අංගොඩ උණ රෝහලේ අප ජල වළේ බැම්ම මර උගුලක්

අංගොඩ උණ රෝහලේ අප ජල වළේ බැම්ම මර උගුලක්

 ගබඩාවේ අප ජලය ගලා එන විශාල වළ හා කඩා වැටුණු තාප්පය පිළිබඳව ජයවර්ධන මහතා කරුණු දක්වමින්.

අංගොඩ උණ රෝහල් භූමියේ ඉදිකර තිබෙන රජයේ ප්‍රධාන බෙහෙත් ගබඩාවේ දිනපතා රැස්වෙන අප ජලය රඳවනයක් ලෙස කන්දක් කපා හාරා ඇති විශාල වළ හා එහි එක් පැත්තක පමණක් තැනූ කළුගල් බැම්ම ජීවිත වලට කුමන වේලාවක හෝ මරු කැඳවන උගුලක් බවට පත්වන බව ඒ අසල පදිංචි කරුවෝ කියති.

තමන්ගේ දැඩි විරෝධතා මධ්‍යයේ සිය නිවාස පිටුපස තිබූ විශාල පස් කන්දක් කපා මේ වළ හෑරීමට අදාළ ගොඩනැගිලි ඉංජිනේරු මහත්වරුන් ක්‍රියා කළ බවද කියන එම නිවැසියෝ මේ හේතුව නිසා මේ වන විට අධික වර්ෂාව පවතින දිනවලදී වළේ පිරෙන ජලය ගලාවිත් අඩි තුන හතරක් උසට නිවාස යටවී යන බවද කියති.

පසුගිය සතියේ පැවැති වර්ෂාවේදීද තමන්ට මේ අපහසුතාවට මුහුණ පාන්නට සිදුවූ බව කියන එම ජනතාව මීට වසර තුනකට ඉහත ඇතිවූ ධාරානිපාත වර්ෂාවකදී ජලය පිරී වළ උතුරා එම ජල පහරට හසුවූ බවද කියති.

මේ සිද්ධියට මුහුණ පා ඇති නිවැසියකු වන ජේ. ජයවර්ධන මහතා මම රජයේ සේවය අවසන් කරලා විශ්‍රාම ගත්තු අයෙකි.

ජල පහරට කඩා ගෙන ගිය කරුණාවතී මහත්මියගේ නිවසේ පසුපස කොටස.

බිරියත් දරුවන් දෙදෙනා හා මමත් දැන් අවුරුදු 17 ක සිට පදිංචි වෙලා ඉන්නෙ මේ ගෙදරයි.

ගබඩාව හදලා ඉවර වෙලා මෙතැන පස් කන්ද කපන අවස්ථාවේ අපි කීවා ඔය වගේ බොරු වැඩ කරලා ඔය එන වතුර පාර නවත්වන්න බැහැ.

පුළුවන් නම් විශාල බටයක් ඔස්සේ පහළ තිබෙන වෙලට ජල පාර හරවන්න කියලා. ඒක ගොඩනැගිලි ඉංජිනේරුවන් ඇහුවේ නැහැ.

වළ හෑරුවා ඊට පස්සේ තමයි හැම වර්ෂාවකදීම මේ වළ පිරිලා අපේ ගෙවල් වලට වතුර එන්න පටන් ගත්තේ බැම්ම තුනට කැඩී යන්න තරම් වතුර පාරක් එනවයි කීවාම කාට වුණත් තත්ත්වය තේරුම් ගන්න පුළුවන්නේ.

වර්ෂාව අධික දින වලට මගේ නිවසත් අල්ලපු වත්තේ නිවසත් අඩි දෙක තුනක් ජලයෙන් යට වෙනවා.

අලුතින් බැම්ම ඉදිකළාට ඒකට අවශ්‍ය ආධාරක සවිකර ගත්තේත් මාගේම වියදමින්.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා