසේවා කටයුතුවලට සම්බන්ධ වී ක්‍රියා කරන බවට රජයේ බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමට ඇපකැපවී ක්‍රියා කළ බව කියන මේ පුද්ගලයා මේ වනවිටත් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමේ අරමුණ ඇතිව මෙසේ සිංහල සංවිධානවලට සම්බන්ධවී ක්‍රියා කරමින් සිටින බවද පැවසේ. මොහු දැනට අමෙරිකාවේ පදිංචිව සිටින බවටද තොරතුරු ලැබී ඇත.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් පොදු රාජ්‍ය මණ්ඩලයීය සංස්කෘතික ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ ඉහත කී මැණික සමඟ මොහු අමෙරිකාවට පළාගොස් ඇතිබව කියයි.

ඒ අවධියේ රු. කෝටි පහක් පමණ වටිනාකමින් යුතු එකී මැණික සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහු සැකපිට අත්අඩංගුවට ගැනීම පිණිස රහස් පොලීසිය පුළුල් පරීක්ෂණයක් සිදු කළද ඒ වනවිට සැකකරු රටින් පැනගොස් සිටි හෙයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා