මහ මුහුදෙන් වැඩගන්නා ආණ්ඩුවක්

මහ මුහුදෙන් වැඩගන්නා ආණ්ඩුවක්

යග්‍රහණය, තමන්ටත් අනුනටත්, එකසේ ලැබේ නම්, එයින් කිසි වෙක් පරාජයට පත් නො වේ. එහිදී බලාපොරොත්තු වන ඉලක්කය සම්මා ‘වායාමයක්’ නම් කිසිවකුට පරාජයක් අත් වන්නට හේතුවක් නැත.

පරගැති රාජ්‍යයන් කීපයකම සූරාකෑමට ලක්ව 1948 දී කිසිම ලේ බිඳක් නොසොල්වා නිදහස ලබා ගත් බවට සමහරු පුරසාරම් දොඩති. නිදහස සඳහා මේ රටේ කොපමණ පිරිසක් ජීවිත පුජා කළා ද කියා නොදන්නා කෙනකු සිටිත් ද ?

ලෝකයේ පවතින මුහුදු මාර්ග දිගේ නැගෙනහිරට හෝ බටහිරට නැවක් ගමන් කළ යුත්තේ හම්බන්තොට මුහුදු මාර්ගයෙන්ය. මේ ගමන් මාර්ගයේ සිට ඉදි කරන වරායට ඇති දුර කි. මීටර් 10, 12, ප්‍රමාණයේ දුරකි. මේ මාර්ගයේ දිනකට නැව් 225, 175 අතර ප්‍රමාණයක් ගමන් කරයි.

නැව් වලට කොළඹ වරායට යෑමට පැය 8 ක කාලයක්ගත වේ. මේ වරාය ඉදි කිරීමෙන් පසු නැවකට ගත කරන්නට වන්නේ විනාඩි 45 ක කාලයක් එම නිසා ලෝකයේ තිබෙන වරායන් සසඳා බැලීමේදී හම්බන්තොට වරාය පිහිටා ඇති ස්ථානය ඉතාම වැදගත්ය. කාලය ඉතිරි කර තම සේවාවන් ලබා ගැනීමට ඇති පහසුම ස්ථානය මේ වරාය බව පිළිගත යුත්තෙකි.

මේ වරාය ඉදි කිරීමේදී සුවිශේෂී කාරණයක් සැලකිල්ලට ගෙන තිබේ. එය තමයි අපේ රටේ ඉංජිනේරු උපදේශකත්වය. දේශීය උපදේශන අනුවයි මේ දැවැන්ත කාර්යය ඉටු වන්නේ. ඉදි කිරීම් භාරව චයින හාබර් (චීනයේ) සමාගමයි කටයුතු කරන්නේ.

කොළඹ වරාය පමණක් නොව ගාල්ල වරායටද ඉඩ ලබා ගැනීමේ අර්බුදයක් පවතී. හම්බන්තොට වරායේ ඉදි කිරීමට අදාළ මූලික දේ ලබා ගැනීමේ විශාල පහසුකමක් පවතී. ඉඩම් හා පාරිසරික වශයෙන් හම්බන්තොට වරාය ඉදි කරන ස්ථානය ඉදි කිරීම් වලට පවතින අවහිරතා අඩු ය. වරාය ඉදි කිරීමෙන් පසු කර්මාන්ත සඳහා ඉඩම් ලබා ගැනීම හා ඉතා විශාල බහලුම් සඳහා ඉඩ කඩ ලබා ගැනීමද මෙහිදී ගැටලුවක් නො වේ.

මේ වන විට වරාය ඉදි කිරීම සඳහා ඉඩම් හෙක්ටෙයාර් 1115 ක් වරාය අධිකාරියට පවරා තිබේ. එයින් හෙක්ටෙයාර් 462 ක් ගැසට් කර ලබා ගෙන ඇත.

මේ ඉඩම් වලින් 90 % ක් රජයේ ඉඩම් ඉතිරි 10 % පෞද්ගලික ඉඩම්. ඉඩම් හිමියන්ට ‘සිරිබෝපුර’ ඉඩම් ලබා දී නිවාස තක්සේරු කර මුදල් ලබා දී ඇත. මේ වන විට එම පවුල් 451 ක් නිවාස හදාගෙන ඇත්තේ 90 % ක් පමණයි. අනෙක් අය ගේ ඉඩම් කැබලි ඇත. පදිංචි වී නැත.

වරායේ සියලු වැඩ අවසන් කිරීමට අවු. 15 ක් ගත වේ. දැනට වරායේ ප්‍රධාන දිය කඩනය 80 % ක වැඩ අවසන් කර තිබේ. වරායේ ගැඹුර මීටර් 17 යි. කොළඹ වරායේ ගැඹුරුම ස්ථානය මීටර් 15 යි පළමු අදියර 2010 ජනවාරි වලදී ආරම්භ කිරීමට නියමිතව ඇතත් පතුල හෑරීමේදී අස්කිරීමට ඇති පස් ඇදීම සඳහා තවත් ට්‍රක් රථ 100 ක අඩුවක් පවතී.

කෙසේ වුව ලබන නොවැම්බරයේදී හම්බන්තොට වරායේ නැව් 3 ක් නවතා පළමු අදියර අනිවාර්යයෙන්ම පටන් ගන්නා බව ස්ථිරවම කිව හැකියි. දෙවැනි අදියරේදී නැව් 5 ක් නැවැත්විය හැකි වන අයුරු වරාය සකස් වේ. ඉන් පසු එකවර වරායේ සියලු කාය¸යන් සඳහා එපමණ මුදලක් වැය වන්නේ නැත. අපේ මුල් අදියරට ඩොලර් මිලියන 360 ක් වියදම් වේ. මේ මුදලින් 85 % ක් ණය ආධාර වන අතර 15 % ක් වරාය අධිකාරියෙන් ලබා දෙයි.

සියලු ඉදි කිරීම් වලින් පසු නැව් 33 ක් එකවර නවතා භාණ්ඩ බෑම සහ පැටවීම් කළ හැකියි.

වරාය ඉදි කිරීමේදී කොළඹ නොමැති කාර්යාල පහසුකම් හම්බන්තොට තට්ටු 14 කින් යුත් ගොඩනැගිලි සංකීර්ණයක් මගින් ලබා දීම මේ කාර්යයේ සුවිශේෂී සංධිස්ථානයක් වේ. දැනට එම කාර්යාලයේ ඉදි කිරීම් ආරම්භ කර තිබේ.

මිලියන 500 ක වියදමින් සිරිබෝපුර නිවාස අහිමි වූ පවුල්වලට වියදම් කර ඔවුන් පදිංචි කර තිබේ. මේ සඳහා අක්. 100 ක ඉඩමක් වෙන් කැර බෙදා දී ඇත. මේ ස්ථානයේ නව නගරයක් බවට පත් වීමද සිදු වේ.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත් වීම රටේ ප්‍රතිගාමී බලවේග වලට පරාජයක් වූ බව සැබෑවකි. අන්තර් ජාතිකව සූරා කන රටවල් ද මේ තත්වය නොඉවසනු ඇත.

කව්රු කෙසේ කීවද රටේ ජනතාවගේ සුබ සිද්ධිය කෙමෙන් වර්ධනය වන බව පෙනෙන්නට තිබේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්