|
||
මාලිගාවත්තේ වකුගඩු රෝහල ජනපති අතින් අද විවෘත වේ
මාළිගාවත්ත ජාතික වකුගඩු රුධිර කාන්දුපෙරණ සහ වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) විවෘත කැරේ. රුපියල් කෝටි 45 ක වියදමකින් ඉදි කළ මේ වකුගඩු රෝහලෙහි ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් හතළිස් කෝටි තුන් ලක්‍ෂයක් ද, රුපියල් තුන්කෝටි අසූහතර ලක්ෂ අසූදහසකට අධික මුදලක් වැයකර වෛද්‍ය උපකරණ ද මිලදී ගෙන තිබේ. සෞඛ්‍ය ආරක්‍ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ඉදිකළ මේ රෝහල ඇඳන් 111 ක ධාරිතාවකින් යුක්තය. වසරකට වකුගඩු බද්ධ කිරීම් සියයක් පමණ ද, රුධිර කාන්දු පෙරණ කටයුතු හාරදහසක් පමණ ද මෙම රෝහලෙන් සිදුකිරීමට නියමිත අතර වකුගඩු රෝග විමර්ශනය ද, වකුගඩු රෝග නිශ්චය කිරීම් ද මෙහිදී සිදු කැරේ. වෛද්‍ය උපාධි අපේක්‍ෂකයන්ට සහ පශ්චාත් වෛද්‍ය උපාධි විද්‍යාර්ථීන්ට මේ රෝහල භාවිතා කරමින් අධ්‍යයන කටයුතු හා පර්යේෂණ කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබාදෙන්නේ යැයි ද අමාත්‍යංශය පවසයි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |