මුද්‍රණය සඳහා

 
ව්‍යායාමවලින් පුරස්ථි ග්‍රන්ථි පිළිකා අඩුවන ලකුණු

ව්‍යායාමවලින් පුරස්ථි ග්‍රන්ථි පිළිකා අඩුවන ලකුණු

නිතිපතා ව්‍යායාමයන් හි යෙදීමෙන් පුරස්ථිග්‍රන්ථි පිළිකා අවදානම අවම කැරගත හැකි බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. පිරිමින් 190 දෙනකුගේ පුරස්ථි ග්‍රන්ථි ජීව පටක පරීක්ෂාවෙන් පසු විශ්ලේෂකයින් මේ නිගමනයට පැමිණි බව “යුරෝලොජි” සඟරාවේ පළව ඇත.

අමෙරිකාවේ ඩියුක් සරසවි වෛද්‍ය කේන්ද්‍රයේ පර්යේෂකයන් ප්‍රකාශ කැර ඇත්තේ සතියකට පැය කීපයක් නිතිපතා මධ්‍යස්ත වේගයකින් ඇවිද යන පුද්ගලයන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇති වීමේ අවදානම හීන වන බවය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]