මුද්‍රණය සඳහා

 
චෙන්නායි වෙසක් උළෙලේ මෙවර දේශනය

චෙන්නායි වෙසක් උළෙලේ මෙවර දේශනය
මහාචාර්ය ආරියරත්නගෙන්

ශ්‍රී ලංකා මහා බෝ්ධි සංගමය, දකුණු ඉන්දියාවේ ශශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය හා එක්ව සංවිධානය කරන චෙන්නායි වෙසක් උළෙලෙහි විශේෂ

දේශනය මෙවර පවත්වනු ලබන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසිනි.

“දෙමළ බෞද්ධයා” යන මැයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පවත්වන දේශනය ලබන මැයි 30 වැනිදා සන්ධ්‍යාවේ චෙන්නායි මහාබෝධි මධ්‍යස්්ථානයේ දී පැවැත්වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා දෙමළ බෞද්ධයන් සම්බන්ධයෙන් කාලාන්තරයක් තිස්සේ විවිධ පර්යේෂණයන්හි නිරත වූවෙකි. මේ පර්යේෂණයන් පාදක කැර ගනිමින් එතුමන් විසින් රචිත “දෙමළ බෞද්ධයා” කෘතිය අතිමහත් පාඨක ප්‍රසාදයට භාජනය වූවකි.

ආරියරත්න මහතා ගේ පර්යේෂණාත්මක දේශනයෙන් ශ්‍රී ලංකාවට හා දකුණු ඉන්දියාවට අතිශය වැදගත් වන්නා වූ කරුණු රාශියක් එළි දැක්වීමට නියමිතය.

චෙන්නායි වෙසක් උළෙලට සමගාමීව වෙසක් සමරු දේශනයක් පැවැත්වීම ආරම්භ කැරුණේ 2003 වසරේ දී ය. මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න, ආචාර්ය ශිරාන් දැරණියගල, මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස, මහාචාර්ය එස්. පත්මනාදන් සහ මහාචාර්ය ජේ. බී. දිසානායක යන ලාංකේය විද්වතුන් විසින් මේ දක්වා මේ දේශන පවත්වා තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]