|
||
විශේෂාංග අංශයපාට පාට කතා ලියන කලාකාමියෝසාමාන්ය කාර්යාලවල වගේ නොවෙයි පුවත්පත් කාර්යාලයක ස්වභාවය. නිතර ‘සදය’ කතා බහ ඇතිවෙන තැනක්. අපේ විශේෂාංග අංශයද එසේමයි. උනුන් බැන ගන්නවා. දේශපාලන වාද විවාද පවත්වනවා. ඕපදූප කතා කරනවා. පිටු සකසමින්, ලිපි ලියමින් පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡා රෙකෝඩරයෙන් ලියමින් වැඩ කළ ද වෙහෙසක් නොදැනෙන්නේ නිතර කතා බහෙන් කෙළිකවට සිනහවෙන් කාලය ගෙවන බැවිනි. අපේ විශේෂාංග අංශයේ විශේෂත්වය වන්නේ ද එයයි. අපි එකිනෙකාට සහයෝගය දක්වමින් එකිනෙකාගේ කටයුතු හොඳින් බෙදා හදා ගනිමින් කටයුතු කරන්නෙමු. සමහර කාර්යාලවල සේවය කරන අයට නම් කාර්යාල ජීවිතය ඉතා දිගු ය. නමුත් අපට නම් උදේ වැඩ පටන් ගත් පසු හවස පහ වනතුරු කාලය නො දැනීම ගෙවී යයි. මෙසේ සිදුවන්නේ අපි වඩාත් කැමැත්තෙන් මේ පුවත්පත් කලා ජීවිතයට ඇලී ගැලී ඇති නිසාවෙනි. අපේ කර්තෘතුමා අපට අපගේ අභිමතය පරිදි රටේ සමාජයේ සිදුවන දෑ පිළිබඳ විශේෂාංග එළි දැක්වීමට නිසි නිදහස ලබා දී ඇති බැවින් අපට පීඩනයකින් තොරව කටයුතු කිරීමේ හැකියාව ඇත. එය සතුටකි. කර්තෘතුමා සේම කලාකාමී හැඟීම් වලින් පිරි සමහර අවස්ථාවල පුංචි තිරයේ දකින ගාමිණී අයියා අපේ විශේෂාංග අංශයේ වැඩිමල් සහෝදරයා මෙනි. අපි සියලු දෙනාම එක් වී පාඨකයාට අවශ්‍ය යහපත් හරවත් දේ නිරතුරුවම ලබා දීමට ඇප කැප වී සිටිමු. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |