‘මිරිස්ස’ වෙබ් අඩවියෙන් රජයට මඩ ගැසීමේ කුමන්ත්‍රණයක්

‘මිරිස්ස’ වෙබ් අඩවියෙන් රජයට මඩ ගැසීමේ කුමන්ත්‍රණයක්

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සමීපව කටයුතු කරන දකුණේ මන්ත්‍රීවරයකු එක්සත් ජාතික පක්ෂයේ ‘මිරිස්ස’ වෙබ් අඩවිය හරහා රජයේ ප්‍රභූවරුන්ට මඩ ගැසීමට පටන් ගෙන තිබේ.

දකුණේ මැතිවරණ කාලය තුළ රටේ ප්‍රභූ®වරුන්, මැති ඇමැතිවරුන්, පිළිබඳ තොරතුරු සොයා මඩ ගැසීම් සිදු කරන ලෙසට එම මන්ත්‍රීවරයා එ. ජා. ප මාධ්‍ය ඒකකයට විශේෂයෙන් උපදෙස් දී ඇති බව මාධ්‍ය ඒකක ආරංචි මාර්ග සඳහන් කරයි.

තවද එක්සත් ජාතික පක්ෂ එම මිරිස්ස මඩ වෙබ් අඩෙවිය මෙහෙයවන පිරිස සහ ප්‍රජාතන්ත්‍රවාද සඳහා වූ සංවිධානය හෙවත්  J. D. S  සාමාජිකයන් අතර සමීප සම්බන්ධතාවක් පවතින බවට මේ වන විටත් තොරතුරු හෙළි වී තිබේ.

එම වෙබ් අඩෙවියට සහ ජේ. ඩී. එස්. සංවිධානයට තොරතුරු ලබාදෙන විශේෂ පුද්ගලයකු බුද්ධි අංශ මඟින් හඳුනාගෙන ඇති අතර ඔහු ර්‍ථ. ජ් නමැති අන්වර්ථ නාමයකින් කටයුතු කරන බව දුරකතන පණිවුඩ මඟින් සොයාගෙන තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා