අපේ පක්‍ෂය මවුබිම ප්‍රතිනිර්මාණය කළා

අපේ පක්‍ෂය මවුබිම ප්‍රතිනිර්මාණය කළා

සුසිල් ප්‍රේමජයන්ත

අධ්‍යාපන අමාත්‍ය, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති,

කඩුවෙල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්

ඩසියවසකට වැඩි කාලයක් මෙරට දේශපාලන ඉතිහාසය තුළ තීරණාත්මක මංකඩ තරණයට අපි මුහුණ දී සිටිමු. දිගු කාලයක් තුළ පැවැති මෙරට දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික යන ඉතිහාසයේ සංකීර්ණතම ඛේදවාචකයන්ගෙන් මේ රට මුදවා ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වයට යි. එයට ප්‍රධාන හේතුව වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නිර්මාණය වූ ජාතික දේශපාලන ව්‍යුහය නිසා ය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිහිවූයේ ජාතියේ ප්‍රශ්න නොවිසඳුණු රික්තයක් තුළය. 1951 සැප්තැම්බර් 02 දින එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ජාතිය මුහුණ දී සිටි මෙම ගැටලු ඇතැඹුලක් සේ දුටු නායකයෙක් විය.

එතුමා ද ඩී. ඒ. රාජපක්‍ෂ වැනි සුවිශේෂී නායකයන් ද සමඟ ඒකාබද්ධව මෙරට ජන ජීවිතය හා දේශය ගොඩනැගීමේ උත්තූංග ආරම්භක ක්‍රියාමාර්ගය නොපිරිහෙළා ඉටු කිරීමට ගනු ලැබූ උත්සාහයන් විනාශ කිරීමට දේශීය හා විදේශීය විවිධ බලවේග ක්‍රියාත්මක කිරීම සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙරට දේශපාලන ප්‍රවාහයේ ගාමක ජාතික බලවේගයේ නිර්මාතෘවරයා වූ බණ්ඩාරනායක ශ්‍රීමතුන් මේ මිහිපිටින් ඉවත් කරලීම ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී බලවේගයන් විය.

එහෙත් ජාතික ව්‍යාපාරයන්හි ඉල්ලීම මත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය ගෙන ජාතිය මුදවාලීමේ ක්‍රියාමාර්ගයට පිවිසීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට හැකි විය. විශේෂයෙන් මෙම පාලන යුගය මෙරට ඉතිහාසය නවමු පියවර රැසකට මංපෙත් හෙළිපෙහෙළි කිරීමක් විය.

එසේ වුවද ගත වූ දීර්ඝ කාලයෙන් ශතක තුනක් පමණ කාලයක් අධිරාජ්‍යවාදී පාලන යුගයේ දඹුලු ඉතිහාසය ද ඉක්මවා ගිය ගැටලු රැසකට අපේ රට මුහුණ පෑවේය. දේශීය ගැත්තන් සමඟ ඒකරාශීව අධිරාජ්‍යවාදී බලපෑමෙන් මෙරට දෙකඩ කරමින් ගෙන ගිය අති බිහිසුණු ත්‍රස්තවාදී තර්ජනවලින් මෙරට ඉතිහාසයේ වංස කථාව අඳුරු විය.

එවැනි අවස්ථාවලදී මෙරට ජාතික විප්ලවය අඛණ්ඩව ගෙන යෑමේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සැමදාම භාර ගෙන තිබේ. පරිබාහිරව කවර දේශපාලන කණ්ඩායමක් මේ පිළිබඳ වහසි බස් තෙපලුව ද එම වගකීම ඉටුකිරීමේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය හා සියලු පාක්ෂිකයින් ඉටු කර ඇත. මේ සඳහා වූ ප්‍රධාන බාධකය ගොඩනැඟුණේ 1977 – 1994 දක්වා වූ විනාශකාරී යුගයේදී ය.

විශේෂයෙන් එක්සත් ජාතික පක්‍ෂය දේශපාලන ක්‍රියාදාමයන් නිසා ව්‍යසනයට පත් වූ රට නැවත ස්ථාපිත කිරීමේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පැවැරුණි. මාතෘ භූමිය සෑම අංශයකින් ම ප්‍රතිනිර්මාණය කිරීමේ හා ශක්තිමත් කිරීමේ ප්‍රධාන භූමිකාවෙහි පුරෝගාමී මෙහෙවර ඉටු කළේ වර්තමාන ශශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වයෙනි.

එවකට අප පක්‍ෂයේ ප්‍රභාමත් නායකයා වූ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පැවැති භීෂණකාරී දේශපාලනය තුළ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටීමෙන් වර්තමාන සියලු ජයග්‍රහණයන් සාක්ෂාත් කර ගත හැකි විය. කම්කරු අමාත්‍යවරයෙක්, අගමැතිවරයෙක් වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පූර්වගාමී දේශපාලන ක්‍රියාදාමයන් තුළ පක්‍ෂය වටා සිටි ජනතාව එක ධජයක් වටා ඒකරාශී වීමේ අනාගත අපේක්‍ෂා 2004 වන විට ශක්තිමත්ව පැවැතියේය.

21 වන සියවස වන විට ගෝලීයකරණය තුළ විවිධ ගැටලුවලට අපේ මාතෘ භූමිය මුහුණ දෙමින් සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකා සමාජය උතුරු නැඟෙනහිර ත්‍රස්තවාදී පීඩනයෙන් සමස්ත රටම භීෂණයෙන් පීඩිත විය. මෙම සකලවිධ ගැහැටෙන් දේශය මුදවාලීමේ මහා භාරධූර වගකීම පැවැරුණේ ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාටය.

මෙම වගකීම ඉටු කිරීම සඳහා දේශපාලන චින්තනයක් ගොඩනැගීම එතුමා සතු වූ ප්‍රධාන වගකීම විය. ඒ සඳහා දේශප්‍රේමී බලවේග ඒකරාශී කර ගැනීමට ශශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වයට හැකි විය. ඒ සඳහා සමස්ත ජාතියටම මාර්ගෝපදේශන දර්ශනයක් නිර්මාණය කෙළේය.

මහින්ද චින්තනය නමින් වන දේශය ගොඩනැගීමේ එම දේශපාලන, ආර්ථික, සමාජ දර්ශනය මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදිරිපත් වූ ආශක්තතම සංවර්ධනාත්මක ප්‍රතිපත්ති මාලාව විය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පංච පුද්ගල බලවේග සමඟ ඉදිරියට යමින් “රණවිරු” නම් අයෝමය බලවේගය ශක්තිමත් කළ එතුමා දසක තුනක භීෂණකාරී යුගය සහමුලින් උපුටා දමා දේශය මුදවා ගැනීමේ අතීත ජාතික මාමක ශ්‍රේෂ්ඨ වීරනරවරයන්ගේ ඉතිහාසයේ සටන්කාමී ස්වර්ණමය පරිචේඡේද අතරට එක්වීම මෙම යුගයේ ශශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණය විය.

ශශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 14 වන සම්මේලනයේ දී හා පක්‍ෂයට 50 වසරක් සැපරීමේ මොහොතේදී රට මුහුණ දුන් ප්‍රධාන ගැටලුව වූ ත්‍රස්ත භීෂණය රටෙන් මුලිනුපුටා දැමීම අප පක්‍ෂයේ ප්‍රධාන වගකීම බව ප්‍රකාශ විය.

මෙම ප්‍රකාශනයෙන් දසකයක් ඉක්ම යෑමට පෙර, මෙරට හා ජාත්‍යන්තරව වැසී ගිය එම බිහිසුණු ව්‍යාපාරය හා ඒ හා සමගාමී වූ ද, ඒ සඳහා සහාය පළකළ සකල දේශද්‍රෝහී ව්‍යාපාරයන් විනාශ කිරීමේ උත්තුංග කාර්ය අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය රජය විසින් ඉටු කර තිබේ. ඒ සඳහා සියලු නියමයන් සපුරමින් ජාතියේ අභිමානය ගොඩනැගුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වීරෝදාර නායකයා විසිනි.

පක්‍ෂයේ 15 වන ජාතික සමුළුව පවත්වන මෙම අවස්ථාවේ දී සතුටු විය හැකි ප්‍රධාන කරුණු කිහිපයකි. සියලු ආකාරයේ ත්‍රස්ත භීෂණයෙන් මාතෘ භූමිය මුදවා ගැනීමට අප පක්‍ෂ නායකත්වයට හැකියාව ලැබී තිබේ.

එමෙන්ම රටේ ඉදිරි සංවර්ධනය සඳහා සියලු කටයුතු ශක්තිමත්ව හා සංවර්ධනාත්මකව ඉටු කරමින් සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්ති මත දේශජවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දර්ශනයක් කරා රට මෙහෙයවීමට අප පක්‍ෂ නායකත්වය ශක්තිමත් වී ඇත.

ගෝලීයකරණ සමාජ තුළ බිහිවන නව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සිවිල් සමාජයේ වගකීම් ජනතාව වෙත පවරා දීමට අප පක්‍ෂය කැප වී සිටී. අප පක්‍ෂය කවදත් පුද්ගල හා පවුල් සමාජය සුරකින ආර්ථිකය ඵලදායි ලෙස ජනතාව සඳහා යොමු කරන සමාජ සුබසාධනය සඳහා කැපවෙන පක්‍ෂයකි.

ජනතාවගේ ස්ථිරසාර ආර්ථික සංවර්ධනය තුළ දිළිඳුභාවය පිටුදැකීම තුළින් කෘෂිකාර්මික හා කාර්මික සංවර්ධන ඉෂ්ටාර්ථයක් කරා රට මෙහෙයවීමට අපේ පක්‍ෂයට හැකිවීම අපේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය වශයෙන් අමන්දානන්දයට පත්විය හැකිය. විශේෂයෙන් නව ශ්‍රී ලාංකික සමාජයක් නිර්මාණයේ දී ප්‍රධානම අවධාරණය අධ්‍යාපනය බව අපේ පක්‍ෂයේ දීර්ඝ කාලීන ඉතිහාසය තුළ සනිටුහන් වී තිබේ.

දැනුමැති සමාජයක් බිහිකිරීම සඳහා නව සමාජ ප්‍රජාතන්ත්‍රයේ ප්‍රධානම අවධාරණය අධ්‍යාපනය යන්න වර්තමාන පක්‍ෂයේ ප්‍රමුඛතම හේතු පාඨය වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රධානතම අරමුණක් වන අධ්‍යාපනයේ වෙනස්කම් සහිතව දරුවනට අධ්‍යාපනය ලබා දීම සඳහා වන වපසරිය ගොඩනැගීම අද වන විට සාර්ථක පියවර රැසක් ඉටු කරමින් තිබේ.

ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තම රාජ්‍ය පාලන තලය තුළ ආර්ථිකය ස්ථාපිත කිරීම සඳහා පෙරටුගාමී ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කෙළේය. එම ආර්ථික ප්‍රතිපත්තිය නිසා වර්තමානයේ දී ගනු ලැබූ නව ආර්ථික සංවර්ධනීය ක්‍රියාමාර්ග නිසා අනාගත අපේක්‍ෂා ශක්තිමත් වී තිබේ. උතුරු නැෙඟනහිර විශේෂ සංවර්ධනය, දකුණු කලාපීය ආයෝජන සංවර්ධනය, විදුලිය, යටිතල පහසුකම්, වාරි කර්මාන්ත, කෘෂිකාර්මික යන ප්‍රධාන සංවර්ධන සැලැසුම් අපේ ප්‍රතිපත්ති රාමුව තුළ ස්ථාපිතව ඇත.

නූතන තාක්ෂණික සංවර්ධන, කාර්යක්‍ෂම කළමනාකරණය, නිවැරදි මූල්‍ය කළමනාකරණය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශය ශක්තිමත් කරමින් අප පක්‍ෂය ගොඩනැගූ ආර්ථික ප්‍රතිපත්තිය නිසා වර්තමාන ලෝක ආර්ථික ගැටලු අතරින් මෙරට ජනතාව ඉදිරි කාලයේ දී සෞභාග්‍යමත් ශ්‍රී ලාංකික දර්ශනීය අපේක්‍ෂා රැසක් සාක්ෂාත් කර ගනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සමුළුවට සුභාශිංෂණ එක්කරමි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්