මුද්‍රණය සඳහා

 
පාර්ලිමේන්තුව විසුරුවා හරී:

පාර්ලිමේන්තුව විසුරුවා හරී:

මහ මැතිවරණය අපේ‍්‍රල් 08දා

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (09දා) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය. මේ සම්බන්ධයෙන් වූ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී නිකුත් කෙරිණි.

මේ අනුව මීළඟ මහමැතිවරණය ලබන අපේ‍්‍රල් මස 08 වැනිදා පැවැත්වෙන අතර ඒ සඳහා වූ නාමයෝජනා බාරගැනීම මේ මස 19 වැනිදාත් 26 වැනිදාත් අතර දිනවලදී සිදු කෙරේ.

මහමැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුව අපේ‍්‍රල් මස 22 දා රැස්වීමට නියමිතය. විසුරුවා හරින ලද 6 වැනි පාර්ලිමේන්තුවට 2004 අපේ‍්‍රල් මස 02 වැනිදා පැවති මැතිවරණයේදී මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනිණි.

එම පාර්ලිමේන්තුව ප්‍රථමවරට රැස්වූයේ 2004 අපේ‍්‍රල් 22 වැනිදාය. එම පාර්ලිමේන්තුවේ නිල කාලය ලබන අපේ‍්‍රල් 22 වැනිදා අවසන් වීමට නියමිතව තිබිණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]