රට හදන රාජපක්ෂ පරපුර අපිට අභිමානයක්

රට හදන රාජපක්ෂ පරපුර අපිට අභිමානයක්

මැදමුලන වැසියෝ කියති

දමුලන චින්තනයෙන් හා විදේශ ප්‍රතිපත්තියෙන් දෙස් - විදෙස් දෑස් මවිත කර වූ රාජපක්ෂ පවුර රට වටා ශක්තිවන්ත වී තිබේ.

වසර තිහක මේ රටේ යුද ශාපය වසර හතරක පමණ කාලයකින් නිමාවට පත් කරමින් රටට ඇවැසි ප්‍රතිපත්තියක් වූ මහින්ද චින්තනය ගම් - දනව් සිසාරා පැතිර යෑම වළක්වා ලීමට දරන උත්සාහයන් අද ගඟට කපන ඉණි වැනිය.

මේ අසහාය යුග පුරුෂයා, ජනතාවාදී දේශපාලනඥයා උපන්ගමට ණය නොවී, උපන් රට උකසට නොතබා අනාගත පරපුරට නිදහස් නිවහල් දේශයක් බිහි කිරීමට හැකි වීම ශ්‍රී ලාංකිකයන් වන අප සැමගේ භාග්‍යයක් වන්නෙමු.

රුහුණු පුරවරය සෑම ක්ෂේත්‍රයකම ඉහළ නම් දැරූ යුග පුරුෂයන් බිහි වූ ප්‍රදේශයකි. රජ පෙළපත වුවද , සාහිත්‍යකරුවන් වුවද , ගත්කතුවරුන් වුවද , ධර්ම ධරයින් වුවද බිහිවූයේ රෝහණ දේශයෙනි.

රෝහණ දේශයේ නම ලොව ප්‍රචලිත කරන්නට සියවසකින් පසුව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකි වී තිබේ.

පුන්‍ය භූමිය

මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්ගම වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය බුද්ධිය ගමයි. බුද්ධිය ගමේ නැඟෙනහිර කොටසේ සරුසාර කෙත්වතු යායක් සමීපව මැදමුලන ග්‍රාම නිලධාරි වසම පිහිටා තිබේ.

වීරකැටියේ පස් මංහන්දිය දෙණිය කොටබෝව හරහා උඩුකිරිවිල වැවේ සිහිලස පහස විඳිමින් මැදමුලන මංසන්ධියට පැමිණ දෙබොක්කාව මාර්ග - හරහා ගමන් කරන කෙනෙකු නිල්ල පිරුණු කෙත්වතු පොල් රුප්පා මැද පත්තිරිප්පුවක් මත ඉඳිවූවා සේ මැද මුලන වලව්ව පිහිටා ඇත.

රජුන් බිහිකළ මේ පුණ්‍ය භූමිය දෙසින් හමන සිසිල් සුළඟ අද රට පුරා හමායයි.

එදා මැදමුලන ගම පවුල් කිහිපයකින් සමන්විතව තිබූ බව අපට කීවේ මැදමුලන පදිංචි කේ. පී . ජයසේකර මහතාය.

මැදමුලන ගම කියන්නේ මේ රටේ තවත් දුප්පත් ගමක්. අද පවා මේ ගම දියුණු වෙනවා. මේ ගම් සංවර්ධනය නොවුනා සේම රටේම ගම් සංවර්ධනය වුණේ නැහැ. මැදමුලන ගම පමණක් නොව අද රටේම ගම්මාන සංවර්ධනය කිරීම ජාතික සවිය මඟ - නැඟුම යටතේ සිදු වෙනවා. මෙය මහින්ද චින්තන ප්‍රතිපත්තියයි. මැදමුලන ගම සංවර්ධනය වන්නේ මහින්ද චින්තන ප්‍රතිපත්තියෙනි.

දේශීය ආහාර

මැදමූලන පාරවල්වලට කොන්ක්‍රීට්

අද ගම සංවර්ධනය වෙනවා. විශේෂයෙන් හම්බන්තොට සුවිශාල සංවර්ධනයන් සිදු වෙනවා. විශේෂයෙන් දේශීය ආහාර නිෂ්පාදනය සඳහා සිය නිවසින්ම පූර්වාදර්ශය ලබා දී තිබෙනවා.

වත්මන් වරාය සිවිල් ගුවන් සේවා හා ජල කළමනාකරණ ඇමැති චමල් රාජපක්ෂ මහතා මැදමුලන නිවස ප්‍රදේශය සරුසාර ලෙස වගා කටයුතු සිදුකර තිබේ. සරු කෙත්වතු වලව්ව හතර දෙසින්ම පිහිටා තිබේ.

රාජපක්ෂවරු මේ ආකාරයට සිදුකෙරන සංවර්ධනය මේ රටේ මාධ්‍යයෙන් හරියට ලොවට කියා පාන්නේ නැහැ. මෙය බරපතල ගැටලුවකි.

1951 වසරේ දී තමයි මැදමුලන විදුහල ආරම්භ කෙළේ ඒ ඩී. එම්. රාජපක්ෂ මහතාගේ ඉඩමකයි. රාජපක්ෂවරු එදත් - අදත් රටේ දරුවන් වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කළ අයවෙති. අද මැදමුලන මහා විද්‍යාලයේ සිප් හතර හදාරන දරුවෝ මේ රටේ ඉහළ තනතුරු ලබති.

ගමට - පාසල, ගමට - පන්සල, ප්‍රජාශාලාව, පුස්තකාලය, ඇතුළු ප්‍රජා සේවා සියල්ලම සඳහා පුරෝගාමීවූයේ රාජපක්ෂවරුය.

තමන් සතු ඉඩකඩම් විකුණා - පොදු අවශ්‍යතා සඳහා නොමිලේ පරිත්‍යාග කරමින් රාජපක්ෂවරු දේශපාලනය කෙළේ මේ රටේ සැබෑ ජන බලවේගයන් ගොඩනැඟීම සඳහා ය. අද එය යථාර්ථයක් බවට පත් වී තිබේ.

සහෝදර බැම්ම ශක්තිමත් ලෙස බැඳුනු පවුලක් තමයි මේ රාජපක්ෂ පවුල එදා ඉඳලම. මේ අය කවදාවත් සහෝදරකම නැති කරගත්තේ නැත. ඒ නිසාමයි අද රාජපක්ෂ පවුර මේ රට වටකරගෙන රට ආරක්ෂාකර ගන්න කටයුතු කරන්නේ. මෙයට රාජපක්ෂ සහෝදර සමාගම කියා කව්රුහරි අවමාන කරනවා නම් ඒ කරන්නේ අතීතය නොදැන. ඇත්ත තමයි මේ ශක්තිමත් සහෝදර බැම්ම නිසා තමයි රට අද ශක්තිමත් වී තිබෙන්නේ, මැදමුලන ගමේ ශක්තියයි.

ජනතාවගේ ප්‍රශ්න

ගමට ජීවය දෙන වැව

පී. වී. ජී. කරෝලිස් (ඕමාරේ අප්පුහාමි) මැදමුලන

මහින්ද රාජපක්ෂ මහත්තය එදා පුංචි කාලේ ඉඳලම මහජනතාවගේ හඬට හොඳට ඇහුම්කන් දුන්නා. පප්පාට පවා ඇතැම් අවස්ථාවල කෑ ගසා තිබෙනවා.

මේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න කියා. මහජනයට ඔහොම කීකරු අයෙක් මම නම් දැකල නැහැ.

අදත් එසේමයි. මහජනතාවගේ පැත්තෙන්ම තමයි එතුමා කටයුතු කරන්නේ. එම නිසා කවුරු මොනවා කිව්වත් එතුමාට මේ රටේ මහජනතාව සිටිනවා.

එම නිසා කිසිම කරදරයක් තෙරුවන් සරණින් වෙන්නේ නැහැ. මැදමුලන ගමෙන් ගිය අපේ පුංචි පුතා රටේ සාමය ඇති කිරීම ඇත්තටම මට හරි ආඩම්බරයි පුතේ.

මහින්ද මහත්තය සිංහ පැටව් තුන්දෙනෙක් හදලා තියෙනවා. මේ රටේ ඉතිහාසෙ රාජපක්ෂවරු දිගටම සිටිනවා. එය අපට ආඩම්බරයක්.

ජයසේකර කංකානම්ගේ දොන් නිකුලස්

මහතාද සිය අතීතය ආවර්ජනය කරමින් කියා සිටියේ එදා රාජපක්ෂ පවුල මැදමුලන ගමේ පමණක් නොව මේ රටේ සමාජයේ තිබූ සමාජ පන්ති ක්‍රමය බිඳ දැමීමට කටයුතු කළා. දුප්පත් අයට හොඳට සැලකුවා.

වලව්වේ කුස්සියේ වැඩකරපු අයට කියා වෙන විදියකට සැලකුවේ නැහැ. අදත් එහෙමයි. මැදමුලන ගෙදර ඕනෑම වෙලාවක කන්න බොන්න තියෙනවා. අරලියගහ මන්දිරයේ කන්න දෙන එක අරුමයක් නොවෙයි. ඒ උත්තමයන්ගේ දෙමාපියන්ගෙන් ලද දේවල් ඒවා. ඒවා නැති කරන්න කාටවත් බැහැ.

ජනතා හදවතට

මැදමුලන ධර්මගිරි විහාරයේ විහාරාධිපති අඹකොලවැවේ ධම්මාලංකාර හිමි

මහා සංඝරත්නයට පුදුම විදියට ඇලුම් කරන පවුලක්. ගමේ පන්සල පමණක් නොව රටේම වෙහෙර විහාරස්ථාන ගොඩනඟා තිබෙනවා. කවුරු කවර කුමන්ත්‍රණ කළත් මහා සංඝරත්නයේ ආශිර්වාදය එතුමන්ලාට තිබෙනවා.

සාරවත් කෙත්වතු

අඳ ක්‍රමය හා බදු ක්‍රමය නිසා දැඩි පීඩනයට පත්ව සිටි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙමින් ගොවිතැන් කටයුතු සඳහා පහසුකම් සැපයීම මැදමුලන ගමෙන්ම ආරම්භ කෙරිණි.

ජාති අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමට එදා සිටම රාජපක්ෂවරු ක්‍රියා කර ඇත. වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයේ මුස්ලිම් ගම්මානයක් ආරම්භ කර තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

මැදමුලන ගම මේ ආකාරයට එදා සිටම ජනතාව වෙනුවෙන් ජනතා සුභසිද්ධිය උදෙසා ක්‍රියා කළ නායකයින් බිහි වූ උසස් භූමියකි.

එවන් උතුම් භූමියකින් ජනිත වූ ඩී. එම්. රාජපක්ෂ, ඩී. ඒ. රාජපක්ෂ, ලක්ෂ්මන් රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නිරූපමා රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාමල් රාජපක්ෂ අද සහෝදර මෙන්ම පිය - පුතු සෙනෙහස කැටි කරමින් මහා යදමක් ලෙස එකට බැඳී සිටිති. මේ රන්මුවා යදම ශක්තිමත් වන්නේ මේ රට තවත් විදේශ කොළණියක් බවට පත් කිරීමට නොවේ. දේශීය නිෂ්පාදනය දේශීය චින්තනය උසස් මට්ටමකට ගෙන රට යහ මඟට ගැනීමටයි.

එදා සිටම ජනතාවගේ පාර්ශවයේ සිටි රාජපක්ෂවරු අදත් එදාට වඩා ජනතාවගේ හදවතට ලංවී තිබෙනවා.


සබැඳි පුවත්