මරණ දැන්වීම්




එන්. ඩබ්. ඩී. ඥාණවතී (ඥාණා විතාන මෙනවිය) බෙල්ලන ‘’කළාණි’’ නිවසේ විසූ, අභාවප්‍රාප්ත පීටර් (ඇස් වෙදමහතා) සහ එම හාමිනේගේ දයාබර දියණිය වූද, ඩී. ජී. විතාන (විශ්‍රාමලත් පාඨශාලාචාරිණී), නන්දා විතාන (පෙර පාසැල් පාලිකා), ඩී. බී. විතාන (විශ්‍රාමලත් පාඨශාලාචාරිණී), ඩබ්.ඩී. ආරියදාස (විශ්‍රාමලත් ඉංග්‍රීසි ගුරු උපදේශක - මතුගම කලාපය), සරත් විතාන (මාණ්ඩලික කාර්මික නිලධාරී මොරටුව විශ්වවිද්‍යාලය), යන අයගේ දයාබර සොයුරිය වූ සිලොන් ලෙදර් ප්‍රඩක්ට්ස් (පී. එල්. සී) ආයතනයේ සේවයේ නියුතුව සිටි එන්. ඩබ්. ඩී. ඥාණවතී විතාන මෙනවිය හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2010.05.12 දින සවස 3 ට බෙල්ලන පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බව සියලු ඥාති මිත්‍රාදීන් වෙත දැනුම් දෙමු.

ඩී. බී. අතුකෝරාළ මහත්මිය - විශ්‍රාමලත් පාඨශාලාචාරිණී අභාවප්‍රාප්ත, වෛද්‍යාචාර්ය එල්. පී. විමලසේන මහතාගේ ආදරණීය භාර්යාවවූද, නිහාල් (ඕස්ට්‍රේලියාව) දීපාල් (ඇමරිකාව) ප්‍රසාද් (ස්විට්සර්ලන්තය) හා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ආචාරිණී ප්‍රියදර්ශනී ලියනගේ ගේ ආදරණීය මෑණියන් වූද, තලංගම කොස්වත්ත සෙත්සිරි මාවතේ පදිංචිව සිටි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ඩී. බී. අතුකෝරාල මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු 2010 මැයි මස 12 වන දින සවස 4 ට තලාහේන පොදු සුසාන භූමියේදීසිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමු.

මාලවන ප්‍රේමා පීරිස් නැසී ගිය පේ‍්‍රමසිරි මාලවන මාහතාගේ දයාබර භාර්යාව වූද, හයිඩ්‍රාමනී ආයතනයේ චිත්‍රා, නුවර (මහාමායා විදුහලේ ආචාරිණී, ප්‍රීමරෝස්, විදේශගතව සිටියදී නැසීගිය අරුණා, ජුපිට ට්‍රේඩින් සමාගමේ ශෙරිල් සහ ප්‍රෙමිලා යන අයගේ දයාබර මෑණියන් වූද, සරත්, ගාමිණී, උපාලි, සමන් යන අයගේ නැන්දනිය වූද, කොහුවල මල්වත්ත මාවතෙහි අංක 29 ඒ දරන නිවසේ විසූ මාලවන පේ‍්‍රමා පීරිස් මාතාව අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2010.05.12 සවස 5.00 ට කොහුවල පොදු සුසාන භූමියෙහි සිදු කෙරේ.

ලලිත් ගුණසේකර ලලිතාගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, නදීශාගේ පියාණන් වූද, නැසීගිය බන්දුල ගුණසේකර, සහ නැසීගිය සිසිලියා ගුණසේකරගේ ආදරණීය පුතණුවන් වූද, පදුමා, ඩේලියා, මංගල, නැසීගිය වසන්ත, වජිරා, සාලිය, තිලක් හා මාලතීගේ සොහොයුරා වූද, ලලිත් ගුණසේකර මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය. අවසන් ගෞරව සඳහා දැනට දේහය ගල්කිස්සේ මහින්ද මල් ශාලාවේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු මැයි මස 12 වෙනි බදාදා සවස 4.00 ගල්කිස්ස කනත්තේදී සිදු කෙරේ.

ලලිත් දුරගජවීර මහතා - නැසීගිය එඩ්ලින් දුරගජවීර මියගේ (කෘෂිකර්ම දෙපා. පර්යේෂණ නිලධාරිණී) ආදරණීය ස්වාමි පුරුෂයා වූද, චන්දන (යුනයිටඩ් මෝටර්ස්) උපේක්ෂා (මහජන බැංකුව) කමල් (මොබිටෙල් සමාගම) යන අයගේ ආදරණීය පියානන් වූද, ඉන්ද්‍රානි (නිවාස සංවර්ධන අධිකාරිය) අසංග (නැචුරබ් සමාගම) යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද, හෝමාගම දුම්රිය පල පාරේ අංක 44 හි පදිංචි විශ්‍රාමලත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරීක්ෂක නිලධාරී සාමවිනිසුරු (මුළු දිවයිනටම) දේශකීර්ති ලලිත් දුරගජවීර මහතා අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 2010 මැයි මස 13 වන බ්‍රහස්පතින්දා සවස 5 ට හෝමාගම පොදු සුසාන භූම්යේදීසිදු කරන බව සංවේගයෙන් දැනුම් දෙමු.

ලීලා විද්‍යානන්ද මාතාව - අභාවප්‍රාප්ත වෛද්‍යචාර්ය, සාම විනිසුරු ඩබ්ලිව්. එස්. විද්‍යානන්ද මහතාගේ (හිටපු ග්‍රාම සංවර්ධන දිස්ත්‍රික් නිලධාරි, සර්වෝදය ශාන්ති සේනා හිටපු උපදේශක, කඩුවෙල ආයුර්වේද සභාවේ හිටපු සභාපති) පි‍්‍රය භාර්යාව වූද, සෝමසිරි - ඕස්ට්‍රේලියාව, සුමනසිරි යුනයිටඩ් මෝටර්ස්, සනත් ඕස්ට්‍රේලියාව, සමන් - ඕස්ට්‍රේලියාව යන අයගේ දයාබර මෑණියන් වූද, ලීලා විද්‍යානන්ද මාතාව අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු මැයි මස 13 වැනි බ්‍රහස්පතින්දා ප.ව. 5 ට මාලබේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකරන බව සියලු ඥාති මිත්‍රාදීන් වෙත ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු. මෙයට ශෝකයට පත් පවුලේ ඥාතීන්, 360, රොබට් ගුණවර්ධන මාවත, මාලබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා