ජනාධිපතිතුමා සහ මාධ්‍යවේදීන්

ජනාධිපතිතුමා සහ මාධ්‍යවේදීන්

රටක සමස්ත සමාජ සංස්කෘතික සහ ආර්ථික සංවර්ධන අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ජනමාධ්‍ය මගින් ලැබෙන්නේ් පුළුල් දායකත්වයකි. එය ජනතාවට නිවරැදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීම මෙන්ම සමාන වේ. තොරතුරු සහ ජනමාධ්‍ය සම්බන්ධයෙන් මහින්ද චින්තනය වැඩසටහනේ ජනමාධ්‍ය ප්‍රතිපත්තියේ පදනම ද එයයි.

රටේ අභිමානයට, අනන්‍යතාවයට, සංස්කෘතියට, ළමා මනසට සහ සමාජ සදාචාරයට හිතකර ලෙස බලපාන විචාර මාධ්‍ය භාවිතයක් ඇති කිරීමට හැකිවේ නම් එය රජයක් ලබන ජයග්‍රහණයකි. එනම් අවිචාරවත් ලෙස මාධ්‍ය භාවිතය වැළැක්වීම සඳහා රජයට කටයුතු කිීරීමට හැකිවීමකි.

ශ්‍රී ලංකාවේ අභිමානයත්, අනන්‍යතාවයත් ඉතිහාසයේ අන් කවරදාටවත් වඩා ඉස්මතු වූයේ මෙම වසරේ මැද භාගයේදීය. ඒ තිස් වසක් පුරා පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් ශ්‍රී‍්‍ර ලංකා රජය ලද ජයග්‍රහනයෙනි.

ත්‍රස්තවාදය පරාජය කළ ලොව එකම රට ලෙස ශ්‍රී‍්‍ර ලංකා රාජ්‍යය ඉතිහාස පොතට නව පිටුවක් එක් කරන්නට සමත් වූයේය. මුළු විශ්වයම විස්මයට පත් කරමින් ඉතා කෙටි කාලයකදී ත්‍රස්තවාදය පරාජය කොට ලද ජයග්‍රහනය ශ්‍රී ලංකා රජය සහ රාජ්‍ය නායකත්වය බොහෝ රටවල ගෞරවයට පාත්‍ර වූයේය. එම අභිමානය අන් සියලු කාරණවලට වඩා ඉහළම තත්ත්වයකි.

මාවිල්ආරු සොරොව්ව කොටි ත්‍රස්තවාදීන් විසින් 2006 වසරේ ජුනි 21 දින වසා දැමිමෙන් පසුව ඇතිවූ මානුෂික මෙහෙයුමත්, ත්‍රස්තවාදීන් ක්‍රමයෙන් පරාජය කොට ජයග්‍රහණය දක්වා යුදමය මෙහෙයුම්වලදී සහ 2009 මැයි 18 දින ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජය කිරීමේ ජයග්‍රාහි අවස්ථාව දක්වා සහ ඉන්පසුව ඇතිවූ මුදා ගැනීමේ මානුෂික මෙහෙයුම් පිළිබඳව මෙරට සියලු මාධ්‍ය ජාතික න්‍යාය චිත්‍රයකට කටයුතු කළ බව පැහැදිලි කරුණකි.

රාජ්‍ය හා පෞද්ගලික විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය රටේ ජාතික අරමුණ ඉටු කිරීමේ වගකීම ඉතා ඉහළ මට්ටමින් ඉටු කෙළේය. විවිධ සංවිධාන ලෙස පෙනී සිටින විදේශ බලවේග, තැරැව්කරුවන්, කුමන්ත්‍රණකාරීන් පරදවා රට පිළිබඳ නිවරැදි චිත්‍රයක් ලොව මවන්නට මාධ්‍ය මහඟු කාර්යයක් ඉටු කෙළේය.

කොටි ත්‍රස්තවාදීන් ප්‍රහාරවලින් විනාශයට පත් සෙන්චෝලේ ළමා කඳවුර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විනාශ කළ බවට ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා හමුදාව කුඩා ළමයින් මරා දමන චිත්‍රයක් ලොවට පෙන්වන්නට කොටි ඛ්ඹ්තවාදී මාධ්‍ය කණ්ඩායම් විශාල උත්සහයක් ගත් අවස්ථාවේ රටට ආදරය කළ අපේ මාධ්‍ය එය සාවද්‍ය බවට තොරතුරු ලොවට පෙන්වා දුන්හ.

එය එක් සිදුවීමක් පමණකි. කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් අහිංසක දෙමළ ජනතාව මියගිය අවස්ථා බොහෝය. ශ්‍රී ලංකා හමුදාව විසින් අහිංසක දෙමළ ජනතාව මරා දමන බවට ලෝක මතයක් ගොඩ නඟන්නට අතලොස්සක් වූ කොටි හිතවත් මාධ්‍ය කණ්ඩායම් උපරිම උත්සහ කළහ.

අහිංසකයින් අමානුෂිත ලෙස මරා දමන දර්ශන ලොව බොහෝ රටවල ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා රජය ගෙන යන ක්‍රියාමාර්ග ලෙස සනාථ කරන්නට එම මාධ්‍ය කණ්ඩායම් උත්සහ කෙළේය.

ශ්‍රී ලංකා රජයට ලැබෙන විදේශ ආධාර නවත්වා දැමිමේ අරමුණ ඇතිව රජයේ සහ හමුදාමය ක්‍රියාමර්ග පිළිබඳ වැරැදි තොරතුරු මේ මාධ්‍ය කණ්ඩායම් මවාපෑවේය. ත්‍රස්තවාදීන් පෝෂණය වන විවිධ ක්‍රියාමාර්ග මාධ්‍ය මගින් පෙන්වා දුන්නේය. හමුදාමය ක්‍රියාමාර්ග දැඩි වන විට සටන් විරාම ගෙන එන යෝජනා ඉදිරිපත් කෙළේය.

ජනාධිපතිතුමා ලේක්හවුස් ආයතනයට පැමිණිය දා....

කොටි හිතවාදී මාධ්‍ය කණ්ඩායම් සහ කුමන්ත්‍රණකාරීන් පරදවා එක රටක් යන සංකල්පයේ සිට අපේ මාධ්‍ය ජාතික න්‍යාය චිත්‍රයකට කටයුතු කළ බව පෙනීයන පැහැදිලි කරුණකි.

යුද්ධය ජයග්‍රහණය කළ එම කාල වකවානුවේදී මාධ්‍ය ඒකරාශීවීමක් සිදුවිණි. අපේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ජාතික හැඟීමකින් සිය වගකීම් ඉටු කළ බව ප්‍රකට කරුණකි.

මුළු රට පුරා භීතිය පතුරවමින් තිස් වසරක් පුරා පැවති ත්‍රස්තවාදය පරාජය කරන විට ජනතාව පි‍්‍රතියෙන් උද්දාමයට පත්වූහ.

රට ජාතිය පිළිබඳ මහත්වූ හැඟීමකින් අභිමානයෙන් කටයුතු කළහ. රණවිරුවන්ට ගෞරවනීය ලෙස සැලකූ®හ. මේ සියලු සුබවාදී කරුණු සඳහා ජනතාව අවදි කරන්නට සියලු මාධ්‍ය විශාල කාර්ය භාරයක් ඉටු කළහ. එමෙන්ම මේ රටට ආදරය කළ ජනතාව මාධ්‍යයන් වෙත වඩාත් සමීප වූහ.

ජනමාධ්‍ය සහ දේශපාලනය අතර පවතින්නේ ගැඹුරු සම්බන්ධතාවකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ආරම්භයේ සිටම මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් සමඟ ඉතා සමීප සබඳතා පැවත්වූ බව වාර්තා වන්නේය.

දේශපාලන භේදයෙන් තොරව මාධ්‍යවේදීන් සමඟ පැවැති සබඳතා ජනාධිපති ධුරයට පත්වූ පසුව ද නොනැසී පැවතීම නිහතමානි ගුණයෙකි. පෞද්ගලික මාධ්‍ය සමඟ වැඩිම සබඳතා පවත්වන රාජ්‍ය නායකයා ලෙසද මාධ්‍යවේදීන්ගේ මතය වේ.

එතුමා කවදත් මාධ්‍යයට හිතවත්ය. රටේ ප්‍රශ්න සහ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න පිළිබඳව සුහදව සාකච්ඡා කරන්නට මාධ්‍ය ප්‍රධානීන් මසකට වරක් අරලියගහ මන්දිරයට කැඳවනු ලබන්නේය. ජනමාධ්‍ය ඇමති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාද එම අවස්ථාවට සහභාගි වේ.

යුදමය ජයග්‍රහණ ලබමින් අවසන් කාල පරිච්ඡේදයේ දී කොටි හිතවත් මාධ්‍ය කණ්ඩායම් නොයෙකුත් එදිරිවාදි පුවත් රණවිරුවන්ට එරෙහිව පළ කරන්නට කටයුතු කෙළේය.

ජාතිවාදය වපුරන්න එපා, රණවිරුවන්ට පහර ගහන්න එපා. පෞද්ගලිකව මට පහරදෙන්න” යැයි ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමන් මාධ්‍යවලින් කළ ඉල්ලීම සියලු මාධ්‍ය ඉතාමත් වගකීමෙන් ඉටු කළා. රාජ්‍ය නායකත්වයට සහ රණවිරුවන්ට මහත් ශක්තියක් මාධ්‍යයන් වලින් ලබා දුන්නේ්ය.

විසිරී තිබුණු මාධ්‍ය ඒකරාශි වූයේ යුදමය ජයග්‍රහණයේදී පමණක් නොවේ. අපි වවමු - රට හදමු වගා සංග්‍රාමය වැනි ජාතික සංවර්ධන වැඩසටහන්වලදී ද මාධ්‍ය සහාය ලබා දුන්නේය. විශේෂයෙන් මානව අයිතිවාසිකම් පිළිබඳ මතුවූ ගැටලුවලදී මාධ්‍ය ඒකරාශී වී එක හඬින් රට වෙනුවෙන් පෙනී සිටියහ.

පෞද්ගලික හේතූන් මත පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන්් පිළිබඳව දුක සැප සොයා බැලීමට විශේෂ උනන්දුවක් දැක්වූ වෙනත් රාජ්‍ය නායකයෙක් නොවෙති. ප්‍රහාරවලට ලක්වූ මාධ්‍යවේදීන් පිළිබඳව විශේෂ පොලිස් පරීක්ෂණ පැවැත්වීමට නියෝග කෙළේය. මාධ්‍යවේදීන් පහර කෑමට ලක්වූ විට රාජ්‍ය වෙත චෝදනා එල්ලවීම වැළැක්විය නොහැකිය.

රජයට හෝ රාජ්‍ය නායකයින්ට පහර ගැසීමට පහසුම ක්‍රමය මාධ්‍යවේදීන් වීම ඊට හේතුව වේ.

ජනාධිපතිතුමන්ගේ හිතවත්ම මාධ්‍යවේදියා ඝාතනය වුවද එම චෝදනාව එල්ල කිරීමට තරම් ඇතැම් මාධ්‍ය කණ්ඩායම් සැහැසි වන්නේය.

මහින්ද චින්තන වැඩපිළිවෙළට අනුව ජනමාධ්‍ය ගම්මාන පිහිටුවීම රජය දැන් ආරම්භ කර තිබේ. පළමු ජනමාධ්‍ය ගම්මානය ලබන මාසයේදී විවෘත කෙරෙයි.


සබැඳි පුවත්