සරෝජා! එන්න මල් පිපෙන හැටි බලන්න

සරෝජා! එන්න මල් පිපෙන හැටි බලන්න

ගහකොළ අතරින් ඉර එළිය යන්තමින් මහපොළවට වැටෙමින් තිබුණා. බරම බර ගිනි අවියක් අරගෙන ඇය පිට්ටනිය වටේ දුවමින් හිටියා. අම්මගෙ උණුහුමට ගුලිවෙලා නිදාගන්න අප්පගෙ එක්ක සෙල්ලම් කරන්න ඇත්නම් ඈට හිතුණා. මුළු හිතම විසිරිලා පුංචි පැටික්කි ඔසවාගත් අවියත් එක්ක පිට්ටනියේ සෑහෙන දුරක් ඇවිත්....එකපාරටම ඈ බිම වාඩිවුණා. කෙණ්ඩ පෙරලීමෙන් ඇතිවුණ වේදනාවට හයියෙන් ඇඩුවා. කාගෙවත් හිත උණුවුණේ නෑ. පහුවදා වෙනකොට හොඳටම උණ.

“ඒයි ‘ “නැගිටපං”

අනේ අද මට පුහුණුවීම් කරන්න අමාරුයි.

ඈ ගොත ගගහ කියාගත්තා.

“හිටපං උඹට”

එළියට ගිය පුහුණුකාරිය ආපසු ආවේ උණුවතුර කෝපපයක් ඇතැතිවය. එදා දඩුවමෙන් මේ පැටික්කිගෙ මුළු සිරුරම පිළිස්සී ගියා. අදත් ඊට සාක්ෂි ඇගේ සිරුරේ තැනින් තැන.

- හියුමන් රයිට්ස් සඟරාව

එල්.ටී.ටී.ඊ.ය ජීවිතේ බරපතළ හරිහැටි නොදත් දරුවන් ලවා තම සිතැඟි ඉටුකර ගත් බව අපිට නොරහසක්. පුරා දශක තුනකට අධික කාලයක් මෙම ව්‍යසනයට ලක්වූ දරුවන් අපමණ යි. ඒ හැවොම දේශයේ දරුවන් ය. දේශයේ අනාගතයය. මෙම දරුවන් අයථා ලෙස බඳවා ගැනීමේ සහ සේවයේ යෙදවීම පිළිබඳව නීති රෙගුලාසි වලට කුරිරු ත්‍රස්තවාදීන් ඇහුම්කන් දුන්නේ නැත.

මෙලෙස අඛණ්ඩව ළමුන් සොල්දාදුවන් ලෙස බඳවාගැනීම හා ක්‍රියාකාරී එදිරිවාදිකම් හි සහභාගි කරවීම පැහැදිලි ලෙස තහනම් කර ඇති ජාත්‍යන්තර මානව හිමිකම් මානව වාදී නීතිය උල්ලංඝනය කරන්නක් විය.

1998 වසරේ සිටම එල්.ටී.ටී.ඊය ජ්‍යෙෂ්ට එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට යළි යළිත් මේ සම්බන්ධව දුන් පොරොන්දු විහිළුවක් වීය.

යුද්ධයෙන් විපතට පත් ළමුන් සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ වූ ක්‍රියාකාරී සැලැස්මකි. එය 2004 මැද සිට පශ්චාද් යුද සමය පුරාම සාමකතාවල ප්‍රතිඵලයක් ලෙසින් අස්සන් තැබූ එකම මානව හිමිකම් ගිවිසුමයි. ගිවිසුම අනුව උතුරු නැගෙනහිර යුද්ධයෙන් විපතට පත් දරුවන් අධ්‍යාපනය, සෞඛ්‍යය, පෝෂණය, සේවා බොහෝ සාමාජික සත්කාර හා වෘත්තීය පුහුණුව ලබා දීමට සංවිධානය කළයුතු ය. එහෙත් එය වචන හා ගිවිසුම් කොන්දේසිවල සීමා පැවතියේය.

“ළමයින්” යනුවෙන් අදහස් කැරෙනුයේ අවුරුදු 18 ට අඩුවූවන්ය. 2002 වසරේ පෙබරවාරියේ දී පැවැති සටන් විරාම ගිවිසුම අනුව සිවිල් ජනතාවට හිරිහැරකිරීම බියගැන්වීම හා පැහැරගෙන යාම්ද තහනම් කෙරිණි. එසේ වුවද 2002 පෙබරවාරියේ සිට 2004 නොවැම්බර් දක්වා නැගෙනහිර මඩකළපුව ප්‍රදේශයේන් කළ ළමා බඳවා ගැනීම් සංඛ්‍යාව 3516ක් වනබව වාර්තා වෙයි.

ත්‍රිකුණාමලයේ යුනිසෙෆ් වාර්තාකාරිනියක හියුමන් රයිට්ස් වොච් සඟරාව ප්‍රකාශ කරන පරිදි සටන් විරාමයත් සමඟ දැවැන්ත බදවා ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ වී ඇත. උදව් ඉල්ලා පාසල් වලට බලපෑම් දිගිටම එල්ලවිය. එල්.ටී.ටී.ඊ,යේ මෙම බඳවා ගැනීමේ ක්‍රමවේදය කෙතරම් සූක්ෂම වීද යත් රජයේ පාලන ප්‍රදේශ වලටද ප්‍රවිශ්ට වී තිබිණ.

ප්‍රාදේශීය මානව හිමිකම් ක්‍රියාකාරීන් විශ්වාස කරන පරිදි රජයේ පාලන ප්‍රදේශයන්හි අරඹන ලද දේශපාලන කාර්යාල ළමුන් බලහත්කාරයෙන් බදවා ගැනීමේ කේන්ද්‍රස්ථාන බවට පත්වී ඇත.

1994 දී ළමුන් 19ට එකෙකු පැහැරගත් නමුත් 2004 වනවිට එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැදෙන ළමුන් 19 දෙනෙකුගෙන් ස්වේච්ඡාවෙන් බැදෙන්නේ එකකු පමණක් විය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නියැමයෙන් හියුමන් රයිට්ස් වොච් සඟරාවට එකල පැවැසුවේය.

එල්.ටී.ටී.ඊ.ය ළමුන් යුදමය කටයුතු සඳහා යොදවා ගැනීම සඳහා ප්‍රචාරය ආරම්භ කළේ පාසැලෙනි. ප්‍රාදේශීය පාසල්වලට යමින් එල්.ටී.ටී.ඊ.ය පිළිබඳ කතා පැවැත්වීය. තම සංවිධානය පිළිබඳ ධනාත්මක සිතුවිලි හුවා දක්වන චිත්‍රපට ප්‍රදර්ශනය කළේය. එල්.ටී.ටී.ඊ.යට බඳවා ගැනීමට වසරේ ජුලි මස සිසු සිසුවියන්ට ඉතිහාසය පිළිබඳ න්‍යාය ප්‍රශ්න පත්‍රයක් ලබාදී ඇති බව හියුමන් රයිට්ස් වොච් සඟරාව තවදුරටත් පෙන්වා දෙයි.

මොවුන්ගේ ඊළඟ පියවර වූයේ ගෙයින් ගෙට යෑමය. එසේ යමින් තම අවශ්‍යතාව ප්‍රකාශ කළ විට ශ්‍රී ලංකා හමුදාව සමග තමන්ට ප්‍රශ්න ඇත්තේ නැතැයි ප්‍රකාශ කරන්නට එඩිතර වූ පවුල් දැඩි තර්ජනයට ලක්වූහ. ළමුන් තම සංවිධානයට බඳවා ගැනීම සඳහා ඔවුන්ගේ ඊළඟ ප්‍රචාරක අවිය වන්නේ වීදිනාට්‍යයි.

එය අරගල පිළිබඳ වන ඉතා උද්‍යයෝගකර නාට්‍යයකි. ළමුන් ඉලක්ක කරගත හැකි නාට්‍යයේ ආරම්භය කුඩා පවුලක් වන අතර එහි අම්මා තාත්තා, සහ ළමුන් දෙදෙනකු සිටි. එක් ළමයකු ශ්‍රී ලංකා හමුදාව අතින් මරුමුවට පත්වෙයි. එම සිදුවීමෙන් පසු අනෙක් දරුවා එල්.ටී.ටී.ඊ.යට බැදීමට තීරණය කරයි. මව ඊට තරයේ විරුද්ධ වුවද ඒ හැර අන් මඟක් නොමැති හෙයින් ඊට ඉඩදීම අපගේ බුද්ධිමත් තීරණය යැයි දෙමාපියන් එකඟත්වයට එළඹෙයි. මෙය පැහැදිලි ලෙසම දරුවන් පොළඹවා ගනු පිණිස වූ කූට උපක්‍රමයක් විය.

මෙසේ බඳවාගනු ළමුන් පෙළඹුව ප්‍රාදේශීය දේශපාලන එල්.ටී.ටී.ඊ. කාර්යාල වල රඳවා ගනු ලැබිණි. අනතුරුව මූලික පුහුණුව සඳහා ගැහැනු හා පිරිමි ලෙස කාණ්ඩ කෙරිණි.

අපි කඳවුරේදී ශාරීරික අභ්‍යාස කළා. ආයුදවල ලෝහ කොටස් ගෙන ඒවා ගලවන්නට හා නැවත සවිකරන්නට ඉගෙන ගත්තා. ඉලක්කයට වෙඩිතැබීම් කළා. පොළවේ බංකර් හෑරුවා. යුද උපක්‍රම පුහුණු කළා.

- 13 වන වියේදී බදවා ගනු ලැබූ ගැහැණු ළමයෙක්

2002 වසරේ දී බඳවා ගනු ලැබූ වයස අවුරුදු 15ක් වූ තවත් ගැහැනු ළමයෙක් ප්‍රකාශ කළේ, එල්.ටී.ටී.ඊ.යට බැදිල අවුරුදු දෙකක් ගතවනවිටත් මට මගේ දෙමාපියන් දකින්න ලැබුණේ දෙපාරයි. මීළඟට ඔවුන්ට යොමු කරනු ලැබුවේ උසස් යුද පුහුණුව සඳහායි. එහිදී ප්‍රහාරක මෙහෙයුම් විශේෂිත ආයුධ පද්ධති පාවිච්චි කිරීම, බුද්ධි සේවා, හා ප්‍රථමාධාර හෝ පරිපාලනය පිළිබඳ පුහුණු විය.

පුහුණුවේදී යමෙකු පැනයන්න උත්සාහ කරද්දී අල්ලා ගනු ලැබුවහොත් එම ළමුන් දැඩි දඩුවම්වලට ලක්විය. එම පහරදීම් වලදී ඇතැම් ළමුන් මරණයට පත්වන අවස්ථාද විය. මේ එවැනි තවත් කාන්තාවකි. ඈ වයස දාහතරේදී එල්.ටී.ටී.ඊ,යට සම්බන්ධ වූවාය. ඉදිරි පෙළ සටන්වලදී ඈ බරපතළ ලෙස තුවාල ලදින් ආබාධිත වූවාය. එහෙත් ඊළඟ දවසේ එල්.ටී.ටී.ඊ,ය ඇගේ සහෝදරයා උදුරා ගෙන ගියේය.

“මම ඔබේ සංවිධානයට වසර ගණනක් සේවය කළා. දැන් මම ආබාධිතයි. වැසිකිලියට යන්න නැඟිටින්න, වතුර උගුරක් දෙන්න ඉන්නෙ මගේ සහෝදරයා විතරයි. එයාව මට ආපහුදෙන්න.

ඒ හඬට උණුවෙන හදවතක් එල්.ටී.ටී.ඊ.යට තිබුණේ නැහැ. එහෙත් අද දවස ඊට වඩා වෙනස් ය. ඒ දරුවන්ගේ හඬට ඇහුම්කන් දෙන සංවේදී හදවතක් ඇති නායකයකු රට සතුවීමය. ඔහු අපි ගලවා ගත්තේ ය. දේශයේ දරුවන් වෙඩිහඩින් මුදවා මල් වරුසා විසිරුවා හළේය. ඒ අන් කවරකුවත් නොව මේ දේශයේ පියා ය.

ඉතින් දරුවනේ , ආපසු නොහැරෙන්න, ඉදිරියට යන්න. මලින් සැසැදි ලොවක් ඔබ වෙනුවෙන් නැගෙනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා