පොලිස් වෙඩි ප්‍රහාරයකින් කොල්ලකරුවෙක් මරුට

පොලිස් වෙඩි ප්‍රහාරයකින් කොල්ලකරුවෙක් මරුට

වවුනියාව ශශ්‍රී නගර් පුත්තෝට්ටම් ප්‍රදේ්ශයේ දී කොල්ලකරුවන් පිරිසක් හා පොලිසිය අතර පෙරේදා (06) සවස ඇතිවූ ගැටුමකදී පොලිස් වෙඩි ප්‍රහාරවලින් එක් සැකකරුවකු මියගොස් තිබේ.

සන්නද්ධ කල්ලිය අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන විට පොලිසිය ගමන් ගත් යුනිකෝන් රථයකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීමට උත්සාහ කරනවිට පොලිසිය මේ සැකකරුට වෙඩි තැබූ බව වවුනියාව පොලිසිය පවසයි. මේ කල්ලියේ තවත් සැකකරුවකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කල්ලියේ තිදෙනකු සිට ඇති අතර අනෙක් සැකකරු පලා ගිය බව පොලිසිය සඳහන් කරයි.

සන්නද්ධ කොල්ල කල්ලියක් පුත්තෝට්ටම් ප්‍රදේශයේ නිවසක් කොල්ලකන බවට ලැබුණු තොරතුරු මත කළ වැටලීමකදී මෙසේ පොලිසිය හා කොල්ලකරුවන් අතර ගැටුමක් ඇතිව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී එම කල්ලිය විසින් කොල්ලකන ලද වෙනත් සිද්ධීන් ගණනාවක් පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.

සිද්ධිය පිළිබඳ වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විලී අබේනායක මහතාගේ උපදෙස් මත වවුනියාව කොට්ඨාස මෙහෙයුම් අංශය හා වවුනියාව පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා