මුද්‍රණය සඳහා

 
බෝම්බ ප්‍රහාර මාලාවකින් ඉරාකය ඇළලෙයි

බෝම්බ ප්‍රහාර මාලාවකින් ඉරාකය ඇළලෙයි

100ක් මරුට : 350කට තුවාල

ඉරාකය පෙරේදා යළිත් වරක් බෝම්බ ප්‍රහාර මාලාවකට ලක්විය. මේවාට කාර් බෝම්බ ප්‍රහාර තුනක් සහ හදිසි සේවාවේ යෙදී සිටි කාර්යය මණ්ඩල ඉලක්කකර එල්ල කළ

ඉරාකයේ බස්රාහි පෙරේදා බෝම්බ පිපිරුම සිදු වූ ස්ථානයයි මේ

රොයිටර්

ප්‍රහාරද ඇතුළත් විය. මේ වසර තුළ බැග්ඩෑඩයේ අත්විදි ඉතාම බිහිසුණු දිනය මෙය ලෙස සැලකේ. රට පුරා ප්‍රහාර විසිපහක් පමණ සිදුවී තිබේ.

මේ ප්‍රහාරවලින් පුද්ගලයන් 100ක් පමණ මියගොස් 350 කට අධික පිරිසක් තුවාල ලැබූ බව වාර්තාවේ.

මාස දෙකකට ඉහතදී පැවති මහමැතිවරණයෙන් අනතුරුව ඉරාකය ස්ථාවර රජයක් පිහිටුවා ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටී. ලබන අගෝස්තු 31 දින වන විට, අමෙරිකන් හමුදා සම්පූර්ණයෙන්ම ඉරාකයෙන් ඉවත්ව යාමට නම්, ඉරාකයේ ස්ථාවර රජයක් තිබීම අත්‍යාවශ්‍ය බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.

අමෙරිකාව ඇතුලු බටහිර රටවල් මේ ප්‍රහාරය දැඩි සේ හෙළාදැක තිබේ.

බැග්ඩෑඩ් නගරයේ දකුණු දිග ප්‍රදේශවලට කාර් බෝම්බ ප්‍රහාර එල්ලවීමට ඉඩ ඇති බවට බුද්ධි අංශ විසින් ආරක්ෂක හමුදාවට කලින් අනතුරු අඟවා ඇත. බෝම්බ පිපිරීයාම් සිදුවී ඇත්තේ මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන අතරවාරයේදීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]