විශිෂ්ට ජනතා සේවයක නියැළෙන කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

විශිෂ්ට ජනතා සේවයක නියැළෙන
කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් යූ.කේ. එස්. මිහිඳුකුලසූරිය මහතා තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශේෂත්වය පිළිබඳව අදහස් දක්වමින් කඩුවෙල 230,000කට අධික ජනගහනයක් වෙසෙන කොට්ඨාසයක්. ලංකාවේ වැඩිම මෝටර් රථ බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීම සිදුවන්නෙත් අප කාර්ලායෙන්.

කාර්යක්ෂම සේවාවක්

බස්නාහිර පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත්, ලියාපදිංචි වාහන ආදායම් බලපත්‍ර විනාඩි (2 ක්) වැනි සුළු කාලයක දී නිකුත් කෙරෙනවා. උප්පැන්න හා මරණසහතික ලබාදීමේ දී ද ඉතා සුළු කාලයක් තුළ සහතික නිකුත් කිරීමට හැකියාව තියෙනවා.

විශ්‍රාමිකයන්ට මහඟු සේවාවක්

9000කට අධික ප්‍රමාණයක් අප කාර්යාලයේ සේවය ලබනවා. ඉතා කඩිනම් කාර්යක්ෂම සේවාවක් මහජනතාවට ලබාදීම සඳහා නවීන අංගෝපාංග සහිත තෙමහල් ගොඩනැගිල්ලක් ඇතුළු භෞතික පහසුකම් රැසකින් අප කාර්යාලය සමන්විතයි.

පරිසර සංරක්ෂණය

ඓතිහාසික හා පාරිසරික වශයෙන් වැදගත්කමක් උසුලන, කඩුවෙල කොට්ඨාසය පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලය, කඩුවෙල රංකඩු දේවාලය, කොරතොට රජමහා විහාරය වැනි ආගමික වශයෙන් වැදගත් පූජනීය ස්ථාන මෙන්ම පාරිසරික වශයෙන් වැදගත් කැලණි ගං මිටියාවත, කොරතොට, දැඩිගමුව වැනි රක්ෂිත කඳු ප්‍රදේශවල පිහිටි කොට්ඨාසයක්.

කැලණි ගඟ අවට රක්ෂිත ප්‍රදේශ හඳුනාගෙන සංවේදී කලාපයන් නම් කිරීමටත් වැලි ගොඩදැමීමේ නවබලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්නටත් කටයුතු කළා.

ඒ වගේම ආඳා දොල කන්ද, දැඩිගමුව කන්ද වැනි ස්ථානවල ගල්කැඩීම සීමා කරන්නත්, අනවසර ගල් කැඩීම නවත්වන්නත් කටයුතු කරල තියෙනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා