කර්‍තෘ මණ්ඩලය

මහින්ද අබේසුන්දර ප්‍රධාන කර්තෘ

පුෂ්පා රොවෙල්
සම කර්තෘ

චන්ද්‍රානි මාරසිංහ ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘ

රංජන් අමරරත්න කළමනාකරණ කර්තෘ

 

නලින් දිල්රුක්‍ෂ ප්‍රධාන උප කර්තෘ

සම්පත් දිප්පිටිගොඩ
සම කර්තෘ
එඩ්මන්ඩ් ගුණසේන
රාත්‍රී කර්තෘ

ආසිරි මල්ලවආරච්චි

නියෝජ්‍ය රාත්‍රි කර්තෘ 

රත්නසිරි පතිරණ ප්‍රවෘත්ති කර්තෘ
දුමින්ද ගුරුගේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ ජයසිරි මුණසිංහ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ මහින්ද කුලතුංග රාත්‍රි නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ රංජිත් පද්මසිරි රාත්‍රි නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ

චන්න බණ්ඩාර දොළපිහිල්ල මධ්‍යම ප්‍රවෘත්ති කාර්යාංශයේ ප්‍රධාන උප කර්තෘ

 

රම්‍යතිලක තල්පිට මධ්‍යම ප්‍රවෘත්ති කාර්යාංශයේ ප්‍රධාන කර්තෘ

වර්නන් ගුණසේකර ක්‍රීඩා කර්තෘ

පි‍්‍රන්ස් ගුණසේකර නියෝජ්‍ය ක්‍රීඩා කර්තෘ

අයන්ති විතාන
විශේෂාංග කර්තෘ
ගාමිණි ජයලත්
සම කර්තෘ

 උප කර්තෘ අංශය

කපන කොටන ‘සබ්’

“සබ් එක පත්තරේ හබ් එක ...” මේ පුවත්පත් ලෝකයේ සුලබ යෙදුමක්. සබ් ඩෙස්ක් හෙවත් උපකර්තෘ අංශය පත්තරයක කොයිතරම් වැදගත් මර්මස්ථානයක්ද යන්න ඉන් කියැවෙනවා. මාණ්ඩලික හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රට තොට හතර දෙසින් කර ගහගෙන එන විවිධ ප්‍රවෘත්ති සීරුමාරුවට තෝරා බේරාගෙන පත්තරේට ඕනෑ හැටියට කපා කොටා ඔප දමන තැන උපකර්තෘ අංශයයි. ආකර්ශනීය ශීර්ෂ පාඨයකින් මනරම් පිටු සැකසුමකින් පාඨක නෙත සිත පැහැර ගන්නා ආකාරයේ පුවත්පතක් කලට වේලාවට පත්තර ලෑල්ලට යැවීම උපකර්තෘවරුන් මුහුණ දෙන බරපතළම අභියෝගයක්.

සියවස සපුරන ‘දිනමිණ’ ඒ අතින් වාසනාවන්තයි. ඒ පෙර කී අභියෝගයට මුහුණ දිය හැකි සුපිරි උපකතු හමුදාවක් දිනමිණ සතු වීමයි.

සමකර්තෘවරුන් ලෙස එහි මුල්පුටු හොබවන්නේ මාත් පුෂ්පා රොවෙල් මහත්මියත්ය. උපකතුවරුන්ට දෛනික රාජකාරි පවරමින් වේලාවට කලාවට පත්තරයේ කටයුතු වෙනුවෙන් ඔවුන් මෙහෙයවීම අපේ ප්‍රධාන වගකීමයි. සෑම දිනෙකම පෙරවරු එකොළහේ කණිසමට ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර මහතාගේ කාමරයේ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව වැඩට බහින අප යළි හිස ඔසවන්නේ බිම් කළුවර වැටෙන පැයේ දී.
 

ඉදිරිපෙළ වමේ සිට - නියෝජ්‍ය රාත්‍රි කර්තෘ ආසිරි මල්ලවආරච්චි, සම කර්තෘ සම්පත් දිප්පිටිගොඩ, සම කර්තෘ පුෂ්පා රොවෙල්, ප්‍රධාන උප කර්තෘ නලින් දිල්රුක්‍ෂ සහ රාත්‍රී කර්තෘ එඩ්මන් ගුණසේන ,මැද පෙළ වමේ සිට - උපුල් බණ්ඩාර, ශාන්ති හෙට්ටිආරච්චි, සෙනෙහෙලතා මල්ගම්මන, රුවිනි වික්‍රමසිංහ, සුධර්මා ජයසූරිය, ඉසුරු පෙරේරා සහ හේමන්ත ඩෙප්, පසු පෙළ වමේ සිට - සෙනරත් පුෂ්පානන්ද, චිත්‍ර ශිල්පි ශාමින්ද ජයබාහු, නන්දික බැද්දේගම, ඉන්දික බණ්ඩාර සහ ප්‍රබුද්ධි රණසිංහ,

ප්‍රධාන උපකතුවරයා වශයෙන් දිනමිණ මුල්පිටුවේ මුළු බරට උර දෙන්නේ නලින් දිල්රුක්ෂ. කුකුළා වෙනුවට ලැප්ටොප් එකත් අතින් අරන් පාන්දර කෝච්චියෙන්ම ඔහු වැඩට එනවා. මට හිතෙන්නේ සුන්දර බිරිය හැරුණාම නලින් වැඩියෙන්ම ආදරේ ලැප්ටොප් එකට. ඒ මොනවා වුණත් ‘පේජ් වන්’ එකේ වැඩේ තිතට දෙනවා.

වැඩි කතා බහක් නැති ඉසුරු පෙරේරා, නූලට මිම්මට වැඩ කරන සෙනරත් පුෂ්පානන්ද, කාර්ය බහුල හේමන්ත ඩෙප් අපේ උප කර්තෘ අංශයේ මුල් පෙළේ සාමාජිකයෝ. උදේ රෑ දෙකේ ම වැඩට හපන් උපුල් බණ්ඩාරට අක්ෂර වින්‍යාසය කට පාඩම්. මාතරින් ආ නන්දික බැද්දේගම අපේ අංශයේ එකම තනිකඩයා. ලියපු පොත් ගාණ වයසටත් වඩා වැඩියි.

උප කර්තෘ අංශය හැඩ කරන සෙනෙහෙලතා මල්ගම්මනත් ශාන්ති හෙට්ටිආරච්චිත් මගේ සරසවි මිතුරියෝ. ඒත් විශේෂ සැලකිලි නෑ. මොන රාජකාරිය පැවරුවත් ‘මීක්’ නොකියා වැඩ කරනවා. ඊළඟට ඉන්නේ දිලිනි ලංකා. අමාරුම කාරණය දිලිනිගෙන් පිටුවක් කර ගැනීම නොවෙයි. ඇය එක තැන රඳවා තියා ගැනීමයි. මේ ඉන්නවා මේ නෑ. මතුගමට දීග ගිය සුධර්මා හැන්දෑ වෙද්දී පුදුම කඩිසරයි. දුවන්නම හදනවා. කාලය සමඟ පොරබදන උපකර්තෘ අංශයට ඇතැම් විට ඒ හදිස්සිය නරකම නෑ. පදරා ප්‍රේමවර්ධන විදෙස් පිටුවට ප්‍රවෘත්ති සොයා ලෝකය වටේ යනවා. ඔහුගේ සහායට රුවිනි ඉන්නවා.

දිනමිණම හඬවා නොඑන ගමන් ගිය ජනක විජේරත්න සොහොයුරා මේ මොහොතෙත් අපේ මතකයේ රැඳීලා.

අප මේ කතා කළේ දහවල් ගැන වුවත් පත්තරේ සැබෑ යුද්ධය තියෙන්නේ රෑට. දිනමිණ රාත්‍රී කර්තෘ එඩ්මන්ඩ් ගුණසේන ඒ සටනට අණ දෙනවා. ජීවිතේ බොහෝ දේ වගේ එඩීට මේ තනතුර ලැබුණේත් ටිකක් පමා වෙලා. ඒත් නාලන්දාවෙන් ලද පන්නරය නිසාදෝ ඔහු ඒ ගැන වැඩි තැකීමක් නෑ. වැරැදි වියරණයක් අනිසි නණලළ යෙදුමක් ඔහුගේ ඇස නොගැටී පත්තරේ පළවන්නේ කලාතුරකින්.

එඩීට සිටින ලොකුම හයිය ආසිරි මල්ලවාරච්චි. ඔහු දිනමිණ නියෝජ්‍ය රාත්‍රී කර්තෘ. කසාද බැන්දේ ඊයේ පෙරේදා. ඒත් තවම නම් රෑ වැඩට පස්ස ගැහීමක් නෑ. ඕනෑ පිටුවක් ඔට්ටුයි.

ඉන්දික බණ්ඩාරත් රෑ හමුදාවේ නිත්‍ය සාමාජිකයෙක්. අප ළඟට ආවේ අන්තර් ජාලය අත් හැරලා. අපේ බඩ පිස්සා ප්‍රබුද්ධි නුවනිඳු. ඇස් වහක් කටවහක් නෑ. කොයි වැඩේටත් රුසියා. ලොකු අක්කලාටත් හරිම ආදරෙයි. උපකර්තෘ අංශයේ මේ සියලු දෙනා තිරයෙන් පිටුපස හිඳ හොඳ පත්තරයක් පාඨකයා අතට පත් කරන්න දරන මහන්සිය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්.

උපකර්තෘවරයා යනු ප්‍රවෘත්තියක් ගෙන එය අතනින් මෙතැනින් කපා දමන මස් මරන්නෙක් නොවේ. ඔහුගේ කාර්යය එය නම් ඕන ගොනෙකුට එය කළ හැකිය. ඒත් උප කර්තෘකරණය යනු ඊට එහා ගිය නිර්මාණාත්මක කර්තව්‍යයකි. ඒත් පත්තරේ අගිස්සෙවත් නමක් සඳහන් නොවන මේ පිරිස ගැන පාඨක ජනතාව හාංකවිසියක්වත් දන්නේ නෑ. සැබැවින්ම පුවත්පතක උපකතුවරුන් යනු ඇගයීමට ලක් නොවන වීරයන් කොටසක්.


 ප්‍රවෘත්ති අංශය

ලියන කියන ‘නිව්ස්’

පත්තරේ කියන්නේ ප්‍රවෘත්ති. පත්තරේ හදවත ප්‍රවෘත්ති. ලස්සනට පාට පාටින් නිකුත් කෙරෙන පත්තරේ මුල්ම කොටස සහ වැදගත්ම කොටස සිදු කරන්නේ ප්‍රවෘත්ති අංශයෙන්. දිනමිණ, දිනපතා ප්‍රවෘත්ති අංශය දිවා - රෑ අතිශය කාර්යභාරයක් ඉටු කරනවා. කෑම බීමට වෙලාවක් වෙන් කරගෙන නැහැ. මුල්තැන ප්‍රවෘත්ති සැපයීමට යි. හදිසි සිදුවීමක දී උදේ හයද, රෑ 12 කියල නැහැ. හැම වෙලාවෙම අවධානයෙන්.

ජනාධිපති, පාර්ලිමේන්තුව, අධිකරණ, ආරක්ෂක අංශ, අමාත්‍යංශ, දේශපාලන පක්ෂ ආවරණ සඳහා මාධ්‍යවේදීන් වෙන් වශයෙන් බාර කර තිබෙනවා. ඒ හැරෙන්නට හදිසි ප්‍රවෘත්තිවලට 35 ක් පමණ ප්‍රවෘත්ති අංශයේ මාධ්‍යවේදීන් කණ්ඩායම එක වගේ ප්‍රවෘත්තියක් වගකීමක් ඇතිව පත්තරේ පළ කරන්නට අවශ්‍ය නිසා එහෙම වෙන් වශයෙන් බෙදල වගකීම් පවරා තිබෙන්නේ.

ශිරෝමි, කුමුදු, නෙල්කා, රොෂාන්, සිරන්ජනි උදෙන්ම ඇවිත් උසාවිවලට යනවා.

දයා, ස්වර්ණා, දුමින්ද පාර්ලිමේන්තු වාර්තාකරුවන්. සමහර දවස්වලට මන්ත්‍රීවරුන් කියන දේවල්වලින් ඒ අයගේ කන් පිරිලා.
 

ඉදිරිපෙළ වමේ සිට – ජයසිරි මුණසිංහ - නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ, දුමින්ද ගුරුගේ – නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ,චන්ද්‍රානි මාරසිංහ - ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘ,රත්නසිරි පතිරණ – ප්‍රවෘත්ති කර්තෘ,මහින්ද කුලතුංග - රාත්‍රී නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ,රන්ජිත් පද්මසිරි – රාත්‍රී නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ පසු පෙළ වමේ සිට – භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්, ශිරෝමි අභයසිංහ,සමන්මලී පි‍්‍රයශාන්ති, ස්වර්ණා විජේකෝන්,නෙල්කා මැදගෙදර,ධනසිරි විතානගේ,සිරන්ජනී කුමාරි,විජයානි එදිරිසිංහ,

බුද්ධිකා ඉඹුලාන,ධනුෂ්ක ගොඩකුඹුර, චන්ද්‍රිකා පෙරේරා, චින්තා රණසිංහ,ශීලා උඩුවර,වාසිත සුදේශ්,අනූෂා ගුරුසිංහ,ජීවනී පතිරණ,සුභාෂිනී සේනානායක,කුමුදු හෙට්ටිආරච්චි,රොෂන් තුෂාර,චන්දන ලියනාරච්චි,නිමල් රාජපක්‍ෂ,

චන්දිමා එදිරිමාන්න,අමල් යශෝමන් ජයසිංහ,ඊ. මහින්දදාස,තුෂාර ප්‍රනාන්දු,නිරූෂි විමලවීර,අනුර පේ‍්‍රමලාල්,දයා පෙරේරා

 

ජනාධිපතිතුමාගේ වැඩසටහන් විශේෂයෙන් ම ආවරණය කරන්නේ ඉතා වගකීමෙන්. අපේ ජයසිරි නිදාගන්නෙත් අරලිය ගහ මන්දිරය දිහා බලාගෙන කියලයි කියන්නේ. ධනුෂ්ක, අලුත්ගෙදර, ජයසිරිට උදව් කරනවා. ගිනිකූරට වඩා ටිකක් විතර මහත ධනුෂ්කට කියන ඕන වැඩක් කරගන්නට පුළුවන්.

ආරක්ෂක අංශ ගැන ප්‍රවෘත්ති ලියන චන්ද්‍රිකා, මහින්ද, විජයානි, භක්තිට දැන් ටිකක් නිවාඩුයි. බුද්ධිකා, සමන්මලි, නිමල්, චන්දිමා, සුභාෂිනි, නිරූෂි, අනුර, උපාලි, උදුලා, ජීවනී, අනුෂා, ප්‍රාර්ථනා, චින්තා, අමල් මේ හැමෝම උපරිමයෙන් වැඩ කරනවා. ශීලා උඩුවර අපේ පරණම මිතුරියයි.

නුවන්, චමීර, අලුත්ගෙදර, ධනුෂ්ක, දවස් දෙක තුනක ට්‍රිප් එකකට යවන්න ඕන වේලාවක සූදානම්. විනෝද ගමන් නොවෙයි පත්තර වැඩවලට. රෑ 12 වෙනකල් අපි වැඩ කරනවා. සවස 4 න් පස්සේ රාත්‍රි මාධ්‍යවේදින්. ප්‍රවෘත්ති සමඟ ඡායාරූප අංශයෙන් විශාල සහනයක් ලැබෙනවා.

මුල් පිටුවේ ප්‍රවෘත්ති ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර මහතාට යොමු කිරීමෙන් පසුව අනුමැතිය ලැබෙන පරිදි උප කර්තෘ අංශයට ලබාදුන්නම ප්‍රවෘත්ති අංශයේ කාර්යභාරය අවසන්.

ප්‍රවෘත්ති කර්තෘ තනතුර ඉතාමත් භාග්‍යවන්තයි. කොළඹ මුද්‍රණය අවසන් කරන රාත්‍රි 12 තෙක්ම අවධානයෙන් සිටින්නට අවශ්‍ය යි. පහුවදා උදේ පැයක් ;දකක් හිතට මොකක්ද වාගේ. ඒ ප්‍රවෘත්ති වැරැදීමකින් හෝ පළ නොවීමෙන් ප්‍රධාන කර්තෘවරයාගෙන් දුරකතන ඇමතුමක් එයිද කියලයි.


ක්‍රීඩා අංශය

පිටිය සිසාරා...

“පුංචි ළිඳෙ වතුර රසයි” කිව්ව වගේ අපේ පුංචි පවුලෙත් වැඩ ඉතා රසවත්. මේ රස කතාවට ඇදෙන්නේ නියෝජ්‍ය ක්‍රීඩා කර්තෘ ප්‍රින්ස් මල්ලිත්, ක්‍රීඩා මාධ්‍යවේදී ෆවුස් මල්ලිත්, මමත් විතරයි.
 

ඉදිරිපෙළ වමේ සිට - ප්‍රින්ස් ගුණසේකර නියෝජ්‍ය ක්‍රීඩා කර්තෘ, වර්නන් ගුණසේකර ක්‍රීඩා කර්තෘ, පසු පෙළ - ෆවුස් මොහමඩ්.

අපේ ප්‍රධාන පිටු සැලසුම් ශිල්පී රෙක්සි කියනවා මුල් පිටුවේ යන උඩ “ලයින්” එකට උඹල ගෙන් පින්තූ®රයක් ඕන කියල. ප්‍රින්ස් මල්ලි කව්රු ආවත් ඉන්නේ “ලැප් ටොප්” එකේ. රෙක්සි මොන අභියෝගය කළත් අපේ ප්‍රින්ස් මල්ලි සූදානම් ලෝකෙ ඕනෑම තැනක සිදුවන ක්‍රීඩාවක පින්තූ®රයක් සැණින් ලබා දෙන්න. එතකොට ප්‍රින්ස් කියන්නේ “දෙන්නම්කෝ බඩු” කියලයි.

පසුදින මට ලැබෙන දුරකථන ඇමතුමකි. “මචං, වර්නන්! පිටුව හරි ලස්සනයි.” ඒ මගේ පත්තර සගයෙකි.

“තෑන්ක් යූ” මම කියමි.

ෆවුස් මල්ලි වටපිට බලයි. ඔහුට කිසියම් ප්‍රශ්නයක්දෝයි මට සිතෙයි. ඔහු ඉතාමත්ම හොඳ පරිවර්තන වාර්තාවක් මගේ මේසය මත තබයි. ඔහු ඉෂ්ට කර තිබෙන්නේ මා අපේක්ෂා කළ දේ මයි. “පුංචි පවුල රසවත්” කියල මම මුලින්ම කිව්වේ ඒ නිසායි.

සියලු දොම්නස්..... සියලු සොම්නස්....... අතරින් අපි පාඨක ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් අපගේ කාර්යභාරය අතිශයින් විශ්වාසවන්ත ලෙස අද වගේම හෙටත් ඉටු කරන්නෙමු.


වෙබ් අංශය

ලොවටම දිනමිණ

ඉදිරිපෙළ වමේ සිට - උපේක්ෂා සමරසිංහ, එරන්දි වීරකෝන්,
රේඛාවෝ මාවතගම, තනුෂිකා සෙනෙවිරත්න

පසු පෙළ වමේ සිට - තිස්ස ධම්මික, විජිත ජයසිංහ, ගිහාන් කරුණාකලගේ,
බුද්ධික ජයමහ, මංජුල මහින්ද

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්