මුද්‍රණය සඳහා

 
කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලය නැවත විවෘත වෙයි

කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලය නැවත විවෘත වෙයි

කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු නැවත ඇරඹෙයි. එල්. ටී. ටී. ඊ. ය විසින් සම්පූර්ණයෙන් විනාශ කර තිබූ මෙහි ගොඩනැගිලි නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කෙරිණි.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කරවූ ජනතාවට මෙයින් අවහිරයකින් තොරව තම කටයුතු ඉටු කරගැනීමට හැකිවී තිබේ.

මේ අවස්ථාවට කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් රූපාවතී කේතීස්වරන් මහත්මිය, කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මහින්ද හතුරුසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පැමිණ සිටියහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]