මුද්‍රණය සඳහා

 
මහරගම-දෙහිවල බසයක තිබී ටී-56 උණ්ඩ 23ක් සොයා ගෙන

මහරගම-දෙහිවල බසයක තිබී ටී-56 උණ්ඩ 23ක් සොයා ගෙන

දෙහිවල පොලිසිය මගින් ඊයේ (28) උදේ ක්ෂණික මාර්ග බාධකයක් යොදා සිදුකළ මෙහෙයුමකදී මාර්ග අංක 119 මහරගම - දෙහිවල පෞද්ගලික බස් රථයක් තුළ තිබියදී ටී 56 උණ්ඩ 23 ක් සොයාගෙන තිබේ.

සැකකරුවන් කිසිවකු එහිදී අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් සොයා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මේ අතර කන්තලේ තඹලගමුව කෝවිල්අඩිවෙම්බු ප්‍රදේශයේදී ඊයේ (28) උදේ පොලිසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී ජේ. ආර්. වර්ගයේ අත්බෝම්බ 2ක් සොයාගෙන තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]