මුද්‍රණය සඳහා

 
නිදහස් සටනේ පෙර ගමන් කරුවා

නිදහස් සටනේ පෙර ගමන් කරුවා

නවරත්න රඹුක්වැල්ල

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ තවත් දේශපාලන පක්ෂයකට වඩා වැදගත් දේශපාලන ගති ලක්ෂණවලින් යුත් දේශපාලන ප්‍රවාහයක් ලෙස හැදින්විය හැකි වේ. මේ ප්‍රවාහය ශශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන මූලයන් ලෙස ක්‍රියාත්මක වන බව අපහට පෙනී යයි. මෙය ප්‍රවාහයක් ලෙස හඳුන්වනුයේ ඇයි ද යන්න අප වටහා ගත යුතු ව ඇත.

1. එහි සංවිධිත මතවාදයක් දක්නට ලැබීම

2. ජාතික කාර්යය තේරුම්ගත් නායකත්වයක් තිබීම

3. ඉතාමත් අත්‍යවශ්‍ය බහුතර මහජන සහයක් තිබීම මෙහි දී වැදගත් ය.

මෙම ලක්‍ෂණවලින් ආරම්භ කළ ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අද තමන් ගේ දේශපාලන ගමන් මඟ තුළින් මනා වූ දේශපාලන පරිචයක් ලබා තිබේ. එයට ප්‍රධාන හේතුව නම් දීර්ඝ කාලයක් මේ රටේ බලය හොබවා තිබෙන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වීමයි.

අපට එම මහජන පදනමේ අර්බුදයක් අදටත් නොපෙනෙන නිසා මෙය අද මේ රටේ ඉස්තරම් ම දේශපාලන පක්ෂය ලෙස සැලකීමට හැකි ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික නිදහස් සටනේ සමහර ව්‍යුහාත්මක කරුණු ජයග්‍රහණය කර තිබේ. එයින් අදහස් කෙරෙනුයේ මේ රටේ දේශපාලන ක්‍රමය තුළ බාධකයක්ව තිබූ ප්‍රධානතම බාධාව මේ පක්ෂය විසින් බිද දමා තිබේ යන්න ය.

ප්‍රධාන වශයෙන් ම එල්. ටී. ටී. ඊ. ය විසින් ගෙල ග්‍රහණයෙන් ගෙන තිබූ මෙරට නිදහස් කරගැනීම මේ දේශපාලන ප්‍රවාහය විසින් සිදුකළ විශිෂ්ටත ම ජයග්‍රහණයකි.

ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ඓතිහාසික කාර්යක් තිබේ. ශ්‍රී ලංකාවේ නිදහසෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට ආරම්භ වූයේ සත්‍ය නිදහස, යථාර්ථවාදී නිදහස සාක්ෂාත් කර ගැනීමේ අරමුණ මත ය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාරගන්නේ ජාතික නිදහස් අරගලයයි. එහි නිරූපිත පැති ගණනාවකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1951 වර්ෂයේ ඇරඹුනි. ඒ සඳහා මතවාදය නිර්මාණය කරනුයේ ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් අරගලය පසුබිම් කරගෙන ය.

මෙය අපිට නිදහසින් පසුව ඓතිහාසිකව දැක්විය හැකි ය. 1956 එහි සුවිශේෂී ම අවස්ථාවකි. එය මේ රටේ සුවිශේෂීය විප්ලවයක් ලෙසට හැඳින්විය හැකි ය. ශශ්‍රී ලංකාවේ ස්වාධීනභාවය තහවුරු කිරීම සඳහා මූලික බාධාවන්ව තිබූ මෙරට ආර්ථිකයේ ස්වාධීනත්වය යටත් විජිතවාදීන්ගෙන් නිදහස් කර ගත්තේ ය.

ආර්ථිකය සමාජය සතු කරමින් ජාතික ආර්ථික පිළිවෙතක් ඇති කළේ ය. රටට නිවහල් විදේශ ප්‍රතිපත්තියක් ලබා දුන්නේ ය. සමාජයේ පහළම ශ්‍රේණියේ ග්‍රාමීය ජනතාවට සමාජයේ දොරටු විවෘත කර දුන්නේ ය. ඒ නිසා ඇති කළ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුණු නව පරපුර අද ප්‍රභාමත්ව බැබළෙමින් පවතී. තවද මෙරට වෘත්තීය සමිති ක්‍ෂේත්‍රයට ද විශාල සේවයක් ඉටු කළේ ය. රාජ්‍ය ආයතන රාජ්‍ය බැංකු ඇති කළේ ය. දේශීය වෙදකමත් දේශීය සංස්කෘතියත් ඇති කළේ ය.

එමෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශිෂ්ට ත ම ජයග්‍රහණය වූයේ මෙරට නොබැඳි පිළිවෙතකට ඇතුළත් කිරීමයි. නොබැඳි පිළිවෙත මුල්කරගෙන ආසියාව සමඟ විශේෂයෙන් ම ඉන්දියාව පාකිස්ථානය, චීනය සමඟ මිත්‍රශීලි විදේශීය ප්‍රතිපත්තියක් ඇති කිරීම අපට තිබුණු ගෝලීය බාධක ජයග්‍රහණය කිරීමට විශාල පිටුවහලක් විය. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරදා ජයග්‍රහණය කිරීමේදී මේ විදේශීය ප්‍රතිපත්තියේ වැදගත්කම මැනවින් පෙනුණි.

මෙරට ව්‍යවස්ථාවේ ස්වාධිපත්‍ය ඇති කළේ ද ශශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ 1972 දී මේ රටේ පරමාධිපත්‍ය ජනතාවට අත්පත් කර දෙමින් ජනරජයක් ඇති කිරීම මත ය. මේ සියලු ම කර්තව්‍යයන් ඉටු කළේ විවිධ හැල හැප්පීම් කුමන්ත්‍රණ මධ්‍යයේ ය. මේ සියල්ල ම දේශපාලන අරගලයක ප්‍රතිඵලයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හඳුන්වා දුන් දේශපාලනය,, ජාතිකවාදය යි. අද ශශ්‍රී ලංකාවේ පමණක් නොව බොහෝ පශ්චාත් යටත් විජිතයන් වන ලතින් ඇමරිකාවේ , අපි‍්‍රකාවේ මතු වී තිබෙන ජාතික වාදය අධිරාජ්‍ය විරෝධය සමාජ දේශපාලන සහ ආර්ථික ස්වාධීනතාවය යන ප්‍රතිපත්තීන් ගේ ශ්‍රී ලංකාවේ පුරෝගාමී පක්ෂය වනුයේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව කිව යුතු ය. ජාත්‍යන්තර දේශපාලන ප්‍රවාහය තුළ පුරෝගාමී පක්ෂයක් බව ද කිව යුතු ය.

ශශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ රට තුළ රටේ සමාජ කතිකාව තුළ ජාතිකවාදය න්‍යායිකව ගොඩ නගා තිබේ. මේ ජයග්‍රහණ අතර විශිෂ්ටතම ජයග්‍රහණය ශශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ මේ රටේ ජනතාව විසින් ත්‍රස්තවාදය පරාජයට පත්කොට ලබාගත් ජයග්‍රහණය යි.

මෙය කිසිදු දේශපාලන පක්ෂයක් අත නොතැබූ අභියෝගයකි. වර්තමාන නායකත්වය මතුවෙන තෙක් මේ රටේ සියලු ම දේශපාලන පක්ෂ සහ නායකයන් ත්‍රස්තවාදය සමඟ ගිවිසුම් ගසාගෙන යම් ක්‍රීඩාවක් කළ බව පැහැදිලි ය. ඒ පක්ෂයන් මෙන් ම නායකත්වයන් ද ත්‍රස්තවාදයට යට වුණි. ඇත්තෙන් ම කියනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවැති නායකත්වය ද යම් ප්‍රමාණයකට ත්‍රස්තවාදයට යටවුණි. එහෙත් 2005 වර්ෂයේ දී ශශ්‍රී ලංකාවට මෙන් ම ශශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද නව නායකත්වයක් ලැබුණි.

ඒ නායකත්වය දැරූ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා නිදහසින් පසු නායකයකු නොපෙන් වූ තරමේ අභිත දූරදර්ශී අභියෝගයක් බාර ගත් නොසැලෙන නායකයෙකු විය. එම නිසා ශශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් තමන් ගේ ඓතිහාසික කාර්ය භාරය ඉතා ම නිවැරැදි මඟකට ගැනීමට හැකි විය.

මේ කාර්යයේ දී පෙරට වඩා විශාල අභියෝග බරපතළ ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගණනාවක් එක්වර මතු විය. ජීවිත තර්ජන,, බාධක වීම් වැරැදි ප්‍රචාර ගතු කේලම් කීම්, ආණ්ඩුව අස්ථාවර කිරීමේ උත්සාහයන්, විදේශ අතපෙවීම් මතුවෙන්නට විය.

තව ද කලාපීය වශයෙන් පීඩනයන් ද මතු විය. ඒ සියල්ල පරදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කළේය. මේ ත්‍රස්තවාදය පරජයට පත්කිරීමේ ජයග්‍රහණය සියවස් ගණනාවකට බලපාන ජයග්‍රහණයකි. වෙනත් නායකත්වයක් රට තුළ මෙකල තිබුණේ නම් මේ රටේ ඉරණම කුමකින් කුමක් වේදැයි සිතා ගැනීමටවත් නොහැකි ය.

මේ බාධක තවදුරටත් අවසන් යැයි අපි නොසිතිය යුතු ය. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වර්තමාන ජනාධිපති වරයා යටතේ නැගීසිට ඊට මුහුණ දීමට හැකි ය. ඊට අදාල ධනාත්මක සාධක රැසක් මේ වන විටත් රට තුළ ඇතිවී පවතී.

සමස්ත ලෝකය ම අද ජාතික ආර්ථිකය දෙසට ගමන් කරමින් සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චින්තනය ඒ සඳහා ආසියාවේ තිබෙන නියමු චින්තනයකි. ජාතික කෘෂි ආර්ථිකයේ විශාල ගැම්මක් ඇති වී තිබේ.

වරාය සංවර්ධනය මගින් අන්තර් ජාතික වෙළඳපොළට අප ලාබදායි ලෙස සම්බන්ධ වී තිබේ. අධිවේගී මාර්ග රටපුරා ඇති අනෙකුත් මාර්ග පද්ධති හා ජලාශ සංවර්ධනය විදුලිබල හා බල ශක්ති සංවර්ධනය ආදී ලෙස යටිතලය සැකසී තිබේ. මේවායේ ප්‍රතිඵල අපට නුදුරු අනාගතයේ දැක ගැනීමට හැකිවනු ඇත.

මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ඉතාමත් අභිමානවත් පක්ෂයක් ලෙස වර්තමාන නායකත්වය යටතේ පෙරට පැමිණ ඇති බව අවිවාදිත ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]