නිවැසියන් සමග උරණ වී පොල්ගසක කළ වර්ජනය මරණයෙන් නවතී

නිවැසියන් සමග උරණ වී පොල්ගසක කළ වර්ජනය මරණයෙන් නවතී

දිවුලපිටිය පින්නලන්ද වත්තේ පදිංචිව සිටි 45 හැවිරිදි හදිරිප්පු රත්නපාල යන අය නිවැසියත් සමඟ ඇතිකරගත් ආරාවුලක් හේතුවෙන් පොල් ගසක මුදුනට නැග දින තුනක් වර්ජනයක යෙදී ඇත.

එම දින තුනේ අසල්වාසීන්, හිතවතුන් ගසෙන් බසින ලෙස කොතෙක් ඇවිටිලි කළද, නොබැසීම නිසා දිවුල පිටිය පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් ද පැමිණ ගසෙන් බසින ලෙසට කරනලද ඉල්ලීම ක්‍රියාත්මක නොවූ හෙයින් අසල්වාසීන් එකමුතුව ගසින් බස්වා ගැනීමට කටයුතු කර මාගල් කිහිපයක් ද ගෙන ගසින් වැටුණොත් හෝ පැන්නොත් දිවි බේරා ගැනීමට කටයුතු කර ඇත.

ඔහු ගසට නගිද්දී ගෙන ගොස් තිබූ භූ®මි තෙල් බෝතලය ඇඟට වත්කර ගෙන ගිනි තබාගෙන ඇත. මේ පුද්ගලයා ගසින් වැටෙත්ම පැදුරු අල්ලා, බිමට වැටීමෙන් වළක්වා ගින්න නිවා වහාම රෝහල්ගත කර ඇතත් ඔහු මියගොස් ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා