මාධ්‍ය ඇමැති කෙහෙලිය ලේක්හවුසියට ඇවිත්

මාධ්‍ය ඇමැති කෙහෙලිය ලේක්හවුසියට ඇවිත්
 

ලේක්හවුස් සභාපතිවරයා
මාධ්‍ය ඇමති පිළිගනිමින්....

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇමැති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු ප්‍රථමවරට ඊයේ (11) ලේක්හවුස් ආයතනයට පැමිණියේ ය.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා දෙවැනි වරටත් ඊයේ (11) වැඩ භාරගත් අයුරු.
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

ඇමැති රඹුක්වැල්ල මහතා සමඟ අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා ද මෙම අවස්ථාවට එක් විය.සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ සභාපතිවරයා වශයෙන් නැවතවරක් පත්ව සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාට එම පත්වීමේ ලිපිය ප්‍රදානය කිරීම ද ඇමැතිවරයා අතින් ඊයේ (11) සිදු කෙරිණි.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරියේ ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වැඩකටයුතු ඇරඹීම ද මෙහි දී සිදු කෙරිණි. කොළඹ සම්බුද්ධාලෝක විහාරාධිපති ඉත්තදෙමළියේ ඉන්ද්‍රසාර රඹුකන සිද්ධාර්ථ හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කළහ.

ඇමැති රඹුක්වැල්ල මහතා ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවන් සමග සාකච්ඡාවකට ද වෘත්තීය සමිති සාමාජිකයන් සමඟ සාකච්ඡාවකට ද එක් විය. ඉන් අනතුරුව ආයතනයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීමේ සංචාරයකට ද එක් විය.

ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස, ලේකම් කුමුදු ගුණවර්ධන, මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක, නීති අධ්‍යක්ෂ රසාංග හරිශ්චන්ද්‍ර, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නිහාල් රත්නායක, ප්‍රධාන පරිපාලන නිලධාරී රෝහණ ආරියරත්න, ඇතුළු නිලධාරීහු ද දිනමිණ ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර, ඩේලිනිව්ස් ප්‍රධාන කර්තෘ ජයතිලක ද සිල්වා, සිළුමිණ ප්‍රධාන කර්තෘ කරුණාදාස සූරියආරච්චි, මහත්වරු ඇතුළු කර්තෘවරු ද මේ අවස්ථාවට එක් වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා