මුද්‍රණය සඳහා

 
චීනයේ ගල් අඟුරු බලාගාරයක පිපිරීමකින් 10ක් මරුට

චීනයේ ගල් අඟුරු බලාගාරයක පිපිරීමකින් 10ක් මරුට

උතුරු චීනයේ ෂෑන්ක්සි පළාතේ ගල් අඟුරු ආකරයක ඊයේ ඇතිවූ වායු පිපිරුමකින් 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව එක් අයකු අතුරුදන්ව සිටින බව රාජ්‍ය මාධ්‍යයෙන් ප්‍රකාශ වී තිබේ.

අනතුර සිදුවන විට 41 දෙනකු එහි සේවය කරමින් සිට ඇත. ඉන් 30 දෙනකු ආරක්ෂා සහිතව ගොඩගෙන තිබේ. ගැලවුම් කටයුතු ඊයේ අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර අනතුරට හේතුව සෙවීම සඳහා පරීක්ෂණයක් පැවැත්වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]