මඩ සෝදා ගත් ගොවියා රජකම් කළ සිවු වසර

මඩ සෝදා ගත් ගොවියා රජකම් කළ සිවු වසර

‘මඩ සෝදාගත්කළ ගොවියා රජකමටත් සුදුසුයි’ යන්න පැරැණි කියමනක් තිබුණත් ගොවියා රජකමට සුදුසුවාක් මෙන් ම වත්මන් ශ්‍රී ලංකාවේ රජකමට පාලකයින් (රජුන්) පත්කරන්නේත් නැතහොත් පාලකයින් බලයෙන් පහකර හරින්නේත් බහුතර ගොවියන් විසින් බවට මේ වන විට සනාථ වී පවතින පොදු සහත්‍යකි.

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 65ක් පමණ තවමත් කෘෂිකර්මාන්තය පදනම් කරගත් ජීවනෝපාය මාර්ගවලින් ආදායම් උපයාගනිති. මේ බහුතර ගොවිජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට පාලකයින් ගන්නා වූ ක්‍රියාමාර්ග අනුව රජයයන් කෙරෙහි ගොවීන්ගේ කැමැත්ත හෝ අකමැත්ත තීරණයවේ. ඒ අනුව සර්වජන ඡන්ද බලයෙන් පාලකයින් පත්කිරීම හෝ ඔවුන් බලයෙන් පහකිරීම අපේ ගොවිජනතාව අතින් සිදු කෙරේ.

මෙම සරල කාරණය තේරුම්ගත් මහින්ද රාජපක්ෂ රජය නැතහොත් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය ගොවියාගේ ජීවන තත්ත්වය නැංවීම සඳහා තම රජයේ ඉහළම ප්‍රමුඛත්වය ලබාදී තිබේ.

කුඹුර, කමත සැමදා හුරු ජනපති...

ගත වූ සිව්වසර තුළ දී රාජපක්ෂ රජය මගින් ගොවීන් වෙනුවෙන් ගන්නා වූ තීන්දු තීරණ තුළින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වී අද බොහෝ ගොවීහු ගොවි රජවරු බවට පත්ව සිටිති.

කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජනසේවා අමාත්‍යාංශයේ අමාත්‍ය ධූරය පොලොන්නරුවේ ගොවි පවුලකින් බිහි වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරකිරීමෙන් පසු රටේ මුළු ජන ගහනයෙන් සියයට 65ක් වූ ගොවි පරපුර සුඛිත මුදිත කිරීමේ වගකීම ඉතාමත් වගකීමෙන් සිදුකෙරෙන අතර ඔහුගේ අධීක්ෂණයෙන් ප්‍රායෝගිකව සියලු කටයුතු සිදුකෙරේ.

ජාතික මෙහෙයුම

මහින්ද චින්තන වැඩසටහන යටතේ වී ගොවීන්ට රුපියල් 350.00 බැගින් කිලෝ 50 යූරියා පොහොර මිටියක් අලෙවිකිරීම 2005 වර්ෂයේදී ආරම්භ කරන විට එදා වෙළෙඳ පොළේ එම පොහොර මිටියක මිල රුපියල් 1500.00ක් විය.

අද වෙළෙඳපොලේ යූරියා පොහොර මිටියක මිල රුපියල් 2800/- දක්වා ඉහළ ගොස් ඇතත් පොහොර සහනාධාරය යටතේ තවමත් වී ගොවීන්ට රුපියල් 350.00 බැගින් පොහොර මිටියක් ලබාදීමට කටයුතු කිරීම මහත් අස්වැසිල්ලකි. රාජපක්ෂ රජය මගින් පොහොර සහනාධාරය සඳහා පසුගිය අයවැයෙන් රුපියල් මිලියන 25000ක වාර්තාගත මුදලක් වැය කළේය.

මෙම පොහොර සහනාධාරය නිසාත් ‘අපි වවමු - රට නගමු’ දේශීය ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ යටතේ මේ සෑම අස්සක් මුල්ලකම ඇති කුඹුරු වගාකිරීම නිසාත් දිනෙන් දින ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය ඉහළ ගිය අතර රටේ වාර්ෂික වී අස්වැන්න සියයට 26කින් ඉහළ ගියේ ය. අලුතින් වගාකළ කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර ලක්ෂ හයකින් (06) වැඩිවී තිබේ. 2008 වර්ෂයේ දී බුසල් කෝටි තුනහමාරකින් රටේ සමස්ත වී අස්වැන්න වැඩිවිය.

අපි වවමු - රට නඟමු දේශීය ආහාර නිෂ්පාදන දිරිගැන්වීමේ ජාතික මෙහෙයුම කෘෂිකර්ම සහ ගොවිජනසේවා අමාත්‍යාංශය ආරම්භ කෙළේ රට නැංවීමේත් ගොවියා නැංවීමේත් අගනා පරමාර්ථ ඉලක්කකරගෙන වන අතර එම වැඩසටහනෙහි සාර්ථකත්වය නිසාවෙන් 2008 වසරේ දී මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සියයට 7.5ක වර්ධනයක් සිදුවී තිබේ.

මේ වර්ෂයේ දී එය ඊටත් වඩා වැඩිවීමට අපේක්ෂිතය. 2008 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්ම ක්ෂේත්‍රයෙන් වැඩිම දායකත්වය ලැබී ඇති අතර එය සියයට 13ක් තරම් වූ ඉහළ අගයක පවතී.

මේ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවලට අනුවත් ගත වූ වර්ෂ දෙකතුලදී මේ රටේ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකර ඇත්තේ කෘෂිකර්ම අංශයෙනි.

දේශීය ආහාර නිෂ්පාදන දිරිගැන්වීමේ ජාතික මෙහෙයුම 2007 – 2010 දක්වා වසර හතරක් පුරා ක්‍රියාත්මක වන අතර එම වැඩසටහනෙහි මූලිකම පරමාර්ථයක් වූයේ මෙරට නිෂ්පාදනය කරගත හැකි එහෙත් ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය, ආනයනය නතර කිරීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගැන්වීමයි.

මෙය අරමුණු කරගෙන එහි අනෙකුත් පරමාර්ථ වන්නේ අත්‍යාවශ්‍ය ආහාර බෝග ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩිකිරීම ජනතාවගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතභාවය සහතික කිරීම, ජනතාවගේ පරිභෝජන රටාව දියුණු කිරීම, ආහාර ආනයනය සඳහා වැයවන විදේශවිනිමය වාර්ෂිකව අඩුකිරීම, ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වය දියුණු කිරීම, කාබනික පොහොර භාවිතය තුළින් රසායනික පොහොර භාවිතය සියයට 25කින් අඩුකිරීම, තරුණ තරුණියන් කෘෂිකර්මයට යොමුකිරීම සඳහා දිරිගැන්වීම, පරිසර හිතකාමී සහ දේශීය/පාරම්පරික කෘෂික්‍රමවේදයන් ප්‍රචලිත කිරීම ආදිය වේ.

දේශීය ආහාර

මෙම අපි වවමු - රට නඟමු දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.5ක් වූ සාමාන්‍ය වී අස්වැන්න 2008 වසරේ දී හෙක්ටයාරයකට 4.47 දක්වා ඉහළ ගොස් තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෑත කාලයේ දී හඳුන්වාදුන් වැඩි අස්වනු ලබාදෙන වී ප්‍රභේද හා වැඩි අස්වනු ලබාදෙන තාක්ෂණ ක්‍රම ගොවීන් විසින් භාවිතා කිරීමත් මෙසේ සාමාන්‍ය වී අස්වැන්න වැඩිවීමට හේතුවී තිබේ.

කටට ගත් ඇඹුල...

දේශීය ආහාර නිෂ්පාදන දිරිගැන්වීමේ වැඩසටහන යටතේ පුරන් කුඹුරු අස්වැද්දවීම මේ වන විට ඉතාමත් සාර්ථකව සිදු කෙරෙන අතර වසර ගණන් සහ දශක දෙක තුන අතහැර පාලුවට ගිය වගුරුබිම් බවට පත්ව තිබූ බස්නාහිර පළාතේ කුඹුරු ඉඩම් බොහොමයක් මෙන් ම රටේ සෙසු නාගරික ප්‍රදේශවල පුරන්ව ගිය කුඹුරු ඉඩම් ද මේ වන විට වගාවට යොදාගෙන රටේ ජාතික ආහාර නිෂ්පාදනයට දායක කරගෙන තිබේ.

ගොවිජනසේවා දෙපාර්තමේන්තුව මගින් මෙම පුරන්කුඹුරු අස්වැද්දවීමේ ක්‍රියාවලිය මෙහෙයවන අතර 2007 – 2010 අතර ඉලක්කගත පුරන් කුඹුරු අස්වැද්දවීම අක්කර 67566 ක් වන අතර එයින් මේ වන විට සියයට 96 ක සාර්ථකත්වයක් ලබා තිබේ.

හෝමාගම, බණ්ඩාරගම, වටරැක පාදුක්ක ආදී කොළඹ දිස්ත්‍රික්කයේ පුරන්ව ගිය බොහෝ කුඹුරු යායවල් මේ අනුව වගාකර තිබේ.

මේ රටේ ගොවියාගේ අයිතියක් ව තිබූ වී අලෙවි මණ්ඩලය රාජපක්ෂ රජය බලයට පත්වන විට වසාදමා තිබූ අතර එය යළි ස්ථාපිත කොට ගොවීන්ගේ වී අස්වැන්න රජයේ සහතික මිල යටතේ මිල දී ගැනීමට සැලැස්වීමෙන් කුණු කොල්ලයට ගොවීන්ගේ වී අස්වැන්න මිල දී ගැනීමේ ක්‍රමය මුළුමනින් ම අවසන් විය.

එදා වී මුදලාලිගේ දෙපතුල ළඟ වැඳවැටී වී මිල දී ගන්නා ලෙස ගොවියා කන්නලව් කළ යුගය අවසන් කර පෞද්ගලික වී මුදලාලිලා ගොවියාගේ දෙපතුල ළඟට පැමිණ අස්වැන්න ලබාදෙන ලෙස කන්නලව් කරන යුගයක් අද නිර්මාණය වී තිබේ.

මේ වන විට රජය රුපියල් 28/- සහ 23/- සහතික මිලක් නියමකර ඇතත් අද පොලොන්නරුවේ වී කිලෝවක් රුපියල් 40/-ක් 45/- දක්වා ඉහළ ගොස් තිබේ’ මෙමගින් අද වී ගොවියාගේ ආර්ථිකය ඉහළ ගොස් ඔවුහු තෘප්තිමත් ව සිටිති.

පසුගිය 2008/2009 මහකන්නය තුළ දී ගොවීන්ගෙන් වී කිලෝ 21274149.9ක් වී අලෙවි මණ්ඩලය මගින් ගොවීන්ගෙන් මිලට ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් 604853881.00 ක මුදලක් ගොවීන්ට ගෙවා තිබේ.

බඩ ඉරිගු නිශ්පාදනය

ගතවූ සිව්වසර තුළ දී රසායනික පොහොර භාවිතය අඩුකර ඒ වෙනුවට කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තවත් ප්‍රමුඛකාර්යයකි. දැනට ශ්‍රී ලංකාාවේ භාවිතා කරන රසායනික පොහොරවලින් සියයට 95ක් පමණ ආනයනය කරන අතර ඒ සඳහා රජය 2009 වසරේදී පමණක් රුපියල් මිලියන 50000ක් වැයකොට තිබේ.

රසායනික පොහොර දිගුකාලීනව ආහාර බෝග වගාවන් සඳහා භාවිතා කිරීමෙන් පසේ සාරවත් බව පිරිහී යන අතර භෝගවල ඵලදායිතාවය අඩුවීමටත් භූගත ජලය දූෂණය වීමටත් හේතුවේ. නමුත් කාබනික පොහොර නිෂ්පාදනයත් එය ප්‍රචලිත කිරීමෙන් එම තත්ත්වය මගහරවා ආනයනය කරන පොහොර ප්‍රමාණය සියයට 25කින් පමණ අඩුකරවාගත හැකි බව පර්යේෂණ මගින් පෙන්වාදී තිබේ.

එමගින් විදේශ විනිමය ඉතිරි කරගැනීමට හැකිවේ. මෙම තත්ත්වය තේරුම්ගෙන කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් වෙනමම ඒකකයක් පිහිටුවා ඇති අතර එම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර තිබේ.

මේ යටතේ කොම්පෝස්ට් නිෂ්පාදනය හා භාවිතයේ වැදගත්කම පිළිබඳව පුහුණුකිරීම් හා දැනුවත් කිරීම් වැඩසටහන් පැවැත්වීම, කොල පොහොර සඳහා භාවිතා කරනු ලබන ගස්වර්ග වගාකිරීම, කුඩා, මධ්‍යම හා මහාපරිමාණ කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීම, කාබනික පොහොර විශ්ලේෂණය සඳහා රසායනාගාර පහසුකම් වැඩිදියුණු කිරීම, ඒකාබද්ධ පැලෑටි පෝෂණ ක්‍රමවේදය ප්‍රචලිත කිරීම සඳහා යාය ආදර්ශ පැවැත්වීම, කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණය නිපදවීම, කොම්පෝස්ට් අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම වැනි කාර්යයන් රැසක් සිදුකරනු ලබයි.

ගත වූ සිව්වසර තුළ දී කෘෂිකර්ම අමාත්‍යාංශයේ තවත් වැදගත් ව්‍යාපෘතියක් වන්නේ ගෙවතු වගා ව්‍යාප්ති වැඩසටහනයි. ගෙවතු වගා සඳහා ජනතාව දිරිගැන්වීම සඳහා ගෙවතු වගා තරඟ රැසක් සංවිධානය කළ අතර එම ව්‍යාපෘතිය යටතේ ගමනැඟුම වැඩසටහනට අනුව ගෙවතු 41553ක් වගා කොට තිබේ.

ජලාශ ව්‍යාපෘති

මහවැලි අධිකාරිය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා සීමාසහිත ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය වැනි වෙනත් ආයතන මගින් ගෙවතු 60340ක් වගාකර තිබේ. දැනට ගෙවතු 200951 වගා කර ඇති අතර 2010 වන විට ඉලක්කගත ගෙවතු සංඛ්‍යාව 574288 කි.

බඩඉරිඟු නිෂ්පාදනය වැඩිකිරීම සඳහා අමාත්‍යාංශය මගින් කාර්ය සාධක කමිටුවක් පත්කර ඇති අතර 2006/2007 මහ කන්නයට සාපේක්ෂව 2007/2008 මහකන්නයේ දී සියයට 70ක පමණ නිෂ්පාදනය ඉහළගොස් තිබේ.

2007 වසරේ දී බඩඉරිඟු මෙට්‍රික් ටොන් 56438ක් නිෂ්පාදනය කළ අතර එය 2008 දී 203412 දක්වා ඉහළ ගියේ ය. 2009 දී මෙට්‍රික්ටොන් 214464ක් දක්වා ඉහළ ගිය දේශීය බඩඉරිඟු නිෂ්පාදනයේ 2010 අපේක්ෂිත නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 225750 කි.

දේශීය ලොකු ලූණු වගාවද 2007 වර්ෂයේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 89684 ක් වූ අතර එය 2009 දී මෙට්‍රික් ටොන් 134527 දක්වා ඉහළ ගොස් තිබේ.

රතු ලූණු වගාව ද ඉහළගොස් ඇති අතර 2007 දී මෙට්‍රික් ටොන් 57041 ක් වූ නිෂ්පාදනය 2009 දී මෙට්‍රික් ටොන් 80150 දක්වා ඉහළ නැග තිබේ. මෙලෙස මිරිස්, මුං, කව්පි, සෝයාබෝංචි, උඳු, රටකජු සහ කුරක්කන් යන අතිරේක බෝගවගාවන්හි නිෂ්පාදනය විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

මීට අමතරව එළවළු, තක්කාලි, පලතුරු අර්තාපල් වගාව හා දේශීය අලබෝග වන බතළ, මඤ්ඤොක්කා, කිරිඅල, වැල්අල ආදී අලවර්ග වගාවන් හා ඬෂ්පාදනය ඉහළ නැංවීමේ ව්‍යාපෘතීන් රැසක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා තිබේ.

එසේ ම කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ හා කෘෂි ආම්පන්න ගොවීන්ට සහන මිල ගණන් යටතේ පහසු ගෙවීමේ ක්‍රමයට ලබාදීමේ ව්‍යාපෘතීන් ද අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා ඇති අතර ජපන් ආධාර යටතේ ලැබුණු රෝද දෙකේ සහ රෝද හතරේ ට්‍රැක්ටර් හා සංයුක්ත කොළමැඩීමේ යන්ත්‍ර ආදිය ද උදලුතල දහස් ගණනින් ගොවිජනසේවා දෙපාර්තමේන්තුව මගින් ලබාදීම ද සිදුකර තිබේ.

මෙයට අමතරව කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් මෙරට ගොවි ජනතාවගේ උන්නතිය සඳහා පියවරයන් රැසක් ක්‍රියාත්මක කරයි.

ඒ අතර ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙසින් උතුරුමැද පළාතේ පොලොන්නරුව, අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්, මාතලේ දිස්ත්‍රික්කයේත් යල මහ දෙකන්නය වගා කරවීමට හැකිවන පරිද්දෙන් මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයි.

ඓතිහාසික ඇලහැර අමුණට නුදුරින් අඹන්ගඟ හරස්කර යෝධ වේලි සකස්කර මොරගහකන්ද ජලාශය ඉදිකෙරෙන අතර අඹන්ගඟේ අතු ගංගාවක් වන මාතලේ කළුගඟ හරස්කර කළුගඟ ජලාශ ව්‍යාපෘතියත් ඉදි කෙරේ.

වාර්තාගත අස්වැන්නක්

රුපියල් මිලියන 63536ක් මෙම යෝධ ව්‍යාපෘතිය සඳහා වැයකරන අතර ඉඳිකිරීම් කටයුතු සඳහා ජපාන සහයෝගීතා ඒජන්සියත්, ඔපෙක් අරමුදල, සවුදි අරමුදල හා කුවේට් අරමුදල එක්ව අරමුදල් සපයනු ලබයි. මෙහි ආරම්භක ඉඳිකිරීම් මේ වන විට අවසන් ව තිබේ. මේ සඳහා මේ වන විට රුපියල් මිලියන 1800ක් වැයකර ඇත. 2007 ජනවාරි මාසයේ දී ජනාධිපතිතුමා විසින් මෙම ව්‍යාපෘතියට මුල්ගල තබන ලදී.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉංජිනේරුවන් විසින් මෙහි ඉදිකිරීම් මෙහෙයවීම විශේෂත්වයක් වන අතර මෙම ජලාශ ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන මහ සැලැස්මේ අවසන් අධියර වේ.

මෙම ව්‍යාපෘතිය මගින් මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයද, කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය ද සැපයේ. මෙම ජලාශ මගින් මෙගොවොට් 20ක ජල විදුලියක් ද නිපදවේ. මහවැලි අධිකාරිය මගින් සිදුකරනු ලබන තවත් ව්‍යාපෘතියක් වන්නේ වේලි ආරක්ෂණ ව්‍යාපෘතියයි. මහවැලි ගංගාවේ ඉවුරු ආරක්ෂා වන පරිදි උණ වගාකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ.

මීට අමතරව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් මහවැලි වාරිකලාප 13ක ඉඩම් හෙක්ටයාර 365000ක් කෘෂිකාර්මික සංවර්ධනයක් සඳහා යොදාගැනීම සිය මූලික අභිප්‍රාය කරගෙන තිබේ.

මේ වන විටත් වියළි කලාපයේ ඉඩම් හෙක්ටයාර 180962 ක් සඳහා අවශ්‍ය ජලය කළමනාකරණය කිරීමේ වගකීම ඉටුකරයි. මහවැලි කලාපයන්හි වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 790530ක් වූ අතර එය සමස්ත දේශීය නිෂ්පාදනයෙන් සියයට 22 කි. 2009 යල කන්නයේ දී මහවැලි කලාපයන්හි සාමාන්‍ය වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 6කි. එය වාර්තාගත අස්වැන්නකි.


සබැඳි පුවත්