මරණ දැන්වීම්

 

 

අමරතුංග වින්සන්ට් (අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු සහකාර ලේකම්) - නැසීගිය දර්ශනී අමරතුංග මැතිණියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ලතිකා හිරෝහතා, ඉන්දිරා දිසානායක, අනුෂ අමරතුංග, අසිතා අබේදීරගේ දයාබර පියාණන් වූද, මිනෝරු හිරෝහතා, අජිත් දිසානායක, චින්තන අබේදීර සහ අරෝෂිනී අමරතුංග ගේ මාමණ්ඩිය වූද, කෙනෙචි, අයකා, සඳුනි, කාවින්දි, කල්පනී, රවිඳු සහ අෂාන්ගේ ආදරණීය සීයා වූද, වින්සන්ට් අමරතුංග මහතා අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු 8 වෙනි බ්‍රහස්පතින්දා සවස 3 ට වත්තල හුණුපිටිය සුසාන භූමියේදී සිදු කෙරේ. නිවසින් පිටත්වීම සවස 2 ට. 740, හිඹුටුවැල්ගොඩ, කැලණිය.


ආචාර්ය ගනනාථ අබේගුණවර්ධන මහතා - රත්නපුරරත්නපුර පර්ගියුසන් විදුහලේ විශ්‍රාමලත් ගණිතාචාරිණී සෝමා කරුණාරත්න අබේගුණවර්ධන මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද සුරංගි අබේගුණවර්ධන ආචාරිණී ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය (පස්දුන්රට අධ්‍යාපන විද්‍යාපීඨ 17 වන කණ්ඩායම) සාරංගා අබේගුණවර්ධන අධ්‍යයන කාර්ය මණ්ඩලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉංජිනේරු පීඨය (පී.එච්.ඩී. හදාරන ජාතික විශ්වවිද්‍යාලය සිංගප්පුරුව) මාලිකා අබේගුණවර්ධන අධ්‍යයන කාර්ය මණ්ඩලය (එස්එල්අයිඅයිටී) මාලබේ, එරංගා අබේගුණවර්ධන වෛද්‍ය පීඨය විද්‍යා සහ තාක්ෂණ විශ්වවිද්‍යාලය (චිතගොන්) යන අයගේ පියාණන්වූද රම්බඩගල්ල පොලිස් ස්ථානාධිපති සංජීව බණ්ඩාරනායකගේ මාමණ්ඩියවූද හිටපු උප දිසාපති පරිපාලන සේවා නිලධාරි සහ රූපවාහිනී කවි නඩුවේ විනිසුරු චරිතයට පණ දුන් ප්‍රවීණ ලේඛක රත්නපුර පනගම විසූ ගනනාථ අබේගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු ඔක්තෝම්බර් 10 වන සෙනසුරාදා සවස 3.00 ට පනගම පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ. “සෙවන” පනගම, දෑල, රත්නපුර.


නන්දා සමරතුංග ගුරු මාතාව, ගම්පහ - නැසීගිය අධ්‍යාපන නිලධාරි ධර්මරත්න සමරතුංග මහතාගේ භාර්යාව වූද,සංජය සමරතුංග, කෞෂල්‍යා සමරතුංග (ඕස්ට්‍රේලියාව) ගේ මෑණියන් වූද, සුනිල් පෙරේරා, බී. කුලසේකර යන අයගේ නැන්දනිය වූද, පී. එම්. සමරතුංග, කලණි පෙරේරා යන අයගේ මිත්තනිය වූද නන්දා ලිලීනා පෙරේරා සමරතුංග ගුරු මාතාව අවුරුදු 82 ආයුවළඳා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2009.10.08 වන දින (බ්‍රහස්පතින්දා) ප.ව. 6.00 ට ගම්පහ කසගහවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බව සංවේගයෙන් දැනුම් දෙමු. මෙයට ශෝකයට පත් දූදරු ඥාති පිරිස. නො. 36, චිත්‍රා පාර, ගම්පහ.


විශ්‍රාමලත් විදුහල්පති, සාම විනිසුරු ඩී.ජී. වෙත්තසිංහ මැතිතුමා - එස්. කේ. ඩී. ඩී. වෙත්තසිංහ මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, ගීතා වෙත්තසිංහ, නීතිඥ හේමන්ත වෙත්තසිංහ යන අයගේ ආදරණීය පියාණන් වූද, රොහාන් වනසිංහ, කල්‍යාණි කුමාරසිංහ යන අයගේ දයාබර මාමණ්ඩිය වූද, කඩුවෙල, පහළ බෝමිරියේ විසූ මුල්ලේගම මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති සාම විනිසුරු ඩී. ජී. වෙත්තසිංහ මහත්මා අභාවප්‍රාප්ත විය. දේහය ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යාලයට භාරදීම සඳහා 2009.10.08 දින පස්වරු 1.00 ට නිවසින් පිටත්වේ. අංක 285/3, පහළ බෝමිරිය, කඩුවෙල.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා