ජනාධිපතිවරණයේ දී ජනපතිට අභියෝග කරන්න කාහටවත් බෑ

මෙන්න අලුත්ම ඡ්‍යොතිෂය අනාවැකි

ජනාධිපතිවරණයේ දී ජනපතිට අභියෝග කරන්න කාහටවත් බෑ

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන

දිනවල තවත් මැතිවරණයක උණුසුම පාලකයන්ට මෙන්ම ජනතාවට දැනෙන්න පටන් ගෙන. ඒ ගැන යමක් ජ්‍යෙතිෂයට අනුව සඳහන් කොළොත්

මේ දිනවල සෑම මාධ්‍යයකම නිරන්තරව කතා බහට ලක් වෙන්නේ පොදු අපේක්ෂකයෙක් සම්බන්ධව. කවුරු කෙසේ කීවත් පොදු අපේක්ෂකයා කවුරු වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අභිබවා යා හැකි කෙනෙක් ඡ්‍යොතිෂයේ පෙන්නුම් කරන්නෙ නෑ.

මහින්ද රාජපක්ෂ කියන්නෙ මහා භාග්‍යවන්ත කෙනෙක්. එතුමාගේ භාග්‍යවන්ත කමට සරිලන ආකාරයේ නැකතකින් ම තමා එතුමා ජනාධිපතිධූරයේ වැඩ භාර ගත්තෙ.

ජනාධිපතිධූරයට පත් වූ දා සිට අද දක්වාම එතුමා පැමිණි සියලු අභියෝග සාර්ථකව ජය ගත්තා. මෙය අපේ රටේ ජනතාව දන්නවා. අපේ රටේ ජනතාව කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ ප්‍රභාකරන්ගේ මළ සිරුර දකින්න පුළුවන් වෙයි කියලා. ඒත් සියලු ජනතාවට එය දැක ගන්න ලැබුණා.

ඡ්‍යොතිෂය ටිකක් අමතක කරලා අතීතය ගැන ටිකක් හිතලා බලන්න. එදා දුටු ගැමුණු රජතුමා රට එක්සේසත් කළා ඒ වගේම තවත් රජවරු කිහිපදෙනෙක්ම රට ගොඩ ගන්න කටයුතු කළා.

එසේ රට එක්සේසත් කළ කිසිම රජ කෙනෙකුට එදා හිටිය කිසිම සෙන්පතියෙකුගෙන් කරදර බාධා ඇති වුණේ නෑ. එහෙම වෙනවා නම් එය අමුතුම ආකාරයේ දෙයක්. එය මනුෂ්‍ය සදාචාරයට පටහැනි දෙයක්.

එදා දුටුගැමුණු රජු යුද්ධය ජය ගත්තාට පසුව එතුමාගේ දක්ෂ සෙන්පතියකු වූ වේළුසුමන දුටුගැමුණු රජුට විරුද්ධව ඡන්දය ඉල්ලුවා නම් කුමක් වෙයි ද ? සාමාන්‍යයෙන් එදා සිටි ජනතාව ඡන්දය දෙන්නේ වේළුසුමනටද ? දුටුගැමුණුටද ? මේ ප්‍රශ්නය ඉතා සරලයි.

මෙහි දී දුටුගැමුණු රජු වටා තමා සාමාන්‍ය ජනතාව පෙළ ගැහෙන්න. වේළුසුමනටත් මේ ජනතාව අතර කැමැති කිහිප දෙනෙක් ඉදියි. මොකද ? අපේ රටේ ඉන්නවානේ හොඳ දේ හොඳ විදියට දකින්න බැරි අය. එනිසා අද ඇති වී තිබෙන තත්ත්වය විහිළුවක්.

එනිසා කුමන මැතිවරණය තිබුණත් කවුරු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජය ලබන බව ස්ථීරයි. මේ මැතිවරණ ජනාධිපතිතුමාට දැනෙන්නේවත් නෑ.

මුදාගත් ප්‍රදේශවල දෙමළ ජනතාවගෙන් ලැබෙන සහාය ගැන යම් ඡ්‍යොතිෂයෙන් අපට කියන්න අමාරුයි’

ජනාධිපතිතුමාගේ කීර්තිය තව තවත් ලොව පුරා පැතිරෙනවා. මේ අවුරුද්දෙ මැයි මාසෙ එතුමාගේ කීර්තිය ලොව පුරා පැතිරුණු බව කවුරුත් දන්නවා. ඒ වගේම 2010 යේ පළවෙනි කාර්තුව තුළ තවදුරටත් එතුමාගේ කීර්තිය ලොව පුරා පැතිරෙනවා.

රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ ජනතාව තුළ ඇත්තේ කිසියම් ගැටලුකාරී ස්වාභාවයක්. ඒ ගැටලුකාරී ස්වභාවය ඉදිරියේ දී නිරාකරණය වෙයි ද ?

මේ වන විට රට තුළ ආරම්භ කර තිබෙන දැවැන්ත ව්‍යාපෘති සියල්ල ම ඉතා සාර්ථකව අවසන් කිරීමට ජනාධිපතිතුමාට හැකියාව ලැබෙනවා. අපට ආරංචියක් තිබෙනවා .

මේ මාසෙ තිස්සමහාරාම මත්තල ගුවන් තොටුපළ අලුතින් ආරම්භ කරන බවට. මේ වගේ නව සංවර්ධන ක්‍රියාවලීන් තුළින් සිදු වන්නේ රටේ සංවර්ධනය තව තවත් ඉදිරියට යාමයි.

ඇත්තටම පසුගිය කාලයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු ටිකක් තිබුණා. එයට හේතුව අධ්‍යාපනය ලබා දෙන මකර රාශියේ ගුරු ග්‍රහයා නීච ව සිටීමයි. 2009 දෙසැම්බර් මාසයේ 20 වන ඉරිදා පහන් වීමට කළින් මේ ගුරු ග්‍රහයා නීචත්වයෙන් මිදෙනවා.

එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ කවදාවත් නොවූ ආකාරයේ සංවර්ධනයක් සිදු වෙනවා. 2009 දෙසැම්බර් 20 වන ඉරිදා රාත්‍රි ගුරු ශ්‍රී ලංකා කුම්භ ලග්නයේ ධනස්ථානයේ සහ අයස්ථානයේ අධිපති වෙමින් ලග්නයට පැමිණීම අනුව ආයෝජකයෝ විශාල වශයෙන් මේ රටට පැමිණෙනවා.

පසුගිය 17 වෙනිදා (නොවැම්බර්) තවත් ග්‍රහ මාරුවක් සිදුවුණා. එය බොහොම වටිනා ග්‍රහ මාරුවක් අපි කාටත් අපල ගෙන දෙන රාහු ග්‍රහයා ධනු රාශියට පැමිණෙන අතර කේතු ග්‍රහයා මිථුන රාශියට පැමිණෙනවා. ධනු රාශිය කියන්නේ ශ්‍රී ලංකා කුම්භ ලග්න ජන්ම පතෙහි සියලුම ලැබීම් පෙන්වන ස්ථානය වන 11 වැන්නට රාහු පැමිණීමයි.

එය ඉතාම සුබ දායකයි. සංචාරක ව්‍යාපාරයේ විශේෂ දියුණුවක් මේ තුළින් සිදු වෙනවා. රාහු 11 වැන්නේ සිටින විට ඡ්‍යොතිෂයේ තාවක් තියෙනවා පුද්ගලයෙකු සූදුවට ගියත් දිනනවා කියලා. එනිසා රාහු ග්‍රහයා පැමිණීම ඉතාම සුබයි කියන්නේ.

ගැටුම්කාරී තත්ත්වයන්රැසක් මැද සිටින එක්සත් ජාතික පක්ෂය ගොඩගත හැක්කේ කාටද ?

පසුගියදා එක්සත් ජාතික පක්ෂය අලුතින් පෙරමුණක් ඇති කර ගත්තා. එදා දවස දිහා බලන විට බෙරන නැකතින් තමා මේ සන්ධානගත වීම සිදුකර තිබෙන්නේ.

ඡ්‍යොතිෂය පිළිබඳ පොඩි අවබෝධයක් තියෙන කෙනෙක් වුවත් දන්නවා බෙරන නැකතින් කිසිම සුබ වැඩක් ආරම්භ නොකරන බව. ඒ තරම්ම ඒ නැකත අසුබයි. එසේ නම් ඒ නැකතින් පටන් ගන්න පෙරමුණ කවදාවත් ඉදිරියට යන්නෙ නෑ. ඒ පෙරමුණ පිහිටුවීමට ගත වීමට හවුල් වූ සියලු දෙනාගේ ම කීර්තියත් ගිලිහී යනවා.

එක්සත් ජාතික පක්ෂයේ සැබෑ නායකයා , අවංක නායකයා, නිවැරැදි නායකයා ජනතාවට සෙත සලසන නායකයා වෙන කවුරුත් නෙමේ සජිත් පේ‍්‍රමදාසයි. නමුත් එතුමාට මේ කාල වකවානුවේ දී සතුරු කරදර පෙන්නුම් කරනවා. මේ සතුරු කරදවලින් බේරී සිටීමට එතුමාට හැකියාව ලැබේවා කියා මම ප්‍රාර්ථනය කරනවා.

ඔබ මීට පෙර කියූ අනාවැකි අසත්‍ය ඒවා බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනවා. ඒ ගැනත් යමක් කීම කාලෝචිතයි.

මේ දිනවල එක්තරා පුවත්පතකින් සති තුනක් එක දිගමට මට ලොකු ප්‍රසිද්ධියක් ලබා දෙනවා. ඒ අය කියන්නේ මගේ අªනාවැකි වැරැදියි කියලා. මගේ සියලු අනාවැකි 100%ක් නිවැරැදි බව ශ්‍රී ලංකාවේ සියලු බුද්ධිමත් ජනතාවත් ජාත්‍යන්තර ප්‍රජාවත් දන්නවා.

2005 ගිය ජනාධිපතිවරණය ආසන්න වන විටත් ඔය කියන පුවත්පත මට ඔය වගේ ප්‍රසිද්ධියක් දුන්නා. සත්‍ය අසත්‍ය කරන්න කාටවත් බෑ. එය ජනතාව දන්නවා.

මම මුදල් වියදම් කර ලබාගත යුතුªප්‍රසිද්ධිය මට නොමිලේ ලබා දීම ගැන ඒ අයට මම ස්තූති කරනවා. මගේ අනාවැකි අගය කරන එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් ඉන්නවා මගේ දැඩි වුවමනාව මේ රටේ කිසිම කෙනෙකු රජ කරවීම නෙමේ.

ජීවිතයේ කැඩපතක් බඳු එදා සිදුහත් කුමරු උත්පත්ති අවස්ථාවේ සුද්ධෝන රජ මැදුරෙන් ජ්‍යෙතිෂය කෙරේ තිබූ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමයි.


සබැඳි පුවත්