එජාප මන්ත්‍රීවරු පිරිසක් තිස්සට එරෙහි වෙති

‘කොට්ඨාස බල මණ්ඩල කැඳවූයේ නෑ’

එජාප මන්ත්‍රීවරු පිරිසක් තිස්සට එරෙහි වෙති

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ගත් තීන්දුවක් යැයි ව්‍යාජ ප්‍රකාශයක් කරමින් එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා, කොට්ඨාස බල මණ්ඩල නොකැඳවීමට එරෙහිව එජාප මන්ත්‍රීවරු පිරිසක් නීතිමය පියවර ගැනීමට සූදානම් වෙති.

පසුගිය 5 වැනිදා පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එවැනි තීන්දුවක් එක්සත් ජාතික පක්ෂය නොගත් බව අවධාරණය කර ඇති එම මන්ත්‍රීවරුන් පිරිස ඊයේ සිය නීතිඥවරුන් මඟින් නීතිමය පියවරක් ගැනීමට තීන්දු කර තිබේ.

ප්‍රතිසංවිධාන කටයුතු නිමා වෙන තෙක් කොට්ඨාස බල මණ්ඩල නොකැඳවන ලෙස මහ ලේකම්වරයා කොට්ඨාස සංවිධායකවරුන්ට ලිඛිතව දැනුම් දීම අසාධාරණ ක්‍රියාවක් බව එජාප මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා දිනමිණට ප්‍රකාශ කෙළේය.

කොට්ඨාස බල මණ්ඩල රැස්වුවහොත් පක්‍ෂ නායකයාගේ සිට සියලුම තනතුරු පක්ෂ මහ සම්මේලනයේදී ඡන්දයෙන් තෝරා පත්කර ගත යුතු බවට යෝජනාවක් ගෙන ඒමට සුුදානම් කර තිබෙන බවත්, භීතියට පත්ව ඇති පක්ෂ නායකයා පක්‍ෂ මහ ලේකම්වරයා මඟින් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කොට ඇති බවත් මන්ත්‍රීීවරයා කීය.

පක්ෂය මොන නිවේදන නිකුත් කළද කොට්ඨාස බල මණ්ඩල කැඳවා පක්ෂ ප්‍රතිසංවිධාන පිළිබඳ ජනතා යෝජනා මන්ත්‍රී කණ්ඩායමක් ලබා ගන්නා බවද කී හෙතෙම බල මණ්ඩල රැස්වීම් සඳහා පසුගිය මහ මැතිවරණයේදී සහභාගි නොවූ විශාල පාක්‍ෂික පිරිසක් සහභාගි වන බවද සඳහන් කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා