පිලිපීන ජනපතිවරණයෙන් අකිනෝට විශිෂ්ට ජයක්

පිලිපීන ජනපතිවරණයෙන් අකිනෝට විශිෂ්ට ජයක්

පිලිපීනයේ ජනාධිපති මැතිවරණයෙන් බෙනිග්නෝ අකිනෝට විශිෂ්ට ජයග්‍රහණයක් අත්වනු ඇතැයි අපේක්ෂිතය. මොහු හිටපු අගමැති කොරාසන් අකිනෝගේ පුත්‍රයායි. ඉකුත් දසකය තුළ පිලිපීනය පාලනය කෙළේ ජනාධිපති ග්ලෝරියා අරෝයෝ විසිනි. ඇයගේ පාලනය අතිශය දූෂිත එකක් ලෙස සැලකේ.

පදවි ප්‍රාප්තවීමට නියමිත නව ජනාධිපතිවරයා පිලිපීනයේ දූෂණය සහමුලින්ම තුරන් කිරීමට ප්‍රතිඥා දී තිබේ. ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් තිබූ අය අතුරින් 75%ක් ඡන්දය පාවිච්චි කර ඇති බවට බලධාරීහු පවසති.

පිලිපීන මැතිවරණවලදී දක්නට ලැබෙන සුපුරුදු ප්‍රචණ්ඩත්වය මෙවර මැතිවරණයේ දී ද හිස එස වූ බවට වාර්තා වේ.

මේ මැතිවරණයේ දී ජනාධිපතිවරයා ඇතුළු විවිධ තරාතිරමේ පාලකයන් 17,000 තෝරා පත්කර ගැනීමට නියමිත විය. ඡන්ද දිනයේ දී මිය ගිය සංඛ්‍යාව 10කි. මැතිවරණය හා සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මියගිය මුළු සංඛ්‍යාව 40ක් බව සඳහන්.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා