සෝමාලියානු මුහුදු කොල්ලකරුවෝ ශ්‍රී ලාංකිකයන් 22ක් මුදා හරිති

සෝමාලියානු මුහුදු කොල්ලකරුවෝ ශ්‍රී ලාංකිකයන් 22ක් මුදා හරිති

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලාංකිකයින් විසිදෙනකු ඇතුළු පිරිසක් මුහුදු කොල්ලකරුවන් විසින් ඊයේ (11) දින නිදහස් කර තිබේ.

මේ පිරිස රැගත් එම්. වී. තල්කා නැමැති නෞකාව පසුගිය මාර්තු මාසයේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබෙන අතර එය ඔවුන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ ඕමාන් මුහුදු සීමාව ආසන්නයේදීය.

අදාළ නෞකාව හා එහි කාර්ය මණ්ඩලයේ විසිතුන් දෙනා නිදහස් කිරීමට කප්පම් මුදලක් ගෙවන ලෙස මුහුදු කොල්ලකරුවන් විසින් නැව අයත් තල්කා සමාගමට දැනුම් දී තිබූ අතර අදාළ නැව කාර්ය මණ්ඩලය නිදහස් කර ගැනීමට ඒ නැව් සමාගම මුහුදු කොල්ලකරුවන් සමග අවස්ථා කිහිපයකදීම සාකච්ඡා පැවැත්වීය.

කෙසේ වුවද එය අසාර්ථක වූ හෙයින් මේ පිරිස නිදහස් කර ගැනීමට නැව් සමාගම කප්පම් මුදල ගෙවූ බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීම සඳහා ඒ ඒ රටවල තානාපති අංශ මාර්ගයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි උත්සහයක් ගෙන තිබෙන අතර එය සාර්ථක කර ගැනීමට හැකිවීම පිළිබඳ සෑහීමකට පත්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් “දිනමිණ”ට පැවැසුවාය. ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද ඇය සඳහන් කළාය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා