මාතර පුරපතිගේ සේවය අත්හිටුවයි

මාතර පුරපතිගේ සේවය අත්හිටුවයි

මාතර මහ නගර සභාවේ පුරපති උපුල් නිශාන්ත මහතාගේ සේවය අත්හිටුවා ඇත. ඊට අදාළ විශේෂ නිවේදනය දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන්. විජේලාල් ද සිල්වා මහතා නිකුත්කර තිබේ.

පුරපතිවරයාගේ පාලනයේ ඇති දුර්වලතා පෙන්වමින් නියෝජ්‍ය පුරපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ලිඛිතව කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීරණය ලබාදී ඇත.

පුරපතිවරයාගේ සේවය අත්හිටුවීමත් සමඟ ඇතිවූ පුරපතිධුරයේ වැඩබැලීම සඳහා නියෝජ්‍ය පුරපති රංජිත් යසරත්න මහතා පත්කර තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා