මුද්‍රණය සඳහා

 
කර්තෘ මණ්ඩල ප්‍රධාන පරිපාලන නිලධාරිතුමාගේ පණිවුඩය

කර්තෘ  මණ්ඩල ප්‍රධාන පරිපාලන නිලධාරිතුමාගේ පණිවුඩය

දිනමිණ පුවත්පත ශශ්‍රී ලංකාවේ අද පවත්නා පැරැණිම පුවත්පත යි.

මීට වසර සියයකට පෙර අද වැනි දිනෙක එනම් 1909 දෙසැම්බර් මස 17 වැනි දින ඇරැඹුණු දිනමිණ පුවත්පත බිහි වූයේ එවක කොළඹ බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ කළමනාකාර ජේ. ඇම්. ද සිල්වා මහතාත් එම ආයතනය විසින් පළ කෙරුණු ‘සරසවි සඳරැස’ පුවත්පතේ ප්‍රධාන සංස්කාරක එච්. එස්. පෙරේරා මහතාත් අතර හටගත් මත ගැටුමක අනිවාර්ය ප්‍රතිඵලයක් හැටියට බව අතීත වාර්තාවලින් කියැවේ.

මේ රටත් ජනතාවත් අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මුදා ගැනීමේ ජාතික සටනේ දී ‘දිනමිණ’ කළ සේවය කැපී පෙනේ. අධිරාජ්‍යවාදීහු එක් අතකින් ශ්‍රී ලංකාව දේ්ශපාලන වශයෙන් අල්ලා ගත්හ.

තවත් අතකින් සංස්කෘතික වශයෙන් ආක්‍රමණය කළහ. මේ දෙයාකාරයේ ම ග්‍රහණයෙන් රටත් ජනතාවත් මුදාගන්නට පෙරමුණ ගත් පිරිස හා ආයතන අතර පත්තරවලට වැදගත් ස්්ථානයක් හිමි වෙයි. එයින් ‘දිනමිණ’ ට සුවිශේෂත්වයක් ලැබෙන බව කිව යුතුය.

රට දැය සමයේ උන්නතිය පිණිස පසුගිය සියක් වසර තුළ දිනමිණ කළ විශිෂ්ට මෙහෙය අත්‍යුදාරය.

‘දිනමිණ’ අප රටට දිනමිණක් ම වේවා!

රෝහණ ආර්යරත්න
කර්තෘ මණ්ඩල ප්‍රධාන පරිපාලන නිලධාරි


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]