|
||
ඉන්දීය ක්රිකට් නායකත්වය වෙනස් වෙයි
මේ මාසයේ අවසානයේ සිම්බාබ්වේ හි ඇරැඹෙන තුන්කොන් ක්රිකට් තරගමාලාවට සහභාගි වන නවක ක්රීඩකයන්ගෙන් සැදුම්ලත් ඉන්දීය පිලේ නායකත්වය සුරේෂ් රයිනාට පැවරූ බව එරට ජාතික තේරීම් කමිටු නිලධාරීහු පැවසූහ. 23 හැවිරිදි රයිනා තුන්කොන් තරගමාලාවට පසුව පැවැත්වීමට නියමිත ඉන්දීය - සිම්බාබ්වේ ඕවර විස්සයි 20 තරග 2 සඳහා ද නායකත්වය දරනු ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය ප්රකාශ කළේය. මැයි 28 දා ඇරැඹෙන මේ තුන්කොන් ක්රිකට් තරගමාලාවට සහභාගි වන අනෙකුත් රට වන්නේ ශ්රී ලංකාවය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |