‘ජාතික කියවීමේ මාසය’ ප්‍රකාශයට පත් කෙරේ

‘ජාතික කියවීමේ මාසය’ ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලාංකික ප්‍රජාව අතර පොතපත කියවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සෑම වසරකම ඔක්තෝබර් මාසය ‘ජාතික කියවීමේ මාසය’ ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

‘ජාතික කියවීමේ මාසය’ තුළ පොතපත කියවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ජාතික පුස්තකාලය ප්‍රමුඛව මෙරට සියලුම පුස්තකාලවල සහයෝගය ඇතිව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

නිමිත්තෙන් ජාතික පුස්තකාලයේ සාමාජිකත්වය වසරක කාලයක් සඳහා නොමිලයේ ලබා දීමට තීරණය කර ඇති අතර, ඔක්තෝබර් මාසය තුළ ජාතික පුස්තකාලයට පැමිණීමෙන් පමණක් එම සාමාජිකත්වය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

මේ සඳහා ඕනෑම ශ්‍රී ලාංකිකයකු හට අයදුම් කළ හැකිය. පර්යේෂණ කටයුතුවල නියුතු විද්වතුන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, ජනමාධ්‍යවේදීන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයන් හට ද මෙය මහඟු අවස්ථාවක් වන අතර, වැඩි විස්තර දුරකතන අංක 011 2674386 ඇමතීමෙන් ලබාගත හැක.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා