මුද්‍රණය සඳහා

 
ටෙනිස් ක්‍රීඩිකා කාවින්දාට ඖෂධ මණ්ඩලයෙන් අනුග්‍රහයක්

ටෙනිස් ක්‍රීඩිකා කාවින්දාට ඖෂධ මණ්ඩලයෙන් අනුග්‍රහයක්

කනිෂ්ඨ ලෝක ශූරතා කාන්තා ටෙනිස් තරගාවලිය යටතේ, චීනයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගිවීමට මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහලේ කාවින්දා ද සිල්වා ක්‍රීඩිකාවට අනුග්‍රහය දැක්වීමට ශශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩල Sri Lanka Chamber of Pharmaceuticals Industry ඉදිරිපත් වෙයි.

කාවින්දා ද සිල්වා ක්‍රීඩිකාව, පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ආනන්ද සමරසිංහ, එහි ලේකම් සුදර්ශන ජයතිලක යන මහත්වරු වෙති.

ඒ අනුව පසුගිය 7 වැනි දා අදාළ චෙක්පත ඇයට භාර දීම, පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත් විය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ආනන්ද සමරසිංහ මහතා සඳහන් කළේ, ක්‍රීඩිකාවගේ කුසලතා අනුව ඇයට ඉදිරියටත් උපකාර කිරීමට ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය බලාපොරොත්තු වන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ ටෙනිස් ක්‍රීඩාව ගම් මට්ටමින් ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති අතර ඒ අනුව කාවින්දා ද සිල්වා ක්‍රීඩිකාව මෙම දක්‍ෂතා දක්වා ඇති බවය.

ඇයට උපකාර කරන ලෙස ආයතන කිහිපයකින්ම ඉල්ලුවද ඉදිරියට පැමිණියේ ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

පෙරේදා සිට 15 වැනිදා දක්වා චීනයේ පැවැත්වෙන මෙම තරගාවලියට කාවින්දා සමඟ කොළඹ විශාඛා විද්‍යාලයේ ශිෂ්‍යාවන් වන නෙත්නී වඩුගේ සහ ඉසුරී මොල්ලිගොඩ ද සහභාගී වෙති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]