TMVP සංවිධායිකා පක්ෂයෙන් අස්වෙයි

 TMVP සංවිධායිකා පක්ෂයෙන් අස්වෙයි

ටී. එම්. වී. පී. පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායිකා එම්. ඒ. ජුඩි දේවදාසන් මහත්මිය එම තනතුරින් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ. පසුගිය මහ මැතිවරණයට ටී. එම්. වී. පී. පක්ෂයෙන් තරග කළ එම මහත්මිය එහි කණ්ඩායම් නායිකාවද වූවාය.

මෑත කාලයේ ටී. එම්. වී. පී. නායක මහ ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරී වශයෙන් ඒ මහත්මිය කටයුතු කර තිබුණි. මහා මැතිවරණ සමයේ සිදුවූ සිද්ධීන් කිහිපයක් මේ ඉල්ලා අස්වීමට මුල් වී ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ටී. එම්. වී. පී. නායක මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවසුවේ ජූඩි දේවදාසන් මහත්මිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා