අල්කයිඩා සියලු තිප්පොළවල් අතු ගා දමනවා

අල්කයිඩා සියලු තිප්පොළවල් අතු ගා දමනවා

ඔබාමා කියයි

අල්කයිඩා සංවිධානය කොතැනක මුල් බැස ගත්තත් එය හඹායන බවත්, එක්සත් ජනපදයට ප්‍රහාර කිරීමේ සැලසුම් සැකසිය හැකි ඔවුන්ගේ සියලු තිප්පොළ අතුගාදමන බවටත් එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා පෙරේදා සපථ කෙළේය.

වර්ජිනියා හි ජාතික ත්‍රස්ත මර්දන කේන්ද්‍රයේදී බුද්ධි අංශ විශ්ලේෂකයින් අමතා මේ බව ප්‍රකාශ කළ ඔහු එක්සත් ජනපදයට ඉදිරිදියේ ප්‍රහාර එල්ල වීමක් සිදුනොවේයැයි කිව නොහැකි අතර එවැන්නක් වළකාලීමට ජනාධිපති බලය යටතේ කළ හැකි හැම දෙයක්ම සිදුකරන බව කියා සිටියේය.

ලොව සතරදිග් භාගයේම සිට, අල් කයිඩානුවන් හා ඔවුන්ගේ අන්තවාදී මිත්‍රශීලින්, එක්සත් ජනපදයට තර්ජන එල්ල කරන බැවින් අල්කයිඩාව නිර්දය ලෙස පෙලීමට යොමුව ඇතැයි ඔබාමා පැවසීය.

අල්කයිඩාව ලොව කොතැනක සිටියත් ඔවුන් ඉලක්කකැර ගන්නා අතර ඔවුන් පසුපස හඹායාමේදී කිසිවිටෙකත් පසු නොබසින බවද ඔහු පැවැසීය.

අල්කයිඩා ජාලය එක්සත් ජනපද ජනතාවට මූලික තර්ජනයක් වී ඇති හෙයින් ඔවුන්ට බාධා පැමිණවීම පරාජයට පත් කිරීම හා විනාශ කර දැමීමට සිදුකරන මෙහෙයුම් වලින් මේ වනවිට සැලකියයුතු ප්‍රගතියක් අත්පත් කැරගෙන සිටින බවද ඔහු කීය.

අල්කයිඩා ප්‍රහාරයක් සිදුවීමට කලින් ඒවා ව්‍යර්ථ කොට අමෙරිකානු ජනතාව බේරාගැන්ම ත්‍රස්ත මර්දන කේන්ද්‍රයේ අරමුණ විය යුතුªබව පවසන ඔබාමා කේන්ද්‍රයේ සේවක පිරිස එකම කණඩායමක් බවත් ඔවුන් ගේ එකම මෙහෙයුම විය යුත්තේ අමෙරිකා එක්සත් ජනපදය සුරැකීම හා ත්‍රස්ත ක්‍රියාවලකාලීම බව කියා තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා