මුල්ම රණවිරු කොඩිය ජනපතිට.

 

ජාතික රණවිරු සතිය ප්‍රකාශයට පත්කරමින් රණවිරු කොඩි පැළඳවීමේ ප්‍රධාන උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (11) පැවැත්විණි. මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවිදුන් සැරයන් චන්ද්‍රසිරි රණවිරුවාගේ පුත් වරුණ රශ්මින්ද අතින් මුල්ම කොඩිය ජනාධිපතිවරයාට පළඳවන අයුරු.

ඡායාරූපය - සුදත් සිල්වා




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


කැලණියේදී පැහැර ගනු ලැබූ
පුංචි සෙනුනි සොයා ගනී

සැකකාර කත අත්අඩංගුවට

සෙරෙප්පු ගන්න ගිහින් සිද්ධිය හෙළි වේ

කැලණිය රජමහා විහාරයට බෝධි පූජාවක් පැවැත්වීමට සිය මවුපියන් සමඟ ගොස් සිටියදී පසුගිය ඉරිදා (9) පැහැර ගනු ලැබූ සෙනුනි නිමංශා මාපලගම දැරිය (අවු. 2 1/2) ඊයේ මාරවිල ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකිවී තිබේ.සෙනුනි නිමංශා දැරිය පැහැරගෙන ගිය බවට සැකකරන කාන්තාවක්ද පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.පොලිස්පති මහින්ද බාලසූරිය මහතා ඊයේ (11) මේ සම්බන්ධව පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කෙළේ දැරිය පැහැරගෙන....

විස්තර »

ජනතාවගේ ආදායම් නංවමින් රට ඉදිරියට
ගෙන යෑමට නීරෝගී පරපුරක් ඕනෑ

- ජනාධිපති

ජනතාවගේ ආදායම් වර්ධනය කරමින් රට ඉදිරියට ගෙනයාමට නම් නීරෝගී පරපුරක් අවශ්‍ය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. ගමෙන් නගරයට එන ජන සංඛ්‍යාව අඩු කර ගත හැකි නම් වඩා නීරෝගී පරපුරක් බිහිකර ගැනීමේ හැකියාවක් ඇති බව කී ජනාධිපතිවරයා රජය ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද කීවේ ය.ජනතාව ගමේ රඳවා ගැනීම සඳහා රජය පසුගිය කාලය තුළ ගමේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගත් බව පැවැසූ ජනාධිපතිවරයා පසුගිය වසර....

විස්තර »

මාධ්‍ය ඇමැති කෙහෙලිය ලේක්හවුසියට ඇවිත්

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇමැති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු ප්‍රථමවරට ඊයේ (11) ලේක්හවුස් ආයතනයට පැමිණියේ ය. ඇමැති රඹුක්වැල්ල මහතා සමඟ අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා ද මෙම අවස්ථාවට එක් විය.සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ සභාපතිවරයා වශයෙන් නැවතවරක් පත්ව සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාට එම පත්වීමේ ලිපිය ප්‍රදානය කිරීම ද ඇමැතිවරයා අතින් ඊයේ (11) සිදු කෙරිණි.

විස්තර »

අධිකරණ භුමියේ දී පැන ගිය ‘ කුඩු ඉන්දික’ දැලේ

මාස තුනකට ඉහත දී කැස්බෑව අධිකරණ භූමියේ දී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලා ගිය සැකකරුවකු කහතුඩුව පොලිසිය විසින් පෙරේදා (10) දා කුඩමාදුවේදී අත් අඩංගුවට ගෙන තිබේ. කුත් 2006 වසරේදී අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට කැස්බෑව අධිකරණයට කැඳවාගෙන පැමිණි අවස්ථාවේදී කුඩු ඉන්දික නමැති මේ සැකකරු මෙසේ පැනගොස් තිබිණි.

විස්තර »

එජාපයේ අර්බුදයක් නෑ

- ගයන්ත කරුණාතිලක

පක්ෂයේ කිසිදු අර්බුදයක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. පක්ෂය ප්‍රති සංවිධානය කිරීමට අවශ්‍ය යෝජනා කැඳවා ඇති බවත් එය අර්බුදයක් ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ ගනිමින් සිටින බවත් හෙතෙම කීය.සියලු දෙනාගේම යෝජනා සලකා බලා ඒකමතික වාර්තාවක් සකස් කරන බව සිරිකොතේ ඊයේ (10) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා පැවසීය.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .

 
අලි පාටියෙ හෙණ අර්බුද මැවූ පියා
තිස්ස මල්ලිවත් හිරකර උගුලෙ තියා
මං එනවිට සීට් එකත් තියං කියා
රනිල් අයියා ඉන්දියාවෙ යන්න ගියා