හම්බන්තොට ජාත්‍යන්තර වරායේ
දෙවැනි අදියර........


හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ඉදිකිරීම් කටයුතුවල දෙවැනි අදියර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (07) ආරම්භ කැරිණි. එහිදී ඩොලර් මිලියන 765ක වියදමක් දරා ඉදිකැරෙන තෙල් ටැංකි 14ක ගබඩා සංකීර්ණයේ සමරු ඵලකය ජනාධිපතිතුමා අතින් නිරාවරණය කැරුණු අවස්ථාවයි මේ. හම්බන්තොට වරාය ලහිලහියේ ඉදිකැරෙමින් පවතින අයුරුද මෙහි දැක්වේ.

ඡායාරූප – කමල් ජයමාන්න






දකුණු පළාත් සභා
මන්ත්‍රීධුර 53න් 40ක්ම සන්ධානයට

අලුත්ම සමීක්‍ෂණ වාර්තාවක් හෙළි කරයි

දකුණු පළාත් සභාවේ මන්ත්‍රී ධුර 53න් 40ක ජය නියත වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වන බව සමීක්‍ෂණ වාර්තාවලින් හෙළි වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

විස්තර »

තෙල් ගබඩා සංකීර්ණයේ
ඉදිකිරීම් කටයුතු ඇරැඹේ

දකුණු ආසියා කලාපය ඉක්මවා ආසියා කලාපයේම සවිමත් ආර්ථික හැකියාවක් සහිත යෝධයා බවට ශශ්‍රී ලංකාව පත්කිරීමේ සිහිනය සැබෑ කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 765ක වියදමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශි‍්‍රතව තෙල් ගබඩා සංකීර්ණය හා පරිපාලන ගොඩනැඟිල්ල ඉදිකිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (07) මුල්ගල තැබුවේය.

විස්තර »

මොනම බලවතකුටවත්
මවුබිම පාවා දෙන්නේ නෑ

අපි ලෝකයේ කිසිම රටක් සමග තරහා නැහැ. කිසිම රටක් ඉදිරියේ දණ නමන්නේත් නැහැ. මේ ලෝකයේ තිබෙන උතුම්ම රට අප මවුබිමයි. මොනම බලවතෙකුටවත් මවුබිම පාවා දෙන්නේ නැහැ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එසේ ප්‍රකාශ කෙළේ දකුණු පළාත් සභාවට තරග වදින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායමේ ජයග්‍රහණය සහතික කිරීමේ අවසාන මහා විජයග්‍රාහී රැළිය ඊයේ (07) සවස හම්බන්තොට, සූරිය වැව මුවන්පැලැස්ස ක්‍රීඩංගණයේ දී පැවැති අවස්ථාවේදීය.

විස්තර »

රුපියල් කෝටි 25000ක ආයෝජනයෙන්
හම්බන්තොට වරායේ කර්මාන්ත පුරයක්

රුපියල් කෝටි 25,000කට අධික මුදලක් ආයෝජනය කොට හම්බන්තොට වරාය භූ®මියේ සිමෙන්ති, පොහොර, යකඩ හා ආහාර සැකසීම ඇතුළු මහා පරිමාණ කර්මාන්ත ඇරැඹීමට සුප්‍රකට විදේශ ආයෝජකයෝ පිරිසක් මෙරටට පැමිණ සිටිති.

විස්තර »

යුද හමුදා ධජය
රටේ එක්සත් බවේ සංකේතයයි

- අගරදගුරු

යුද හමුදා ධජය මේ රටේ එක්සත් භාවයේ සංකේතයක් වන බවත් යුද්ධය ජයග්‍රහණය කළ රණවිරුවන් වීරයන් සේ සැළකිය යුතු බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපණෝ පැවැසූහ. ජාති භේද ආගම් භේද පසෙක ලා අප සියලු දෙනා එක් ව මේ රට සංවර්ධනය කරා ගෙන යාමට කටයුතු කළ යුතු බව ද පියතුමන් අවධාරණය කළහ. ශ්‍රී ලංකා යුද හමුදාවට වසර හැටක් පිරීම නිමිත්තෙන් යුද හමුදා ධජවලට ආශිර්වාද පැතීම සඳහා ඊයේ (7) සවස කොළඹ බෞද්ධාලෝක . . . .

විස්තර »

විපක්ෂ නායකට හදිසි කැක්කුමක්

විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාට හදිසියේම අවතැන් වූවන් ගැන කැක්කුමක් ඇතිවී ඔවුන් ඉක්මනින්ම පදිංචි කරන්නැයි ඉල්ලා ඇත. එසේ නම් වේළුපිල්ලේ ප්‍රභාකරන් සමග ඔහු අස්සන් කළ ගිවිසුමට බිම් බෝම්බ ඉවත් කිරීමේ කොන්දේසියක් ඇතුළත් නොකළේ මන්දැයි ජනාධිපති උපදේශක ඒ. එච්. එම්. අස්වර් මහතා ප්‍රශ්න කරයි.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .