කලාවට කැමැති අපේ ජනාධිපතිතුමා

කලාවට කැමැති අපේ ජනාධිපතිතුමා

ජනාධිපති උපදේශක (කලා) සංගීතඥ රෝහණ වීරසිංහ

හින්ද රාජපක්‍ෂ මැතිතුමා මෙරට ජනාධිපති වූයේ උතුරේ මෙන්ම දකුණෙත් ත්‍රස්ත බිය උපරිමයෙන්ම රට ගිලගත් සමයක බව අමුතුවෙන් සිහිපත් කළ යුත්තක් නොවේ. දෙකඩ වන්නට ගිය ශශ්‍රී ලංකා ද්වීපය එක්සේසත් කොට එකම ධජයක් යට ගෙන එන්නට සමත් වූ මේ අභීත නායක ගේ සිව් වැනි පදවි ප්‍රාප්තිය මේ මස 19 වැනිදාට යෙදී ඇත.

මහින්ද රාජපක්‍ෂ ජනපති සිව් වන වසර සමරන මේ මොහොතේ මරණ බයක් දැනෙන යුද්ධයක් රටේ නැත. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සැම සතුටින් රට පුරා සැරිසරති . දකුණේ මෙන්ම උතුරේ දරුවෝ ද නිදහසේ අකුරු උගනිති.

සාමකාමී රටක නිදහසේ හුස්ම ගන්නට පරිසරය ලබාදීමම ප්‍රමාණවත් නොවේද? තිස් වසරක් පුරා අප අත්විඳී බිහිසුණු ත්‍රස්ත බියෙන් රටම මුදා ගෙන රට සංවර්ධනය කිරීමේ වගකීම ද නිසි අයුරින් ඉටු කරන ජනපති එදා - මෙදා තුර වසර හතරක කාලය තුළ කලාව උදෙසා කළ අනභීභවනීය මෙහෙවර ගැන සිහිපත් කරන්නට ජනපති කලා උපදේශක ප්‍රවීණ සංගීතඥ විශාරද රෝහණ වීරසිංහයන් හමුවුණෙමි.

“මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපතිවරයා ලෙස බලයට පත් වන සමයේ රට බෙහෙවින් ම අරාජික තත්ත්වයකට පත් වෙලයි තිබුණේ. එක පැත්තකින් බිහිසුණු යුද්ධයක්. අනෙක් අතින් රටේ සංවර්ධන කටයුතු මන්දගාමී ස්වරූපයකින් ක්‍රියාත්මක වූ සමයක්.

මෙතුමා මේ සියල්ල ගැනම හොඳින් විමසා බලා ‘මහින්ද චින්තන’ වැඩපිළිවෙළ සකස් කරමින් ඒවා පොරොන්දුවලට පමණක් සීමා නොකොට ක්‍රියාත්මක කරන්නට පෙළඹුණා.

රණවිරුවෝ ඇතුළු ආරක්ෂක අංශවලට අයත් පිරිස යුද්ධය නිමා කරන්නට වෙහෙසෙද්දී රටේ සංවර්ධන කටයුතු ද ඒ හා සමගාමීව ක්‍රියාත්මක කරන්නට එතුමාගේ අවධානය යොමුවුණා. කලාවේ උන්නතිය වෙනුවෙන් එතුමා තුළ තිබූ විශේෂ උනන්දුව ඒ අතර කැපී පෙනුණි.

සිනමාවේ අර්බුද රාශියක් පැවැති සමයක මහින්ද රාජපක්‍ෂ ජනපතිගේ සම්ප්‍රාප්තිය සිදුවීම සමස්ත කලාකරුවන්ගේ වාසනාවක් ම වුණා. මෙතුමාගේ ප්‍රථම, දෙවැනි, තෙවැනි අයවැය යෝජනාවලදී සිනමාව නැංවීම උදෙසා විශේෂ අවධානයක් යොමු කර තිබීම විශේෂයෙන්ම මතක් කළ යුතුයි. සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා බදු සහන රැසක් ලබාදීමේ ප්‍රතිඵල අපි දැන් භුක්ති විඳිනවා.

හෙළයේ මහා සිනමා කරුවාට උපහාර

දළ සේයාපට ගෙන්වීමේදී කැමරා ආම්පන්න ගෙන්වීමේදී තිබූ විශාල බදු මුදල් අවම තත්ත්වයකට පත් කළා. ප්‍රචාරණ කටයුතුවලට බදු සහන ලබා දුන්නා.

සිනමාව කර්මාන්තයක් වශයෙන් පවතින්නට නම් උසස් තත්ත්වයෙන් හෙබි නව තාක්‍ෂණික පහහසුකම් සහිත සිනමා ශලා අත්‍යාවශ්‍යම යි . මේ පිළිබඳ ජනාධිපතිතුමා ගේ විශේෂ සැලකිල්ල යොමුවීමේ ප්‍රතිඵලයක් හැටියට සිනමා ශාලා හිමිකරුවන්ට බදු සහන රැසක් ලබාදීමත් කැපී පෙනෙනවා.

අලුතෙන්ම සිනමා ශාලා ඉදිකරන සිනමාහල් හිමියන් අවුරුදු දහයක් ආදායම්බද්දෙන් නිදහස් කර තිබෙනවා. තිබෙන සිනමා ශාලා නවීකරණය කර ප්‍රමිතිගත කිරීම වෙනුවෙන් වසර පහක් දක්වා බදු සහන ලබාදීමත් විශේෂයි. ඒවගේම මේ සිනමාශාලා සඳහා ගෙන එන භාණ්ඩ රේගු බදුවලින් නිදහස් කරලා තියෙනවා.

නිෂ්පාදකවරු දිරි ගන්වමින් ඔවුන් චිත්‍රපට උදෙසා ආයෝජනය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කිරීම නිසා ඉතා හොඳ මට්ටමේ සිනමා කෘති රැසක් ප්‍රේක්‍ෂකයා හට නරඹන්නට පසුකාලයේ හැකි වුණේ මේ පහසුකම් ලබාදීමේ ප්‍රතිඵලයක් හැටියටයි. අතීතයේ බොහෝ විට සිද්ධ වුණේ ලාභ නොලැබීම නිසා නිෂ්පාදකවරු සිනමාව අතහැර යෑමයි. නමුත් අද වන විට තත්ත්වය සහමුලින්ම වෙනස්.

පසුගිය කාලයේ අබා’ වැනි දැවැන්ත චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා ලාභ ලබන්නට තරම් සිනමාවේ තත්ත්වය යහපත් අතට හැරීම කලාකරුවන් හැටියට අපට විශාල සතුටක්. ඇත්තටම ජනාධිපතිතුමා සිනමා ක්‍ෂේත්‍රයට මේ ලබා දුන් අති විශාල සහන නිසා අද වන විට සිංහල සිනමාවේ නව ප්‍රබෝධයක් ඇති වී තිබෙන බව අපට පෙනෙනවා.

ඊට සමගාමීව මෙතුමා සාමය ඇති කළ නිසා සිනමා ශාලා කරා යන පේ‍්‍රක්‍ෂකයන් ප්‍රමාණය අති විශාල අන්දමින් වැඩිවීමේ ප්‍රවණතාවයක් දකින්න පුළුවන්. සිනමා ශාලාවල කොතරම් පහසුකම් තිබුණත් පසුගිය කාලයේ ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට යෑමේ පසුගාමී බවක් තිබුණා.

මීට මාස 6 කට පෙර මිනිස්සු විනෝදාත්මක දේවල් අමතක කරලා හිටියේ මිනිස්සු ටෙලිවිෂන් එකට කොටු වුණා. ඒත් දැන් තත්ත්වය වෙනස්. අද සමස්ත රට වැසියාම ලැබූ නිදහස හරහා විනෝදාස්වාදය උපරිමයෙන් විඳින බවක් පෙනෙනවා.

කවුරුත් එළි පෙහෙළියට බැහැලා විනෝද ගමන් යනවා. චිත්‍රපට බලන්න යනවා. නාට්‍ය බලන්න යනවා. එවැනි ප්‍රවණතාවයක් අපි අද දවසේ දකිනවා. මේ ගෞරවය හමිවෙන්නේ ජනාධිපතිතුමාට යි.

ටෙලි විෂන් කලාව සම්බන්ධයෙනුත් ජනාධිපතිතුමාගේ තිබූ සැලකිල්ල අති විශිෂ්ටයි. මක් නිසාද අද වන විට රූපවාහිනිය දෙවැනි වන්නේ සිනමාවට පමණි.

බාල වර්ගයේ ඉන්දියානු ටෙලි නාට්‍ය හඬ කවා හෝ දෙබස් සහිතව ප්‍රේක්ෂකයනට අල්ලස් දී ඇඳ බැඳ තබා ගැනීමේ ප්‍රවණතාවයක් මෙරට සමහර රූපවාහිනී නාලිකා තුළ තිබුණා.

එවැනි ටෙලි නාට්‍ය හරහා අපගේ සංස්කෘතියට විශාල බලපෑමක් එල්ල වුණා. මේ හානිය ගැන හිතලා බද්දක් අය කරන්නට එතුමා තීන්දු කළා. ඒ බද්ද අය කිරීමත් සමඟ ඒ පැමිණි ප්‍රවාහය බොහෝදුරට මැඩපැවැත්වුණා. මේ වන විට ආනයනික රූපවාහිනී නිර්මාණ සම්බන්ධයෙන් රුපියල් මිලියන 550 ආසන්න මුදලක් ලැබී තියෙනවා.

ඒ බදු මුදල් වෙනත් කිසිදු රජයේ ක්‍රියාවකට නොයොදවා කලාකරුවන් ගේ අභිවෘද්ධිය උදෙසාම වෙන් කළ යුතු බව එතුමන් ගේ අදහසක්. රන්මිණිතැන්නේ ටෙලි සිනමා ගම්මානය කලාකරුවන් උදෙසා නිම වෙන්නේ ඒ බදු මුදල් වලිනුයි. අදියර තුනකින් සමන්විත මෙම ටෙලි සිනමා ගම්මානය චිත්‍රාගාරයකට අවශ්‍ය සියලුම අංගෝපාංගයන් ගෙන් සමන්විත ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු චිත්‍රාගාරයක් බව කිව හැකියි. ඇත්තටම මෙහි ප්‍රතිලාභ ලැබෙන්නේ ඉදිරියේදී යි.

ගුණදාස අමරසේකරයන් සමග...

ඒ වගේම අපේ බාල පරපුර විනාශයට පත් කරවන අපගේ සංස්කෘතියට හිතකර නොවන රූපවාහිනි වෙළෙඳ දැන්වීම්, අසභ්‍ය වෙබ් අඩවි, ආදිය තහනම් කිරීම පිළිබඳ ගත් තීන්දුව ඉතාම නිවැරැදි එකක්.

රාත්‍රී සමාජ ශාලාවලට බාල වයස්කාර තරුණ තරුණියන් යෑම පිළිබඳවත් එතුමාගේ නීතියක් පනවා තිබෙනවා. මේ හැම දෙයක් ම මෙතුමා කෙළේ යහපත් දරු පරපුරක් අනාගතයට බිහිකරලන්නට යි.

රටට සාමය උදාවීමත් සමඟ අද මුළු රටේ ම සංගීත සංදර්ශන පැවැත්වෙන ප්‍රවණතාවය ඉහළ ගිහින් තිබෙනවා. ඉස්සර දකුණේ විතරයි.

දැන් උතුරටත් අපේ ශිල්පීන් නිතරම යනවා. මේ සංස්කෘතික ප්‍රබෝධය නිසා අපේ ගායක ගායිකාවන්ට සංගීත කණ්ඩායම් ශිල්පීන් ගේ ආදායමේ ප්‍රවණතාවයත් ඉහළ ගිහින්.

රාත්‍රී 10 න් පසුව සංගීත සංදර්ශන පැවැත්වීම නීතියෙන් තහනමක් පනවා තියෙනවා. මේ වන විට අපි ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා නීතිපති තුමා හරහා අභියාචනාවක් දැනටමත් අපි ඉදිරිපත් කරලා අවසානයි. මේ ප්‍රශ්නය තව මාස දෙක තුනකින් විසෙඳ්වි කියන සුබවාදී බලාපොරොත්තුවක් අපට තියෙනවා.

සංගීත ක්‍ෂේත්‍රය පැත්තෙන් තවදුරටත් කතා කළොත් ගීත යන්හි කර්තෘභාගය ගෙවීම දැන් නීතිගත කර අවසන් අදියරේ තිබුණත් එය ක්‍රියාත්මක කිරීමේ නොහැකියාවක් මතුවී තිබෙනවා. මේ ප්‍රතිලාභ ශිල්පීන්ට ලබා දෙන්නේ කොහොමද කියන ගැටළුව නිසා. පිටරටවල නම් නිර්මාණ අයිතිය ආරක්‍ෂා කිරීමේ ආයතන තියෙනවා.

රූපවාහිනී, ගුවන්විදුලි නාළිකා ගෙවීම් කරන්නේ මේ Collective Secity  යි. ඒ ආයතනයෙන් ශිල්පීන්ට අදාල ප්‍රතිලාභ ලබා දෙනවා. නමුත් අපේ ශිල්පීන් මෙවැනි පෞද්ගලික ආයතනයකට පවරන්න මැලිකමක් දක්වන නිසා එහි කටයුතු අතරමග ඇණහිටිල.

මේ තත්ත්වය මත මම ජනාධිපතිතුමාට යෝජනා කළා ඉස්සර ගුවන් විදුලියේ කලා වගේ පෞද්ගලිකව ශිල්පීන්ට මුදල් යවමුය කියන අදහස. මෙහි කැබිනට් පත්‍රිකාවත් සම්මත කර ගෙන අවසන්.

කොළඹ හත නොමෑඩ්ස් පිටියේ ඉදිවන අති විශාල ප්‍රාසංගික රංග ශාලා සංකීර්ණය එතුමා කලාකරුවන් උදෙසා කළ තවත් මෙහෙවරක්. චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය කාලේ චීන රජයෙන් ලැබුණු ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ඇරැඹිය අතරමග වැඩකටයුතු නැවතීමත් සමඟ චීන රජයෙන් මෙය ඉල්ලා අස්කර ගත්තා. නමුත් මහින්ද රාජපක්‍ෂ බලයට පත් වූ පසු අපි මේ ගැන මතක් කළා.

එතුමා චීනයට ගිය වෙලාවෙකදී වළ දමා තිබූ මේ යෝජනාව ගොඩට අරගෙන මාස 26 ක් තුළ වැඩ කටයුතු නිමකර ලබන වසරේ මාර්තු මාසයේ විවෘත කිරීමටත් සූදානම්.

වර්ග මීටර් 14,000 ක පමණ භූමි ප්‍රමාණයක ඉදිවන මෙම ප්‍රාසාංගික කලා රඟහල වේදිකා, නාට්‍ය ශාලා, පුහුණුවීම් ශාලා, පුස්තකාල පහසුකම්, කෞතුකාගාර, ඇතුළු සියලු පහසුකම් සහිතව ඉදිවන සංකීර්ණයක්.

මෙය ආසියාවේ ඉදිවන විශාලතම දැවැන්තම ප්‍රාසාංගික කලා රඟහලයි. නාට්‍ය ක්‍ෂේත්‍රයේ නියැලී සිටින්නන් හට මෙමඟින් විශාල සේවයක් සිදුවෙයි. ප්‍රසංග කලා රඟහලක අවශ්‍යතාවය දැඩිව දැනෙන මොහොතක එම අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකිවීමත් කලාකරුවන් ලැබූ තවත් භාග්‍යයක්.

දී්ඝ කාලයක් තිසේසේ කැලණි විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව පීඨයක් ලෙස පැවැති සෞන්දර්යය විශ්වවිද්‍යාලය (හේවුඩ්) ජනාධිපතිතුමා බලයට පැමිණීමෙන් අනතුරුව නිදහස් පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් කළා. සෞන්දර්යය හැදෑරූ විද්‍යාර්ථියන්ට විශාල ප්‍රශ්නයක් එතුමා නිරාකරණය දුන්නා.

කලාකරුවන් සමග...

කලාකරුවන්ගේ භෞතික අවශ්‍යතා මැනැවින් හඳුනාගෙන ඉටු කරනවා වගේම කලා නිර්මාණ රසවිඳින්නට ද එතුමා අමතක කරන්නේ නැහැ.

රටේ පවතින ආරක්‍ෂක හේතූන් මත සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් බැලීමට නො හැකි වුණත් එතුමා අරලියගහ මන්දිරයට ගෙනවිත් හෝ නිර්මාණ රසවිඳ කලාකරුවන් දිරිමත් කිරීමේ ගුණයක් තිබෙනවා. ‘අබා’ ‘බිංදු’ උදාහරණ කිහිපයක්. ඇත්තටම ඔහු හදවතක් ඇති මනුස්සයෙක්.

කලාවේ උන්නතිය උදෙසා කඳුළු දහදිය හෙළු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ගැන ද ජනාධිපතිතුමා ඉතා ඕනෑකමින් විමසා බලනවා. විශ්‍රාමිකයන් වෙනුවෙන් ටවර්හෝල් පදනම ක්‍රියාත්මක කරන විශ්‍රාම වැටුප් මුදල මෙතුමා බලයට පත්වීමත් සමඟ වැඩි කලා පමණක් නොව පුළුල් ලෙස විධිමත් කළා.

බොහෝ විට අපි දන්නෙ නායකයෝ කලින් කළ දේ නැවත පත්වන රාජ්‍ය නායකයා නවත්වන එකනේ. නමුත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා එහෙම කෙනෙක් නෙමෙයි. එතුමා කලාකරුවන් පක්‍ෂ පාටවලට වෙන් කරලා සලකන්නේ නැහැ.

ජාත්‍යන්තරව මෙරටට කීර්තිය ලබාදෙන කලාකරුවන් හට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නටත් මෙතුමා කිසි විටෙකත් පැකිලෙන්නේ නැහැ. එවැනි නිර්මාණකරුවන්ට එතුමා කළ හැකි උපරිම හරසර පුද කරනවා.

මට මතකයි හෙළ නිළි රැජින මාලිනි ෆොන්සේකා සහෝදරිය රජත මයුර සම්මානය ලද බව ඇසූ මොහොතේ එතුමා ඇයට එම සම්මානය ගෞරවණීය ලෙස ලබන්නට ඇවැසි සියලුම කටයුතු සකස් කළා.

ඒ රටට යෑමේ අවශ්‍ය පිරිසට ඒ පහසුකම් ලබා දෙමින් ගුවන් තොටුපලේ සිට රතු පළස මතින් ගෞරවණීය ලෙස පිළිගනිමින් රාජ්‍ය වශයෙන් ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන්නටත් දෙවරක් හිතුවේ නැහැ. මාලිනි ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් යාපනේ කලා කේ්න්ද්‍රය ඉදි කිරීමේ අදහසටත් ජනාධිපතිතුමා එක සිතින් සුබ පැතුවා.

යාපනයේ ඉඳිවන මෙම කලා කේන්ද්‍රය පිළිබඳව ජනාධිපතිතුමා තුළ ඇත්තේ අසීමිත සතුටක්. යාපනේ කියන්නේ ඉතාම ඉහළ සංස්කෘතියක් ඇති ප්‍රදේශයක්. ඒ කලා සම්ප්‍රදාය මෙච්චර කාලයකට දකුණට මුහුවුණේ නැහැ.

යුද්ධයෙන් පෑරුණු හිත් සුවපත් කළ හැක්කේ කලාවෙන්. මින් මත්තට අපේ රටේ සිංහල සංස්කෘතිය, දෙමළ සංස්කෘතිය වෙනුවට ලාංකීය උසස් සංස්කෘතියක් අපට බිහි කිරීමට මෙම කේන්ද්‍රය හරහා විශාල කාර්යභාරයෙක් ඉටු වේවි.

මේ ජනාධිපතිතුමාගේ තිබෙන තවත් විශේෂත්වයක්. මම එය එතුමා සතු මානව දයාවේ ගුණයක් හැටියටයි දකින්නේ.

කලාකරුවන්ට පොදුවේ හැරුණු විට පෞද්ගලිකව උදව් උපකාර අවශ්‍ය වූ විට නොපැකිළිව ඉදිරිපත් වෙනවා. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මාසටර් ජීවතුන් අතර ඉන්නැද්දි නිතරම දුක සැප බැලුවා. කලාකරුවන්ගේ උපන්දිනයකදී නොවැරැදීම උදෑසන සුබ පතන්න අමතක කරන්නේ නැහැ.

කලාකරුවන් අසනීප වූවිට පෞද්ගලිකව මැදිහත් වී සොයා බලන කරුණාවන්ත හදවතක් ඇති නායකයකු බව කටපුරා කියන්න පුළුවන්. ඒ වගේම කලා ලොවේ යුග පුරුෂයන් සමරන උත්සවලදී එතුමා පෞද්ගලිකව සහභාගී වී අවශ්‍ය මූල්‍ය උපකාර ද ලබා දෙන්නට මැලි වෙන්නේ නැහැ.

හම්බන්තොට රන්මිණිතැන්නේ ඉදිවන ටෙලි සිනමා ගම්මානය

මීට ප්‍රථම හිටි රාජ්‍ය නායකයිනුත් කලාකරුවන්ට භෞතික වශයෙන් බොහෝ දේවල් ලබා දී තිබෙනවා. නමුත් එතුමන්ලා පෙරලා ඔවුන්ගෙන් ප්‍රති උපකාර බලාපොරොත්තු වුණා.

නමුත් මෙතුමා කලාකරුවන්ට සලකන්නේ අවකවම ඔවුන්ගේ සුබ සිද්ධිය උදෙසාමයි. ප්‍රතිලාභ ගැන කල්පනා කරන්නේ නැහැ.

පසුගිය අවුරුදු හතර දෙස හැරිලා බලන විට මට දැනෙන්නේ 2005 අවුරුද්දේ මැතිවරණ වේදිකාවේ එතුමා වෙනුවෙන් හඬක් නඟන්නට හිටියේ ;බාහෝ අතළොස්සයි. නමුත් අද එතුමා වටා සියලුම පක්‍ෂවල කලාකරුවෝ ඉන්නවා. එහෙම ඉන්න සමහර කලාකරුවන් කිව්වේ මහින්ද රාජපක්‍ෂට මේ රට ගියොත් අනාථ නාථ කියලා. එහෙම කිව් විරුද්ධවාදීන් පවා ජනාධිපතිතුමාගේ දෙපා මුලට පැමිණි මොහොතේ එතුමා ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒ තමයි එතුමාගේ මනුස්සකම.


සබැඳි පුවත්