මුද්‍රණය සඳහා

 
අධිකරණ භුමියේ දී පැන ගිය ‘ කුඩු ඉන්දික’ දැලේ

අධිකරණ භුමියේ දී පැන ගිය ‘ කුඩු ඉන්දික’ දැලේ

මාස තුනකට ඉහත දී කැස්බෑව අධිකරණ භූමියේ දී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලා ගිය සැකකරුවකු කහතුඩුව පොලිසිය විසින් පෙරේදා (10) දා කුඩමාදුවේදී අත් අඩංගුවට ගෙන තිබේ.

කුත් 2006 වසරේදී අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට කැස්බෑව අධිකරණයට කැඳවාගෙන පැමිණි අවස්ථාවේදී කුඩු ඉන්දික නමැති මේ සැකකරු මෙසේ පැනගොස් තිබිණි. පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව සැකකරු අත්අඩංගුව ගෙන ඇත.

කුඩමාදුව ජාතික නිවාසවල පදිංචි මේ සැකකරු 24 වියේ පසුවන්නෙකි. කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් පෙරේරා අපරාධ අංශයේ ස්ථානාධිපති උප.පො.ප. පන්නිල සිරිපාල මහත්වරුන් ප්‍රධාන නිලධාරීන් පිරිසක් එක්ව මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (11) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]