සැබෑ මිනිසෙකුගේ කතාව

සැබෑ මිනිසෙකුගේ කතාව

ලොමිනිසාට උච්චාරණය කළ හැකි ලස්සන ම වචනය “අම්මා” යැයි ඛලීල් ජිබ්රාන් කියා තිබේ. ලෙබනනයෙහි ඉපිද මුළු ලෝකයට ම දාර්ශනික චින්තාවන් බෙදා දුන් ජිබ්රාන් සැබෑ මිනිසා ගේ ස්වාභාවය කවරේදැ’යි විග්‍රහ කරයි.

“අම්මාට ආදරය කරන්න!
තමන් ජනිත වූ ගම්මානයට හා රටට ආදරය කරන්න!
උපන් රටට බෙදන ආදරය ඔස්සේ මිහිමවට ආදරය කරන්න!
සමස්ත මානව වර්ගයා ගේ ආදරණීය මව මිහිතලය වේ
ඈ ඔබගේ දේවත්වයේ ආත්මය යි!

ආගමික වතාවත් වලට මුල් තැන...

සැබෑ මිනිසා මවට, ගමට, රටට, දැයට ආදරය කරයි. අසීමිත ලෙස ආදරය කරයි. ඔහු පෙරළා දේශප්‍රේමියකු බවට ද , සැබෑ නායකයකු බවට ද පත් වේ.

තුර්කියේ අසීස් නේසින් නම් ප්‍රබන්ධකථාකරුවා ජනතාවගේ මිනිසෙක් නමින් අපූරු කෙටිකතාවක් ලියා තිබේ.

විචාරක සම්මානයට පාත්‍ර වූ මේ කතාවෙන් කියැවෙන්නේ ජනතාවට බෙහෙවින් ආදරය කළ ප්‍රාදේශීය විප්ලවවාදියකු පිළිබඳ කතාන්දරය යි.

ඔහු ජනතාව ගේ සුබ - සිද්ධිය සඳහා සම්මතයට එරෙහි ව සටන් කරයි. එහිදී සමාජයෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලබන විප්ලවවාදියා රජය විසින් සිපිරිගෙට යවනු ලැබේ.

වසර ගණනාවකට පසු බන්ධනාගාරයෙන් නිදහස ලබන විප්ලවවාදියා ඈත පිටිසර පළාතකට ගොස් හුදෙකලා ජීවිතයක් ආරම්භ කරයි.

මේ පුද්ගලයා ගේ ආගමනයත් සමඟ ප්‍රදේශය එකවර දියුණු වෙයි. පසුව විප්ලවවාදියා සුළු රැකියාවක් සොයාගෙන ඈත පළාතකට යෑමට තීන්දු කරයි. මේ බව දැනගත් කඩහිමියෝ හා තවත් ව්‍යාපාරිකයෝ විප්ලවවාදියා ගේ ගමන නවත්වති.

අපට වාසනාව ගෙනාවෙ මහත්තයා!

සිසු පරපුරේ වගකීම බාර ගත් පියෙක්

කරුණාකරලා යන්ඩනම් හිතන්නවත් එපා!

ඔවුහු කියා සිටිති. විප්ලවවාදියා ගේ හැසිරීම පරීක්‍ෂාකිරීම සඳහා පොලිස් හමුදාවක් එම ප්‍රදේශයට පැමිණ සිටිති. එම හමුදාවේ කටයුතු නිරීක්‍ෂණය සඳහා තවත් හමුදාවක් පැමිණ සිටිති. ප්‍රදේශය ජනාකීර්ණ වේ.

ඒ මගින් වෙළෙඳාම දියුණු වේ. අවසානයේ මිනිසුන් විප්ලවවාදියාට ආදරය කරනුයේ ඔවුන් වෙත ගලා එන ආදායම බලාගෙන ය. මිනිස් සමාජයෙහි හැසිරීම උපහාසයට ලක් කරන අසීස් ගේ කතාව විවිධාර්ථවත් ය.

ත්‍රස්තවාදය ශශ්‍රී ලංකාවේ සදාකාලික ප්‍රශ්නයක් බවට පත් ව තිබිණි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉතා කෙටි කාලයකින් එම ගැටලුව විසැඳුවේ ය. එහෙත් සමහරුන්ට දැන් එය අමතකය.

ඇතැමුන් මාස කිහිපයකින් එය අමතක ය. ඇතැමුන් මාස කිහිපයකින් එය කුණු කූඩයට දමා තිබේ. බොහෝ දෙනා දැන් වෙනත් ලාභාපේක්ෂාවෙන් කටයුතු කරති. ලැබූ නිදහසෙහි අගය හෑල්ලු කරති.

මවුපියන්ගේ දෑස්වල සතුටු කඳුළු

කෙන්යාව ද ශ්‍රී ලංකාව මෙන් ම පුරාණ ශිෂ්ටාචාරයකට උරුමකම් කියන රාජ්‍යයෙකි. මේ අපි‍්‍රකානු රාජ්‍යයද ශ්‍රී ලංකාව සේ ම දිගුකලක් විදේශීය බලපෑම්වලට නතු ව තිබිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස නිදහසින් පසු බිහි වූ ආණ්ඩු ද අධිරාජ්‍ය ගැති ස්වරූපයක් ගත්තේ්ය. අධිරාජ්‍ය ගැති පාලනය දැඩි ලෙස විවේචනය කරන සාහිත්‍යකරුවෙක් එරට සිටී.

ඔහු නම්; නුගිගු වා තියෝංගෝ ය. හෙතෙම සටන් කරන්නේ දේශප්‍රේමී නායකයකු හා දේශප්‍රේමී ආණ්ඩුවක් සඳහා ය. තියෝංගෝ ගේ විවේචන නිසා වරෙක ඔහු හිරබත් කන්නේ ය. තව වරෙක රටින් පිටුවහල් වන්නේ ය. එහෙත් ඔහු සටන අත්හරින්නේ නැත.

දේශප්‍රේමී කෙන්යානු ජනතාව නිගුගි වා තියෝංගෝ නම් රචකයා ගේ ප්‍රබන්ධවලට කොතෙක් දුරට ආශක්ත වී තිබේ ද යත්; අවන්හල්වල බීර බොන මිනිස්සු කෙනකු ලවා ඔහු ගේ පොත් හඬ නඟා කියවා ගනිති.

තවත් අය බසයේ යන අතර අකුරු නො දත් විශාල පිරිසකට ඇසෙන සේ ඔහු ගේ පොත් කියවති. බෙහෙවින් ජනපි‍්‍රය වූ ඔහු ගේ නවකතාවලින් මතුවන්නේ රට හා ජාතිය පිළිබඳ අප්‍රමාණ ප්‍රේම ය යි.

අපි‍්‍රකානු හා ආසියානු රටවල් ගොඩනැඟීමේ දී අවශ්‍ය වන මූලික සාධකයක් ලෙස දේශප්‍රේමීත්වය පවතී. දීර්ඝ කාලයක් අධිරාජ්‍යවාදී සපත්තුවට පෑගී තිබූ අපේ සමාජයන් නිවට බවින්ද, ධීනබවින් ද පෝෂිත ය.

තවම අප ගේ බොහෝ දෙනා පරගැති ව අධිරාජ්‍යවාදියා වැඳ නමස්කාර කරති. මේ අවවර්ධිත චින්තනයෙන් බැහැර වන තුරු ආසියාවට හෝ අපි‍්‍රකාවට හෝ විමුක්තියක් නැත.

එම පසුබිම අවබෝධකරගත් ආසියාවේ ප්‍රමුඛ දේශපාලකයකු ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා හඳුනාගත හැකි ය. ඔහුගේ දේශප්‍රේමී චින්තනය ගොඩනැඟෙන්නේ ඔහු කුඩා කල සිට ම ය.

මවු සෙනෙහසට වඩා වටිනා අන් දෙයක් ඇද්ද...

කුඩා මහින්ද රාජපක්‍ෂ හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මහතාට අඹ ඇටයකින් පහරදුන් කතාවක් අප අසා තිබේ. සර් ජෝන් යනු මෙරට අධිරාජ්‍ය ගැති පාලනයේ කදිම සංකේතය යි.

එලෙස ම ඔහු නොසරුප් බස් දොඩන නිර්භීත පුද්ගලයකු ලෙස ද ප්‍රකට ය. අඹ ඇට පහර කෑ සර් ජෝන් “උඹ නම් පුතයෙක් වෙයි!’ යනුවෙන් අනාගත වාක්‍යයක් කීවේලු!එය අද සැබෑවක් වී \;බ්.

මහින්ද රාජපක්‍ෂ මහතා නො වන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ඉතිරි වේ ද යනු සැක සහිත ය. 1977 අන්ත පරාජයෙන් පසු ශ්‍රීලනිපයට මැතිවරණයක් සඳහා ඉදිරිපත්වීමේ ශක්තිය පවා නොතිබිණි. ගම් - නියම්ගම්වල පැරැණි ශ්‍රීලනිප නායකයෝ දේශපාලනයෙන් ඉවත්වන්නට පටන් ගත්හ.

ශ්‍රීලනිපය යළි පණ ලැබුවේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පා - ගමනක් නිසා ය. 1992 මාර්තු 16 දා කොළඹ විහාර මහා දේවී උද්‍යානයෙන් ආරම්භ වූ මේ පා - ගමන ශශ්‍රී ලංකාවේ දේශපාලන ගමන් මඟ වෙනස් කෙළේ ය.

බිඳ වැටුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි ජීවය දුන්නේ ය. 1948 ශ්‍රී ලංකාව ලබාගත් නාමික නිදහසට පසු යළි පරිපූර්ණ නිදහසක් ලබන්නේ 2009 දී ය. එම නිදහස් සටන මෙහෙය වූ අභීත නායකයා ලෙස ඉතිහාසයට එක්වන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂය. ඔහු පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මාතෘභූ®මිය ගැන කල්පනා කරන නායකයෙකි.

බඳු නායකයකු යළිදු ජනාධිපතිවරයා ලෙස පත්කළ යුත්තේ මන්දැ’යි අපි සාකච්ඡා කළෙමු. අපගේ විවිධාර්ථවත් සමාජය ඒ සඳහා කරුණු දහයක් ඉදිරිපත් කර තිබේ.

i ජනාධිපතිවරයා රටේ ප්‍රධාන ගැටලුව විසඳුවේ ය.

ii ඔහුට රට ගොඩනැඟීමට වැඩපිළිවෙළක් තිබේ.

iii නිවහල් රාජ්‍යයකට සුදුසු අභීත නායකයා ඔහු ය.

iv අසල්වැසි ඉන්දියාව කළමනාකරණය කරගත් එක ම රාජ්‍ය නායකයා ඔහු ය.

v ඔහු කම්කරු නායකයෙකි. ඒ අනුව - වැඩකරන ජනතාවට අසාධාරණයක් නොකරනු ඇත.

vi මනා පෞරුෂයක් ඇති නායකයෙකි

vii ලෝකයේ දෙවන නූතන බලවේගය හා ඔහු අතර සබඳතාවක් පවතී.

viii ශශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ගැන හැඟීමක් හා වැටහීමක් තිබේ.

ix මෙරට ආගමික නායකයන් ගේ අපූරු සහයෝගයක් ඔහුට තිබේ.

x ජාතිවාදියෙක් නො වේ. අන්තවාදියෙක් ද නො වේ.

ඉහත සඳහන් ලක්ෂණ ගැන උපකල්පනය කරන කල්හි ඔහු හැර වෙනත් නායකයකු අපගේ සිහියට නො නැඟේ. මහින්ද රාජපක්‍ෂ යනු ශ්‍රී ලංකාවට පමණක් නො ව ආසියාවට ම යහපත් මඟ පෙන්වන්නකු වනු ඇත.


සබැඳි පුවත්