මුද්‍රණය සඳහා

 
ග්ලුකෝෆිට් ක්‍රිකට් සික්සස් 16 දා සිට වෙස්ලි ක්‍රීඩා පිටියේ දී

ග්ලුකෝෆිට් ක්‍රිකට් සික්සස් 16 දා සිට වෙස්ලි ක්‍රීඩා පිටියේ දී

ආදි වෙස්ලි සංගමය 17 වැනි වරටත් සංවිධානය කරන ‘මංචි ග්ලූකෝෆිට් ක්‍රිකට් සික්සස් සය සාමාජික පාසල් ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 දා සිට 18 දා දක්වා බොරැල්ල වෙස්ලි ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ. සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මේ තරගාවලියට පාසල් ක්‍රිකට් කණ්ඩායම් 36ක් සහභාගී වෙති.

දිස්ත්‍රික්ක 9කින් තෝරාගත් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ පාසල් කණ්ඩායම් 9ක්ද මේ තරගාවලියට එක්වීම විශේෂත්වයකි. එම ඒකාබද්ධ කණ්ඩායම් යාපනය, අම්පාර හා මඩකලපුව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, නුවරඑළිය හා බණ්ඩාරවෙල, හම්බන්තොට, වවුනියාව දිස්ත්‍රික්ක නියෝජනය කරති. ඒකාබද්ධ කණ්ඩායම්වලට ක්‍රීඩකයන් තෝරාගැනීම ශ්‍රීී ලංකා ක්‍රිකට් දිස්ත්‍රික් සංගම් හරහා සිදු කිරීමට සැලසුම් කර ඇත.

පිලිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වෙන මේ තරගාවලියේ සූරයන්ට ‘ග්ලූකෝෆිට්’ සූරතාව ද අනුසූරයන්ට ආදි වෙස්ලි කුසලානය ද පිරිනැමේ. තරගාවලියේ සෑම අංශයක ම ක්‍රීඩකයන්ට වෙන වෙන ම කුසලාන පිරිනැමේ. පසුගිය වසරේ මේ තරගාවලියේ සූරතාව මොරටුව වෙල්ස් කුමාර විදුහල සතුවිය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]