මාඕ කැරලිකරුවන් මඬින්න ජාතික හමුදාව යොදවන්න

මාඕ කැරලිකරුවන් මඬින්න ජාතික හමුදාව යොදවන්න

- ඉන්දීය ප්‍රාන්තවාසීහු

ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තයන් මාඕවාදී ප්‍රහාරයන්ට ප්‍රබල ලෙස ගොදුරුවෙමින් පවතී. වාමාංශික කැරැලිකරුවන් මර්දනය කිරීමට ජාතික හමුදාව යෙදවිය යුතු බවට මේ ප්‍රාන්තවාසීහු ඉන්දීය රජයට බල කරති.

මධ්‍යම ඉන්දියාවේ චටිස්ගාර් ප්‍රාන්තය දිගු කලක් තුළ මාඕවාදීන්ගෙන් බැට කන ප්‍රදේශයකි. ඉකුත් මාසයේ දී මාඕවාදීන් ප්‍රහාරයකින් චටිස්ගාර් ප්‍රාන්තයේ මධ්‍යම පොලිස් සංචිතයේ 76ක් මිය ගියහ. මේ අතර මාර්ගයේ අටවා තිබූ බිම් බෝම්බයකින් ආරක්ෂක හමුදාවේ තවත් 8 දෙනකේ මිය ගියහ.

චිටගාහි ස්වදේශ කටයුතු ඇමැතිවරයා මාඕවාදීන් සමඟ සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

පොලිසිය පවසන අන්දමට 2005 සිට මාඕවාදීන් විසින් ආරක්ෂක හමුදා භටයන් 460කට සහ සාමාන්‍ය වැසියන් 900කට අධික පිරිසක් මරාදමා තිබේ.

කෙසේ වෙතත්, ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය පී. චිත්තම්බරම් පවසන්නේ රජයේ හමුදාව යොදවා මාඕවාදීන් මර්දනය නොකළ යුතු බවයි. තවද, ඔවුන් ප්‍රචණ්ඩත්වය අත්හරින්නේ නම් මාඕවාදීන් සමඟ ඉන්දීය රජය සාකච්ඡා පැවැත්වීමට සූදානම් බවද ඔහු කියයි.

1967 දී බටහිර බෙංගාලයේ දී උපත ලැබූ මාඕවාදීන් දැන් නැඟෙනහිර සහ මධ්‍යම ඉන්දියාවේ ප්‍රාන්ත රාශියක ව්‍යාප්ත වී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා