මුළු රටටම සෙත සදන මහා නුග රුක ඔබයි

මුළු රටටම සෙත සදන මහා නුග රුක ඔබයි

ශ්‍රී. ල. නි. ප මහ ලේකම් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැතිමෛත්‍රීපාල සිරිසේන

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත් වී සිව්වසරක් සපිරීම හා එම කාලයේ දී ජනාධිපතිතුªªමා රට වෙනුවෙන් සිදුකළ යුග මෙහෙවර පිළිබඳව ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිදුකළ සංවාදයක් ඇසුරින් මෙම ලිපිය සැකැසේ.

රටක් පාලනය කිරීමේ දී අවුරුදු හතරක් යනු සුලු පටු කාලයකි. අවුරුදු හැටකටත් එහා කාලයක සිට ජනාධිපතිවරු අගමැතිවරු රාශියක් ශ්‍රී ලංකාව පාලනය කළත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අවුරුදු හතරක් වූ පාලන කාලය තරම් රටට ජයග්‍රහණය ලබා දුන් කාලයක් නොමැති තරම්ය.

ඒ තරමටම රටට ජයග්‍රහණ ලබා දුන්යුගයක් නොමැති යැයි අප සඳහන් කරන්නේ අතිශයෝක්තියෙන් නොවන අතර රට අද සාමකාමී ලෙසත් සමෘද්ධිමත් ලෙසත් රට ගොඩනැඟෙන ආකාරයත් දක්නට ලැබෙන නිසා ය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වූ 2005 වර්ෂය වන විට මෙරට තිබුණේ සාමකාමී වාතාවරණයක් නොවේ. ත්‍රස්තවාදය විසින් රට බිළිගත් අවාසනාවන්ත යුගයකි. එම කාලයේ දී ශ්‍රී ලංකාව තුළ ස්ථිර සාමකාමී වාතාවරණයක් ඇති වෙතැයි කිසිවෙකු බලාපොරොත්තු වූයේ නැත.

එහෙත් අවුරුදු හතරක් ගත වූ තැන බොහෝ අය බලාපොරොත්තු නොවූ ස්ථිර සාමය දැන් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වී තිබේ. ඒ සඳහා අභීත නායකත්වය ගෙන කටයුතු කළ අතර එහි දී එතුමා නිර්භීත ලෙසත් නොසැලෙන ලෙසත් රටට ලබාදුන් නායකත්වය නිසා අපට අද නිදහසේ කටයුතු කිරීමට පුලුවන්කම ලැබී තිබේ.

එහෙත් ආරම්භයේ සිට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉෂ්ඨ කළ යුග මෙහෙවර කඩා කප්පල් කිරීමට ජාතික හා විජාතික බලවේග විවිධ උපක්‍රම යෙදීය.

අද පවා එම බලවේග අක්‍රීය යැයි අපට අනුමත කළ නොහැකිය. එහෙත් යුද සමයේ දීත් අදත් රටට හතුරුකම් කරන විජාතික බලවේගවලට යටත් වීමට අපේ ජනාධිපතිතුමා සූදානම් නැත. එහෙත් මේ ගැන අදහස් දක්වන සමහර විචාරකයන් සඳහන් කරන්නේ ජාත්‍යන්තර බලපෑම්වලට යටත් නොවී ශ්‍රී ලංකාව කටයුතු කිරීම අනුවණ කමක් ;ලසය.

එහෙත් මා පුද්ගලිකව සිතන ආකාරයට ඇතැම් ජාත්‍යන්තර බලවේග කිසි විටකත් ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටක් ඉහළට මතුවීම පිළිබඳව කැමැත්තක් දක්වන්නේ නැත.

සැමදා කම්කරුවන් සමග...

පසුගිය අවුරුදු හැටකට වැඩි කාලයකදී අපේ ජනතාව තීන්දු තීරණ ගත්තේ දුරදිග බලා නොව කෙටි කාලීනව ලැබිය හැකි වාසි මොනවාද යන්න ගැන කල්පනා කිරීමෙන් පසුවය. එහෙත් සිදුවිය යුත්තේ එය නොව දීර්ඝ කාලීනව රටේ අනාගතය සහ යහපත පිළිබඳව කල්පනා කර කටයුතු කිරීමෙන්ය.

අද රටට අත්පත්ව තිබෙන ජයග්‍රහණ ආරක්ෂා කර ගත හැක්කේ අප සියලු දෙනා දුරදිග බලා කටයුතු කළහොත් පමණි. එය එසේ නොවුනහොත් රටට අත්පත් කරගත් ජයග්‍රහණ අහිමි විය හැකිය.

මේ මොහොතේ දී පවා ජනතාව මුලා කිරීමට විවිධ පවිටු සහ දුෂ්ඨ බලවේග ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ නිසා අප මූලිකව මේ කුමන්ත්‍රණකාරී වටපිටාව පිළිබඳවද අප අවබෝධයක් ලබා ගත යුතුය.

අද ඇති වී තිබෙන තාවකාලික අසීරුතා අප අපම විසඳා ගත යුතු බවත් ඒ ගැටලු උපයෝගි කර ගනිමින් සිදුකරන කුමන්ත්‍රණ පරාජය කළ යුතුය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අභීත නායකත්වය යටතේ අපට එය විශාල ශක්තියක් ලැබී තිබේ.

ජනාධිපතිතුමා පදවියට පත් වී සිව් වසරක් ගත වීම යනු තවත් අලුත් යුගයකටත් සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා ගැනීමටත් සිදුවන කාලයකි. සංවර්ධනය සඳහා ජනාධිපතිතුමාගේ නායකත්වය අත්‍යවශ්‍ය කාරණයකි.

යුද ජයග්‍රහණ, ත්‍රස්තවාදය පරාජය කිරීම පමණක් නොව අධ්‍යාත්මික සංවර්ධනය සඳහා ද රජය විශාල වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. මෑතක් වන තුරුම මත්පැන් බෝතලයට , දුම්වැටියට සමාජය තුළ බහුල පුරුද්දක් වී තිබිණ. එහෙත් එම නරක පුරුද්දට එරෙහිව මෙතෙක් කිසිදු රජයක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණේ නැත.

එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ‘මතට තිත’ තැබීම සඳහා රාජ්‍ය මට්ටමින් සුවිශේෂ තීරණයකට එළැඹිනි’ අද වන විට එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම නිසා මත්පැන්, දුම්වැටි භාවිතය සමාජය තුළින් දුරස් වෙමින් තිබේ.

මෙය ශ්‍රී ලාංකිකයන් නිරෝගීමත් ජාතියක් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර තිබේ. මත් රකුසා ගෙන් ජාතිය බේරා ගැනීමට ජනාධිපතිතුමා ගන්නා මෙම උත්සාහය පිළිබඳව පක්ෂ විශාල ජාති ආගම් වශයෙන් නොබෙදී සියල්ලගේම අගය ඛ්ලමට ලක් වී තිබේ.

නිරෝගීමත් ජාතියක් බිහි වීම යනු රටක් සංවර්ධනය වීමට අවශ්‍ය කරන මූලික පිටුවහලකි. මතට තිත තැබීම එවැනි නිරෝගීමත් ජාතියක් බිහි වීමට තබන උතුම් කාර්යයක් ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

ගමේකම අමතක නොවන නායකයා

මහින්ද රාජපක්ෂ මහතා පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ දී ඉදිරිපත් කළ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ කෘෂිකර්මාන්තය නැංවීම, දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය කරන ‘අපි වවමු රට නඟමු’ වැනි වැඩපිළිවෙළ ඉතාමත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙතෙක් කල් කුඹුරු අක්කර දහස් ගණනක් පුරන්ව තිබූ අතර එම පුරන් කුඹුරු අද වන විට අස්වැද්දීමට පුලුවන්කම ලැබී තිබේ.

මෙහ සඳහා ගොවිජනතාවට අවශ්‍ය කරන පොහොර සහන ඇතුළු සහන රජය විසින් ලබා දී තිබේ. එතෙක් මෙතෙක් රටේ සිදු නොවූ ආකාරයේ කෘෂිකාර්මික නවෝදයක් අද වන විට සිදු වී තිබේ. මෙම කෘෂිකාර්මික නවෝදයට අවශ්‍ය නායකත්වය ලබා දෙන්නේ ද වෙන කිසිවකු නොව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

එපමණක් නොව කෘෂිකර්මාන්තයේ හා ගොවිකමේ නවෝදය සඳහා මොරගහ කන්ද ජලාශය වැනි මහා වාරිකර්මාන්ත රාශියක් රටපුරා ආරම්භ වී තිබේ. තවත් ජලාශ ඉදිවීමෙන් පසු ජනතා අයිතියට පවරා තිබේ. මේ සියල්ල නිසා අද වන විට සියලු පාර්ශවයන්ගෙන් මෙන්ම ගොවිකම් පාර්ශවයෙන්ද රටට අලුත් යුගයකට මංපෙත් විවර වී තිබේ.

අද වන විට ජනාධිපතිතුමාගේ නායකත්වය මහා නුග රුකක් මෙන් මුලු රටටම සෙවන ලබා දී තිබේ. සියලු ජාතීන්ටද අනාගතයක් තනන්නට එතුමාගේ නායකත්වයට පුලුවන්කම ලැබී තිබේ.

මෙතෙක් කල් රජගෙදර පසළොස්වක පොහොයට බණ ගෙදරක් කරගත් ජනාධිපතිවරයකු සිටියේ නැත. දහමට මේ තරම් ලංව අන් ආගම්වලටද සම ලෙස සැලකූ® නායකයා වන්නේ ජනාධිපතිතුමාය. ඔහුගේ නායකත්වය අදට පමණක් නොව ඉදිරි දශකයටද ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යයයි යන්න අපගේ අදහසයි.


සබැඳි පුවත්