මුද්‍රණය සඳහා

 
රාජ්‍ය ඔසුසල්වලට බෙහෙත් කඩිනමින්

රාජ්‍ය ඔසුසල්වලට බෙහෙත් කඩිනමින්

දිවයිනේ ඇති සියලුම රාජ්‍ය ඔසුසල්වලට ඖෂධ සපයන මෙන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දී තිබේ. ඒ අනුව සියලුම ඔසුසල්වලට ඖෂධ සැපයීම මේ වන විටත් ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් ආරම්භ කරනු ලැබ ඇත.

ඉකුත් වසරේ දී ඔසු සල්වලට ඖෂධ සැපැයීම නවතා තිබීමට හේතුව වන්නේ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට රුපියල් ලක්ෂ තිස්පහක මුදලක් රාජ්‍ය ඖෂධ සංස්ථාව ණය වී ඇති හෙයින් බව කළ විමර්ශනවල දී හෙළි වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඔසුසල්වල පවතින ඖෂධ හිඟය පිළිබඳව ඇමැතිවරයා කළ සොයාබැලීම්වල දී මේ බව හෙළි වී ඇත.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]