මුද්‍රණය සඳහා

 
මැරඩෝනා ඉල්ලා අස් වෙයි

මැරඩෝනා ඉල්ලා අස් වෙයි

පේරු රාජ්‍ය සහ උරුගුවේ සමඟ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගමාලාවට සුදුසුකම් ලැබීමේ තරගවලට පසු තනතුරෙන් ඉල්ලා අස්වන බව ආජෙන්ටිනා පුහුණුකරු ඩියාගෝ මැරඩෝනා නිවේදනය කළේ ය.

සුදුසුකම් ලැබීමේ තරගවලට පස්සේ මම ජුලියෝට ආජෙන්ටිනා පාපන්දු සම්මේලනයේ සභාපති මේ සම්බන්ධව කතා කරනවා. මැරඩෝනා වාර්තාකරුවන්ට පැවැසුවේය.

මම දිගටම මේ තනතුරේ ඉන්නවා නම් කොන්දේසි ඉදිරිපත් කරනවා. ජුලියෝ මට මේ තනතුර දුන්නම ලෝකෙ ඉන්න ප්‍රීතිජනකම මිනිසා මං කියලා හිතුනා. නමුත් එදා ඉඳලා මේ වෙනකල් මං අකමැති දේවල් හුඟක් සිද්ධ වුණා. ඔහු පැවැසුවේය. ආජෙන්ටිනා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස මැරඩෝනා පත් වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]