මුද්‍රණය සඳහා

 
වසර 100කට පසු ඇතිවූ දරුණුම නියඟයට

වසර 100කට පසු ඇතිවූ දරුණුම නියඟයට
වෙනිසියුලාව මුහුණ දෙයි

වෙනිසියුලාව වසර 100කින් පසු ඇති වී තිබෙන දරුණුම නියඟයට මුහුණ දී ඇති බැවින් මුළු රටම විදුලිබල හදිසි තත්ත්වයක් යටතට පත්කළ යුතුව ඇතැයි ජනාධිපති හියුගෝ චාවේස් පෙරේදා ප්‍රකාශ කළේ ය.

දැඩි ජනතා විරෝධය හේතුවෙන් ඉකුත් මාසයේදී විදුලිබල කප්පාදුව අවලංගු කළමුත් වෙනිසියුලාවේ විදුලිබල උත්පාදනයෙන් 70%කට වගකියන ඔරිනෝකෝ ගංගාවේ පිහිටි ගුරි ජලවිදුලි බලාගාරයේ නිෂ්පාදනය තවමත් පහල වැටෙමින් තීරණාත්මක මට්ටමෙන් පහලටද යොමුව ඇතැයි චාවේස් පැවසී ය.

‘අද එහි ජල මට්ටම තවත් සෙ.මී.13ක් පහල වැටී තිබේ. මුළු වසරේදීම එම ප්‍රදේශයට වර්ෂාව ලැබී නැහැ. මෙය සිය වසරකදී මෙරට ඇති වූ දරුණුම නියඟයයි. මේ නිසා විදුලිබල හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ යුතුව තිබෙනවා.

එය සැබවින්ම හදිසි තත්ත්වයක් යැයි කියූ ඔහු,, මෙවන් හදිසි තත්ත්වයක් මගින් විදුලිබල සැපයුම නංවන මං පෙත් සොයා බැලීමට සිදුවනු ඇතැයිද කියා සිටියේ ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]