මුද්‍රණය සඳහා

 
එස්. ඕ. එස්. පාපන්දු තරගාවලිය අද සහ හෙට

එස්. ඕ. එස්. පාපන්දු තරගාවලිය අද සහ හෙට

අනුරාධපුර එස්. ඕ. එස්. ළමා ගම්මානය පස්වැනි වරටත් සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ බාලක බාලිකා පාපන්දු තරගාවලිය මේ මස 29 – 30 යන දිනවලදී අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ පාපන්දු තරගාවලිය සඳහා දිස්ත්‍රික්කයේ පාසල් 30ක් සහභාගී වීමට නියමිත බව එස්. ඕ. එස්. ළමා ගම්මානයේ අධ්‍යක්‍ෂ කීර්ති හෙට්ටිආරච්චි මහතා පැවසුවේය. ජයග්‍රාහී කණ්ඩායමට සූරතා කුසලානය සමඟ සහතිකපත් සහ ක්‍රීඩා ඇදුම් කට්ටල පිරිනැමීමට නියමිතය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]