ගම්පහ පොල් ඉඩම්වලට අන්නාසි
ගම්පහ පොල් ඉඩම්වලට අන්නාසි
කොටදෙණියාව විශේෂ
ඉන්දික නිශ්ශංක පරණවිතාන
ගම්පහ දිස්ත්රික්කයේ කුඩා පරිමාණ පොල් ඉඩම්වල අන්නාසි අතුරු වගාවක් ඇති කිරීමටත්,
ඒ සඳහා පොල් ඉඩම් හිමියන්ට ආධාර කිරීමටත් පොල් වගා කිරීමේ මණ්ඩලය සැලසුම් කර ඇත.
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්රාදේශීය සංවර්ධන වැඩසටහන යටතේ උදාවන මේ
අවස්ථාව ගම්පහ දිස්ත්රික්කය තුළ අක්කර 1/2 සිට අක්කර 5 දක්වා වන කුඩා පරිමාණ පොල්
ඉඩම් හිමියන්ට හිමිවෙයි.
පළමු අදියරය සඳහා ඉඩම් හිමියන් 30 ක් තෝරා ගැනෙයි. අක්කර බාගයක් හෝ අක්කරයක්
වෙනුවෙන් එක් පැළයකට රු. 6/- ගණනේ පැළ 6000 ක් සඳහා රු. 36,000/- ක් ආධාර මුදල්
සැපයේ.
එක් අවුරුදු සහන කාලයකින් අනතුරුව එම ආධාර නැවත අයකර තවත් කුඩා පොල් ඉඩම් හිමියන්ට
ලබාදීමට හැකිවන පරිදි සකස් කර ඇති මේ වැඩපිළිවෙළට පොල් වගා කිරීමේ මණ්ඩලය පූර්ණ
අනුග්රහය දක්වයි.
පොල් ඉඩම්වල අතුරු භෝගයක් ලෙස අන්නාසි වගාකිරීමෙන් පොල්
වගාකරුවන්ට හොඳ ආදායමක් ලබාගත හැකි බව අත්හදා බැලීම් මගින් තහවුරුව ඇතැයිද පොල් වගා
කිරීමේ මණ්ඩලයේ ගම්පහ කාර්යාලය කියයි.
|